
(ඉන්දිකා රාමනායක)
පාසල නිමවී නිවස බලා යන අතරේ වෑන් රථයකින් පිරිසක් පැහැර ගැනීමට තැත් කළ බවත්, ඔවුන්ගේ ගෙන් බේරී පලා ගිය බවත් නාරාහේන්පිට පොලිසියට අසත්‍ය පැමිණිල්ලක් කළ 11 හැවිරිදි පාසල් සිසුවාට අවවාද කර මාපින්ට බාර දුන් බව පොලිසිය කියයි.
ළමුන් පැහැර ගැනීමේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන වීඩියෝ පට නරඹා මේ ආකායේ අසත්‍ය කථාවක් නිර්මාණය කළ බවට සිසුවා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇති බව පොලිසිය කියයි.
බම්බලපිටිය ප්‍රදේශයේ විදුහල ඉගෙනුම ලබන මෙම සිසුවා ඊයෙ (23) පාසල නිම වී නිවසට යන අවස්ථාවේ පාර්ක් පාරේ දී වෑන් රථයකින් පැමිණි පිරිසක් ඔහු පැහැර ගැනීමට උත්සහ කළ බවත්, ඔහු එම පිරිසෙන් බේරී නිවසට දිවගොස් සිද්ධිය පියාට දැනුම් දීමෙන් පසුව පියා සිසුවා සමග පැමිණ පෙරේදා සවස මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
මෙම සිසුවාගේ පැමිණිල්ල ලද විගසම නාරාහේන්පිට පොලිසිය විමර්ශන ආරම්භ කර දරුවා සඳහන් කළ ප්‍රදේශය අවට සියලු සී සී ටී වී කැමරා පරීක්ෂාවට ලක් කළද එම ප්‍රදේශයේ එවැනි සිද්ධියක් නිර්ක්ෂණය වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
2025 දෙසැම්බර් මස 18
540
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
272
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමාජ මාධ්‍ය අනුකරණය කළ සිසුවාට පොලිසියෙන් අවවාද
Rivi Thursday, 25 May 2023 12:57 PM
ළමයා ඇත්තක් කිව්වා වෙන්න පුළුවන්. කිසිම පුවතක් රිලයබල් නෑ. දැන් ලංකාවේ. කෝකටත් තමන්ගේ දරුවෝ පරිස්සම් කරගන්න.
Pradeep KumaraThursday, 25 May 2023 01:28 PM
දරුවන් ගැන අවධානයෙන් ඉන්න ඕන... ඒකෙ දෙකක් නෑ... නමුත් මේ දරුවා නැවත කියලා තියනවනේ ඒක ඔහු ගෙතූ කතාවක් බව...
don Thursday, 25 May 2023 02:55 PM
ඡන්දෙත් ළඟයිනේ... හාහාහා...!