IMG-LOGO

සබරගමු සරසවි වොලිබෝල් තරග අවසානයේ ගහගෙන

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

සබරගමුව විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සහ ව්‍යවහාරික පීඨයේ සිසු කණ්ඩායම් දෙකක් අතර පැවති වොලිබෝල් තරඟාවලිය අවසානයේ ඇති වූ ගැටුමකින් සිසු සිසුවියන් හත් දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය පවසයි.

මෙම වොලිබෝල් තරඟාවලියෙන් ව්‍යවහාරික පීඨයේ සිසුන් පරාජය ලබා කළමනාකරණ පීඨයේ සිසුන් ජයග්‍රහණය ලබා ඇත.

එම පරාජය දරාගත නොහැකි වූ බව කියන ව්‍යවහාරික පීඨයෙ පළවෙනි වසරේ සිසුන් කළමනාකරණ පීඨයේ පළවෙනි වසරේ සිසුන් සමඟ ඇතිකරගත් ආරවුලක් දුරදිග ගොස් එය පහරදීමත් දක්වා දුර දිග ගොස් ඇති බව පොලිසියට දැනගැනීමට ලැබී ඇත.

මෙම ගැටුමෙන් කළමනාකරණ පීඨයේ පළවෙනි වසරේ සිසුන් තිදෙනෙක් ද විවහාරික පීඨයේ සිසුවියන් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි විශ්ව විද්‍යාල පරිපාලනය විසින් මෙම වොලිබෝල් තරඟය සංවිධානය කර තිබුණු බවද කියති .

 



අදහස් (8)

සබරගමු සරසවි වොලිබෝල් තරග අවසානයේ ගහගෙන

Bunny Preena Saturday, 11 March 2023 09:11 AM

විනය, හික්මීම, දරාගැනීම, ශක්තිය, ජය සහ පරාජය බාරගැනීමට ඒ සාමාර්ථයන් නැතිනම් වෙන මොනවටවත් ඒ සාමාර්ථයක් තිබුණත් වැඩක් නැහැ. දැන් විශ්ව විද්‍යාලයට තේරෙන බොහෝ දෙනෙක්... හොඳ වැදගත් ගතිගුණ තියන පවුල් වලින් පැවත එන අය නෙවෙයි කියලයි මට කියන්න තියෙන්නේ. ගස්වල කටු උල්කරන්න ඕනෑ නැහැනේ...

:       1       17

අබරන් Saturday, 11 March 2023 11:21 PM

අනිවාර්යයෙන්. මේ system එක ඇතුලේ අවුරුදු කීපයක් කට්ට කාපු කෙනෙක් හැටියට මට පුළුවන් ඔබේ අදහස 100% ක් තහුවුරු කරන්න.

:       0       7

sarath Saturday, 11 March 2023 09:11 AM

කුණු වී ඕජස් ගලන සමාජයක වී වී සිසුන් කියා වෙනසක් පැවතිය නොහැකියි. අපේ කාලයේදී වී වී සිසුවෙකුට සමාජයේ ඉතා හොඳ පිළිගැනීමක් තිබුණා. නමුත් වී වී සිසුන්ම එම පිළිගැනීම පිළිකුලක් බවට පත්කරගෙන අහවරයි.

:       1       15

Ruhunu Saturday, 11 March 2023 10:52 AM

අමු ගවයින් මේවායේ ඉන්නේ...!

:       2       15

පතිරණ Saturday, 11 March 2023 11:34 AM

ඕකෙ ඉන්න අය වැඩි හරියක් යන්තම් උසස් පෙළ ගොඩ දාගෙන හරි බෝට්ටුවෙන් ඇවිත් රිංගාගෙන හරි ඉන්නේ... මොලයක් ඇති අය ඉන්නේ කීපදෙනයි.. එක බැච් එකකට... ඉතින් පුදුම වෙන්න දෙයක් නෑ..

:       4       12

අබරන්Saturday, 11 March 2023 11:19 PM

මහා ඉහලින් උසස් පෙළ ගොඩ දාගත්ත අයත් ඔච්චරම තමයි. උසස් පෙළ වගේ විභාග වලින් ගෝත්‍රික බාවය නැති කරලා ශිෂ්ට සම්පන්න කරන්න බැහැ. කරන්න පුළුවන් එකම දේ විභාග පෙරහුරුව දීලා මහා ඉහලින් හරි, යන්තමින් ගොඩ දාගන්න ක්‍රමය කියල දෙන එක විතරයි.

:       1       5

Lal Saturday, 11 March 2023 11:44 AM

ජවිපයට කිසිම දෙයක් කරන්න බෑ...

:       5       7

Prase Sunday, 12 March 2023 09:44 AM

ඔන්න රට හදන්න, උද්ඝෝෂණ කරන්න කරන කාලකණ්ණි වැඩ පේනවැයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 376 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 937 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1321 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site