IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සුමාත්‍රා දූපත් හෙල්ලෙයි

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආසන්නයේ රිච්ටර් මාපකයේ 7.9 ක භූකම්පනයක් ඇතිව ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

සුමාත්‍රා දූපත් අවට ප්‍රදේශයට සුනාමි අනතුරු සංඥා නිකුත් කර ඇත.3

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත්හි නිරිත ප්‍රදේශයට ආසන්නයෙන් භූකම්පනය ඇතිවී ඇතැයි ද  කියති.

භූකම්පනයෙන් ඇතිවූ හානිය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නැතැයි විදෙස් පුවත් සේවා පවසයි. මෙම භූකම්පනය හේතුවෙන් ඉන්දියාවේ සුනාමි අනතුරු හැඟවීමක් නිකුත් කර නැතැයිද ඉන්දියාවට එයින් බලපෑමක් ඇති නොවන බවද ඉන්දියාවේ හයිද්‍රාබාද් හි සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.

රිච්ටර් මාපකයේ 7.9ක භුකම්නයකදී ඉතා විශාල හානි සිදුවන බව කාලගුණ විද්‍යාඥයෝ කියති. ගොඩනැගිලි කඩා වැටීම ආදී දරුණු ප්‍රතිඵල හටගන්නා බවත් එය ප්‍රබල භූකම්පනයක් ලෙස හඳුන්වන බවත් කියති.

මීට පෙර 2004 වසරේ දී සුමාත්‍රා වේ අචේ දූපතේ සිදුවූ රිච්ටර් මාපකයේ 9.1 ක අගයකින් යුත් භූකම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි බලපෑමක් ඇතිවී ජීවිත විශාල ගණනක් අහිමි විය.

tsunami_201632WtmO



අදහස් (0)

සුමාත්‍රා දූපත් හෙල්ලෙයි

කලණි විතානගේ Wednesday, 02 March 2016 02:07 PM

අපි බැටකවා හොඳටම ඇති. එහෙත් භූ කම්පනය සිදුව ඇති ප්‍රදේශයට අපි විවෘතයි වගේ. (බ)

:       0       0

ලලිත් Wednesday, 02 March 2016 04:26 PM

අපේ අර සහෝදර වරුන්ට ඒකාබද්ධ කට්ටියටයි උද්ඝෝෂණයක් කරන්ඩ හොඳ අවස්ථාවක් ඔන්න. භූමිකම්පා නවත්වන්න කියලා බහිමු පාරට නැතිනම් ගහමු පොල්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site