මේ දිනවල විකාශය වන "අංකල් සෑම්" හා 'වස්සානේ ප්‍රේමයයි' ටෙලිනාට්‍ය තුළින් ඔබ ආලින්දනයට ගොඩ වදින සමාධි පෙරේරා නව පරපුරේ යොවුන් නිළියකි. දැනට ටෙලිනාට්‍යය රැසක් සඳහා සිය රංගන දායකත්වය ලබා ඇති සමාධි ඉදිරියේදී තවත් ටෙලි හා සිනමා නිර්මාණ කිහිපයක් තුළින්ම ඔබ හමුවට පැමිණිමට සූදානමින් සිටින්නීය. මේ දිනවල විකාශය වන "අංකල සෑම්" හා "වස්සානේ ප්‍රේමයයි" ටෙලි නාට්‍යය තුළින් මෙන්ම ඉදිරියේදී විකාශය වීමට නියමිත ටෙලි නාට්‍යය කිහිපයක ඇයට ලැබී ඇත්තේ නපුරු චරිත වීම විශේෂත්වයකි. ඒ පිළිබඳව සමාධි "සාරවිට" අපට පැවසුවේ මෙවැන්නකි.
"අංකල් සෑම්" හා "වස්සානේ ප්‍රේමයයි" ටෙලිනාට්‍යය චරිතවලට ඉහළ රසික ප්‍රතිචාර මේ දිනවල ලැබෙනවා. ගොඩක් දෙනෙක් නම් මට සුබපතනවා වෙනුවට බනිනවා ඔච්චර නපුරු වෙන්න එපා කියලා. "දේදුණු", "මොණර කඩදාසි", "උතුම් පැතුම්" හා මගේ මුල්ම ටෙලි නාට්‍යය "වරාමලී" හි මම එකිනෙකට වෙනස් විවිධ චරිතවල රඟපෑවා. නමුත්, මේ දිනවල රඟපාන්න ලැබුණ චරිත ගත්තොත් ඒ අතර ගොඩක් තියෙන්නේ නපුරු, කටකාර, කපටි චරිත. ඉතින් ගොඩ දෙනෙක් මේ දවස්වල මාව කළු චරිත ගොඩට දාලා කතා කරනවා. ඒ වගේම මා රංගනයෙන් දායක වුණ "උලත් එකයි පිළත් එකයි" චිත්‍රපටය ඉදිරියේදී ප්‍රදර්ශනය වෙන්න නියමිත වෙලා තියෙනවා. ඒ මගේ පළමු චිත්‍රපටය නිසා ගොඩක් ආසාවෙන් ඉන්නවා. හොඳ රසික ප්‍රතිචාර ලැබෙයි කියලා.
බුද්ධික සේනාධීර
2025 දෙසැම්බර් මස 18
653
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
320
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1107
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමාධි කළු වෙලාලු