IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සුමනා හඬ නිහඬ වේ

(ආරියරත්න රණබාහු)

ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදීනි සුමනා ජයතිලක මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ  ඉතා ජනප්‍රිය වැඩසටහනක් වූ හඳ මාමා වැඩසටහනේ ආරම්භක නිවේදිකාව ඇය හැඳින්වූයේ හඳ නැන්දා ලෙසය

ශ්‍රී ලංකා ගුවන්විලි සංස්ථාවේ විදුලි සංස්ථාවේ නිවේදිකාවක් ලෙස 1963 දී සේවයට බැඳී ඇති අය අතිරේක අධ්‍යක්ෂක ජෙනරාල් වරියක් ලෙස සේවයෙන් විශ්‍රාම ලබා ඇත්තේ 1984 වසරේ දිය ඇය ප්‍රවීණ සාහිත්‍යවේදී දිවංගත කේ ජයතිලක මහතාගේ බිරිද වේ

 



අදහස් (11)

සුමනා හඬ නිහඬ වේ

නලීන් Thursday, 04 July 2024 08:27 AM

කුඩා කල ඔබ අපිට දුන් දැනුම, ඔවදන් මතින් අද සමාජයේ සමබර ආදර්ශමත් ජීවිත ගත කරන්නට අපට හැකියාව ලැබී ඇත. අපේ හඳ නැන්දේ හඳ මාමා එක්ක ආයෙත් අපිව බලන්න එන්න.

:       0       48

මැක්ස් Thursday, 04 July 2024 09:45 AM

කුඩා කල අප නැළවූ ඒ ප්‍රතාපවත්, සෙනෙහෙබර කට හඬ! නිවන් සුව ලැබේවා ඔබට හඬ නැන්දේ!

:       0       43

shanthi Thursday, 04 July 2024 10:03 AM

අපිට දුන් දැනුම, ඔවදන් මතින් අද සමාජයේ සමබර ආදර්ශමත් ජීවිත ගත කරන්නට අපට හැකියාව ලැබී ඇත. ඔබට නිවන් සුව ලැබේවා !!

:       0       32

hemachandra Thursday, 04 July 2024 10:15 AM

හඳ නැන්දා ඔබට නිවන් සුව

:       0       23

ලුම්බිණි Thursday, 04 July 2024 10:46 AM

සුබ ගමන්!

:       0       13

Anura Pathirana Thursday, 04 July 2024 11:17 AM

හඳ නැන්දා ඔබට නිවන් සුව

:       0       14

සමන් Thursday, 04 July 2024 11:36 AM

අනේ මෙතුමියල නෙවෙයි අර ලංකා ගුවන් විදුලි සංස්ථාව අරක්ගෙන ඉන්න හඩ්ඩොනෙ යන්න ඕනෙ. අපි ආසාවෙන් අහපු සිංහල වෙළඳ සේවෙන් දැන් වැඩියෙන් ඇහෙන්නෙ ඉංග්‍රීසි. ඒකත් කොහෙද යන හාල්පාරුවෙක්ගෙ ගෝරණාඩුවක්. ජයතිලක මැතිණියනි, ඔඹට අජරාමර නිවන් සුව.

:       0       15

විජිත් Thursday, 04 July 2024 01:54 PM

අපි චුටිම චුටි කාලේ ගුවන් විදුලියේ " හඳ මාමා " වැඩසටහනින් එතුමිය අපිව ඇමතුවේ " පොඩිත්තන් සහ පොඩිත්තියන් " කියලා . ඉතාම වටිනා අවවාද වලින් අපේ සිත් පුරවා , හොඳ නරක කියාදී, " හොඳ මිනිසෙක් " ලෙසින් අපිට ජිවන මගේ මේ තාක් දුරට ඇවිදගෙන යන්නට ඔබතුමිය දුන් දිරිය,ශක්තිය ..අවවාදම ඇති ඔබ තුමියට උතුම්වූ නිවන අත්විඳින්නට. නැන්දාට නිවන්සුව ලැබේවා !!! අපි චුටිම චුටි කාලේ ගුවන් විදුලියේ " හඳ මාමා " වැඩසටහනින් එතුමිය අපිව ඇමතුවේ " පොඩිත්තන් සහ පොඩිත්තියන් " කියලා . ඉතාම වටිනා අවවාද වලින් අපේ සිත් පුරවා , හොඳ නරක කියාදී, " හොඳ මිනිසෙක් " ලෙසින් අපිට ජිවන මගේ මේ තාක් දුරට ඇවිදගෙන යන්නට ඔබතුමිය දුන් දිරිය,ශක්තිය ..අවවාදම ඇති ඔබ තුමියට උතුම්වූ නිවන අත්විඳින්නට.නැන්දට නිවන්සුව ලැබේවා !!!

:       0       14

ලීල් පිරීස් Thursday, 04 July 2024 06:02 PM

"නැන්දාට අමරණීය වු නිවන් සැප ලැබේවා " මට අවු:57, එදත් මට නින්දා, හෙටත් මට නින්දා, හඳමාමා වැඩ සටහන ආරම්භ කිරීමට පෙර යන වාදනය එක්ක ගැඹුර සහ නිවැරදි භාෂා උච්චාරණයකීන් යුත් ඈව දකින්නෙමි. අදටත් ඒ මතකය අවදි කරන්නේය...

:       0       5

Dil Friday, 05 July 2024 09:44 PM

ගෙදරම සිටි මගේම ආදරනීය නැන්දා නැතිවුණා වගේ... ආදරනිය හඩ නිහඬ උවත් මතකය සදහටම පවතිවි. අජරාමර නිවන් සුව

:       0       0

ඒ.කේ. අමුණුගම Friday, 05 July 2024 10:05 PM

භාෂාවේ ජීව ගුණයෙන්ම පිවිතුරු හදවත්වලට විසිතුරු සිතිවිලි එක්කර දැයක් සැනසු ඔබ අසමසමයි. දරුවන්ගේ හදවත් කෙලසන වත්මන් මාධ්‍යයින්ට ඔබේ දූවිල්ලක්වත් පයගැටී නොමැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site