IMG-LOGO

සැමන් මිල ඉහළට

(සුජිත් හේවාජුලිගේ සහ  දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

වෙළෙඳපොළේ ලොකු සැමන් ටින් එකක මිල  රුපියල් 600ක්  දක්වා  ඉහළ නැගීමෙන්  පාරිභෝගිකයෝ දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති.

ලොකු සැමන් ටින් එකක මිල  මේ දක්වා පැවැතියේ රුපියල් 450ත් 500 ත්  අතර මිලකටය.

මීට අමතරව බිත්තර, මස්, මාළු කරවල සහ එළවළු මිල ගණන්ද දරාගත නොහැකි  අන්දමට වැඩි වීමෙන් තමන් දැඩි   දුෂ්කරතාවයට පත්ව සිටින බව  පාරිභෝගිකයෝ  පවසති.

බොහෝ වෙළෙඳසල්වල බිත්තරයක මිල රුපියල් 48 ත් 50ත් අතර  සංඛ්‍යාවක්  දක්වා  ඉහළ නැග තිබෙනු දැකගත හැකි විය.

කුකුළු මස් කිලෝ එකක මිලද   රුපියල්  1250ක් දක්වා ඉහළ නැඟ ඇත.

සෑම වර්ගයකම කරවල මිලද දෙගුණයකින් පමණ වැඩිවී ඇතැයි වෙළෙඳපොළ ආරංචිමාර්ග සඳහන් කරයි.

සැමන් මිල සම්බන්ධයෙන්  අප කළ විමසුමකදී අදහස් දැක්වූ සැමන් බෙදාහැරීමේ සමාගමක   ප්‍රධානියකු පැවසූවේ සියලු වියදම් වැඩිවීම නිසා ලොකු සැමන් ටින් එකක මිල රුපියල් 750 ක් දක්වා වැඩිවිය හැකි බවයි.

මේ අතර දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන්ද  සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව එහි ව්‍යාපාරිකයෝ  පැවසූහ.

ආර්ථික මධ්‍යස්ථානයට එළවළු ලැබීම සියයට 80 කින් පමණ අඩුවීම  මීට හේතුවී ඇතැයි  පවසන එම ව්‍යාපාරිකයෝ තක්කාලි කිලෝවක්  රුපියල් 600 කටත් බොංචි කිලෝවක් රුපියල් 550කටත් වැටකොළු වම්බටු කරවිල ආදී එළවළු  කිලෝවක් රුපියල් 300 කටත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ අලෙවි කෙරුණු බව ප්‍රකාශ කළහ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය දවසින් දවස අඩුවෙමින් පවතින බවත් ඉන්ධන,සහ පොහොර නොමැතිවීම හේතුවෙන් එළවළු වගාවෙන් ගොවීන් විශාල වශයෙන් ඈත්වීම නිසා මේ තත්වය උදා වී ඇති බවත් වෙළෙඳපොළ ආරංචිමාර්ග සඳහන් කරයි.



අදහස් (4)

සැමන් මිල ඉහළට

Dharmatileke Monday, 06 June 2022 03:00 PM

මේ සැමන් නෙවේ.. මේ මැකරල්... ඔය මිලට සැමන් කන්න පුළුවන් නම් වෙන මාළු මොකටද?

:       0       4

දිමුත් Monday, 06 June 2022 03:05 PM

අසරණ මිනිස්සු පව්... අගමැති මාරු වුණා කියලා වුණු දෙයක් නැහැනේ?

:       3       6

fairoos Monday, 06 June 2022 04:38 PM

නන්දසේන රටට කළ විනාශයේ තරම... ජාතිවාදයෙන් රට කරන්න ගිහින් මුළු රටම කෑවා...

:       0       8

බද්රානි Monday, 06 June 2022 06:46 PM

වඳ කොත්තු කාලා පෝෂණය වුණු අපි මොකටද දැන් වැඩි මුදලට සැමන් කන්නේ? කීයක් හරි වැඩි ගාණක් දීලා වඳ කොත්තුවක්ම කනවානේ..

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 386 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 87 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 270 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site