
(අංජුල මහික වීරරත්න සහ අමදෝරු අමරජීව)
ආර්. සම්පන්ධන් ද්‍රවිඩ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නායකයෙක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඔහු නිරතුරුවම නොබෙදුනු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් කැප වූ බවද ජනාධිපතිවරයා කීය.
ආර්. සම්පන්ධන් මහතා සමඟ එකඟත්වයෙන් යුතුව ඉදිරියට ගෙන ආ එම සාකච්ඡා සාර්ථකව අවසන් කිරීමට සියලුදෙනා එක්විය යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ආර්. සම්පන්ධන් මහතාගේ අවමංගල්‍ය අවස්ථාවට ත්‍රිකුණාමලය පිහිටි ඒ මහතාගේ නිවසේ දී අද (07) පස්වරුවේ එක් වෙමිනි.
හිටපු විපක්ෂ නායකවරයෙක් මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ආර්. සම්පන්ධන් මහතාගේ අවමංගල්‍ය උත්සවය පක්ෂ, විපක්ෂ දේශපාලන නායකයන් මැති ඇමතිවරු ඇතුළු විශාල ජනතාවගේ සහභාගිත්වයෙන් අද (07) පස්වරුවේ සිදු කෙරිණි.
ඡායා අමදෝරු අමරජීව

2025 දෙසැම්බර් මස 18
570
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සම්පන්දන් පෙනී සිටියේ ලාංකිකයන් වෙනුවෙන්
Prabha Sunday, 07 July 2024 11:19 PM
ඔහොම බොරු කියන්න එපා මනුස්සයෝ .පොලව පලාගෙන අපායට යයි
රංබොඩ Sunday, 07 July 2024 11:34 PM
සමස්ථ ශ්‍රී ලාංකිකයින්ගේ අවශ්‍යතාවය ඊළම ද ?
Saman Monday, 08 July 2024 06:36 AM
නිකන් බොරු කියන්න එපා
Roshan Monday, 08 July 2024 09:47 AM
සම්බන්ධන් කොයිම වෙලාවකවත් ද්‍රවිඩ ජනතාව හෝ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් පෙනී හිටියෙ නෑ.... තමාගේ බඩ ගෝස්තරය රැක ගන්න තමාගේ සුඛවිහරණය පිනිස එල් ටී ටී ඉ එකට කඩේ ගිය එක කොටි ඩයස්‌පෝරාව එක්ක ලංකාවට විරුද්ධව වැඩ කරපු එක තමයි කරේ.
වික්කම සිංහ Monday, 08 July 2024 10:08 AM
මේ මළගෙදර මෙයා තුන් පාරක් ගියා. කොළඹදි දෙපාරයි. ත්‍රිකුණාමලයට එක පාරයි...ගොඩාක් දුක හිතිලා වගේ. සම්බන්ධන් එක්කම ගියානම් හොඳයි නේ...
saman Monday, 08 July 2024 10:23 AM
එන්න අපි බොරු කාරයෙක් ජනපති කරමු
Jayasekara Monday, 08 July 2024 11:40 AM
ඔහොම තඩි පච කියන්න එපා මනුස්සයෝ ඉන්නකල් කරේ ජාතින් දෙක බේද කරන එක...
ගමේ එකාලා Monday, 08 July 2024 12:28 PM
දේසපාලුවෝ කවද්ද හරියට ඇත්තක් කිව්වේ,රට බංකොලොත් කරපු දූෂිත දේසපාලුවොත් ඔය ගමන යන්නේ, කවද්ද කියලා අපිත් බලාගෙන ඉන්නේ?
Hafeel Monday, 08 July 2024 02:11 PM
පට්ටපල් කුණු ගඳ ගහන බොරු. සම්පන්දන් කවදාවත් සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේ නැත. මෙච්චර වයසට ගිහින්, ඇවිදින්න බැරිව සහ රෝගාතුරව සිටිය මොහොතේ හෝ ඊළඟට ලැයිස්තුවේ ඉන්න තමාගේ සහෝදර සාමාජිකයාට හෝ එම අවස්ථා නොදුන් මේ සම්පන්දන්, ද්‍රවිඩ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින එක විහිළුවක්... කොළඹ සුපිරි නිවසක මහජන මුදලින් ජීවත් වුණා මිස අඩු තරමින් ඔහුව පත් කරපු ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් හෝ පෙනී සිටියේ නැත.
Bamunuarachchi Tuesday, 09 July 2024 04:56 AM
ඔව් ඔව් අපි ඒ බව කොටි යුද්දේ කාලේ හොඳටම දැක්කා.