සමාජ හා ආගමික අංශ දෙකේම ගෞරවයට පාත්‍රවූ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අභාවය ශ්‍රී ලාංකික ජනතාවට දුක්බර පුවතක් බව විපක්ෂ නායක හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා කියයි.
‘සෝභිත හිමියන් ධෛර්යවන්තව ශ්‍රී ලංකාවේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියා. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කළා. ඒකාධිපතිත්වය පරාජය කරීමට සටන් කළා. ස්වාධීන පුද්ගලයකු ලෙස සටන් කිරීමට ඒ හිමියනට තිබූ හැකියාව යහපාලනයට අත්‍යවශ්‍ය සාධයකයක් වුණා.
රට අනතුරට පත්වූ අවස්ථාවල දී උන්වහන්සේ ජනතාව වෙනුවෙන් පෙනී සිටියා. සියලු පාර්ශ්වයන් වෙනුවෙන් ඒ හිමියන්ගේ තිබූ කැපවීම විශිෂ්ටයි. උන්වහන්සේගේ අභාවය රටට සිදුවූ ඉමහත් පාඩුවක්. අප සියලු දෙනා එකතු වී ඒ හිමියන් වෙනුවෙන් ශෝඛය පළ කළ යුතුයි.‘
2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘සෝභිත හිමියන්ගේ අභාවය රටට පාඩුවක්‘ - ආර් සම්බන්ධන්
ඔෂාන් Sunday, 08 November 2015 02:29 PM
ඔබතුමා කියන්නේ ඇත්ත (නි)
ඉන්දික Sunday, 08 November 2015 02:48 PM
ඇත්තටම මේ අභාවය රටට ලොකු පාඩුවක් (නි)
ලලිත් Sunday, 08 November 2015 02:52 PM
සෝභිත හිමියන්ට නිවන් සුව අත්වේවා! (නි)
ලියොන් ගුණවර්ධන Sunday, 08 November 2015 02:49 PM
අභාවප්‍රාප්ත සෝභිත නා හිමියන් වහන්සේ පිළිබඳව විපක්ෂ නායක ආර්.සම්බන්දන් මහතා ශෝකය පළකරමින් උන්වහන්සේ රටේ ජනතාවට කළ සේවය ගැන කර ඇති ප්‍රකාශය සැමගේ පැසසුමට ලක්විය යුතුය. සෝභිත නා හිමියන්ට නිවන් සුව ලැබේවා! (නි)
සුනිල් Monday, 09 November 2015 05:54 AM
සෝභිත හිමියන්ට නිවන් සුව අත්වේවා! (ම)
සුනිල් Monday, 09 November 2015 05:56 AM
බුද්ධ සාසනයේ චිරපැවැත්ම සඳහා අපේ සෝභිත හාමුදුරුවන් වහන්සේගෙන් සිදු වූ අමිල සේවය බොදුජන හද තුළ සදා මතකයේ තිබෙනු නොඅනුමානය ඔබ වහන්සේට අමාමහ නිවන් සුවය ලැබේවා.....! (ම)
ධර්ම Monday, 09 November 2015 06:40 AM
ඔබ වහන්සේට අමාමහ නිවන් සුවය ලැබේවා.....! (නි)
ඉනෝකා-එංගලන්තය Sunday, 08 November 2015 07:09 PM
එඩිතර නායකත්වයකින් කටයුතු කළ මහානයක හිමියනි, ඔබ වහන්සේට අමාමහ නිවන් සුවය ලැබේවා.....! (නි)
සේන Monday, 09 November 2015 02:38 AM
බුද්ධ සාසනයේ චිරපැවැත්ම සඳහා අපේ සෝභිත හාමුදුරුවන් වහන්සේගෙන් සිදු වූ අමිල සේවය බොදුජන හද තුළ සදා මතකයේ තිබෙනු නොඅනුමානය. උන්වහන්සේ පරම සුවයෙන් සැතපේවා! (නි)
ධනුෂ්ක Monday, 09 November 2015 03:35 AM
අපේ කාලයේ රාහුල හාමුදුරුවන් වූ ඔබ වහන්සේට අමාමහ නිවන් සුව ලැබේවා!!! (නි)