IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘‘ස්මාට් වින්‘‘ සමාගමේ අධ්‍යක්ෂවරුන් රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

වල්ලපට්ටා වගාවේ ආයෝජනය කර ප්‍රතිලාභ ලබා දෙන බවට පවසා ජනතාවගේ රුපියල් කෝටි ගණනින් වංචා කළේ යැයි කියන කුරුණෑගල "ස්මාට් වින්" පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරුන් තිදෙනකු ලබන 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද (14) නියෝග කළාය .

සැකකාර සමාගම ස්මාට් වින් නමින් පවත්වාගෙන ගිය වෙබ් අඩවියය සම්බන්ධයෙන් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මගින් පූර්ණ විශ්ලේෂණ වාර්තාවක් කැඳවන ලෙසටද නියෝග කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ වංචා විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ වල්ලා පට්ටා ව්‍යාපෘතියත් පවත්වාගෙන යන මුවාවෙන් මෙම සැකකරුවන් පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති බවය.

ජනතා මුදල් රුපියල් කෝටි ගණනින් බාරගෙන රුපියල් කෝටි තුන බැගින් කොමිස් ලබාගෙන ඇති සැකකරුවන් හා විත්තිකාර ආයතනයේ නිලධාරින් ඇතුළු 22 ක් ජනතා මුදල්වලින් තායිලන්තයේ විදේශ සංචාරයක ද නිරත වී ඇති බව පැවසීය.

 



අදහස් (1)

‘‘ස්මාට් වින්‘‘ සමාගමේ අධ්‍යක්ෂවරුන් රිමාන්ඩ්

kalu Saturday, 15 March 2025 11:02 AM

උනන්දුවා...!

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site