
(රෝෂන් තුෂාර)
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ යැයි කියන ස්මාට් වින් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරුන් සිව් දෙනෙකුට රටින් පිටවීම වළක්වමින් තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණි ගමගේ මහතා අද (20) නිකුත් කළේය.
අදාළ නියෝගව ආගමන හා විගමන පාලකවරයාට නිකුත් කරන ලෙස දන්වා සිටි මහේස්ත්‍රාත්වරයා අධ්‍යක්ෂකවරුන් තිදෙනෙකුගේ සහ අධ්‍යක්ෂ බිරියකගේ බැංකු ගිණුම් විස්තර වාර්තා කැඳවීමට ද නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ වංචාව විමර්ශන කාර්යාංශය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝග නිකුත් කෙරිණි.
අධ්‍යක්ෂකවරුන්ට සිව් දෙනාගේ නම් හා බැංකු ගිණුම් වලට අදාල විස්තර වාර්තා අධිකරණයට ඉදිරිපත් කළ රහස් පොලිසිය කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙම සමාගම වල්ලපට්ටා පැළයක් සඳහා රුපියල් 30000ක ආයෝජන මුදලක් තැන්පත්කරුවන්ගෙන් භාරගෙන ඇති බවය.මේ අනුව දැනට සිදු කර ඇති විමර්ශන ප්‍රකාරව රුපියල් කෝටි 150කට අධික මුදලක් වංචා කර ඇති බවත්,ශ්‍රී ලංකා මහ බැංකුවේ නීත්‍යානුකූල අනුමැතියකින් තොරව මුල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් පිරමීඩාකාරයෙන් ජනතා මුදල් භාරගෙන මුදල් විශුද්ධි කරනයට එරෙහිව මෙම විමර්ශනය සිදු කරන බවත් සඳහන් කළේය.
වීරතුංක ආරච්චිගේ ප්‍රීති ද කොස්තා නමැති අය ඉදිරිපත් කළ මුල් පැමිණිල්ල ප්‍රකාරව තවදුරටත් විමර්ශන සිදු කරන බවත්,විමර්ශන ප්‍රගතිය ප්‍රකාරව ඉදිරියේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
645
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
309
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
H.G.Dewmini Pradeepa Sathsarani Friday, 22 November 2024 03:09 PM
ඔව් අනිවාර්යයෙන්ම අපිට සාධාරනයක් කරලා දෙන්න මමත් 90,000 දැම්මා බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ එදා වේල කන්නෙත් අමාරුවෙන්.