පැය විස්සක පමණ කාලයක් අරලගංවිල කන්දේගම මහ කැළයේ අතරමන්ව සිටි සාමණේර හිමිවරුන් සිව්දෙනෙක් අද උදෑසන සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර කියයි.
අලි ඇතුන් ගහණ මහ වනයේ තිබෙන සිය කුටිවලට මෙම සාමණේරවරුන් වැඩම කළේ පෙරදින පෙරවරු 11 ට පමණය.
ඉන්පසු උන්වහන්සේලා ගැන කිසිඳු තොරතුරක් නොලැබීම නිසා යුධ හමුදාව,පොලිසිය,පොලිස් විශේෂ කාර්ය බලකාය හා ප්‍රදේශවාසීන් එක්ව ඔවුන් සොයා වනය පීරා ඇත.
ඡායාරූප - නිමල් ජයරත්න
2025 දෙසැම්බර් මස 18
491
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සාමණේර හිමිවරු සොයා ගැනෙති
ජැක්සන් ආරචිපාල Monday, 23 November 2015 08:39 AM
ලාබාල සාමණේර හිමිවරුන් අලි ඇතුන් ගහණ මහ වනයක රිංගවා ලබා දීමට යන විමුක්තිය කුමක්ද? බුදු දහමට සම්පූර්ණයෙන් පටහැනිය. පිරිසක් සුපිරි ලෞකික සම්පත් විදිමින් මේවාට නිහඞව සිටීම පුදුම සහගතය. අනෙක් රටවල කුඩා සාමණේර හිමිවරුන් වනගත වන්නේ වැඩිහිටි හිමිවරු සමගිනි.(ම)
ලක්සිරි Monday, 23 November 2015 08:43 AM
සිය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වුවත් මහන වී ඇත්නම් එය සසරේ කෙනෙකුට කරගත හැකි ඉතාමත් කුසලානිසන්සයකි. සාසනයට තම දරුවෙක් දන්දීමෙන් දෙමව්පියන්ද ගෙවා නිම කළ නොහැකි පුණ්‍ය ක්‍රියාවකි සිදු කරගනු ලබයි. (ම)
කිංග්ස්ලි පෙරේරා Monday, 23 November 2015 09:49 AM
ඉතින් කොහෙද උන් වහන්සේලා වැඩලා තියෙන්නේ මෙච්චර වෙලාවක් ? (බ)
සුනිල් ගිකියනගේ Monday, 23 November 2015 05:33 AM
පොඩි හාමුදුරුවරුන්ට ගෙදර මතක්වෙලා වාගේ (ම)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Monday, 23 November 2015 06:14 PM
ඉස්සර විදියට දුවපැන යන එක මතකද තහනම් කරපු දිනේ..... සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද කියන්න පොඩි හාමුදුරුවනේ.... පරිසරයට ආදරේ නිසා නොදැනීම කැළයට යැවෙන්න ඇති. සුපිරි අසපු වලට වඩා මේ වගේ තැන් හොඳයි. බලන්න සාමණේර හිමිවරුන්ට සතා සිව්පාවගෙන්වත් කරදරයක් වුණේ නැහැ (නි)
සහන් Monday, 23 November 2015 12:52 PM
පව් අනේ... (ර)
බණ්ඩාර Monday, 23 November 2015 07:27 AM
ඇත්තටම මේ දරුවෝ සිය කැමැත්තෙන් මහණ වූ අයද ? (ම)