IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සැප වාහන සිද්ධියකට පියතුමා රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් ජපානයේ සිට ගෙන්වා දෙන බව පවසා රුපියල් ලක්ෂ 80ක් වංචා කළැයි කියන සිද්ධියකට අදාළව කොළඹ වංචා විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත් පියතුමෙකු ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද 09 නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මීගමුවේ පදිංචි වර්ණකුලසූරිය ලෙස්ලි ප්‍රනාන්දු පියතුමා ය.

සැකකාර පියතුමා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ තම සේවාදායකයා මෙම මුදල් ශ්‍යාමලී සමරනායක කැමැත්තකින් වෙත ලබා දී ඇති බවත් ඇය කෝටි ගණනින් මුදල් වංචා කළ එවැනි වැරදි ගණනාවකට ඇප මත සිටින්නයක් බවත් ය.

අදාල කාන්තාව වෙත මුදල් දුන් බවට ලේඛණයක් ඉදිරිපත් කළ හැකිදැයි මහේස්ත්‍රාත්වරයා සැකකරුගෙන් විමසා සිටි අතර එවැන්නක් ඉදිරිපත් කිරීමට සැකකාර පාර්ශවය අපොහොසත් වීම හේතුවෙන් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත ගත කිරීමට අධිකරණය නියෝග කළේය .

මෙම කාන්තාව සම්බන්ධයෙන් ඉදිරි දින අධිකරණයට දන්වන ලෙස මහේස්ත්‍රාත්වරයා කොළඹ වංචා විමර්ශන ඒකකයට ද නියෝග කළේය.

 



අදහස් (12)

සැප වාහන සිද්ධියකට පියතුමා රිමාන්ඩ්

Perera Thursday, 10 November 2022 03:57 AM

කාන්තාව පියතුමාට සල්ලි දීලද පියතුමා කාන්තාවට සල්ලි දීලඩ????

:       52       25

C.K.Lankaputhra Thursday, 10 November 2022 06:34 AM

හොරකමට ආගම් බේදයක් පාට පක්ෂ, බේදයක් තරාතිරම් බේදයක් නෑ, ඒ මාටියාලන්තයේ හැටි.

:       13       77

චන්දන Thursday, 10 November 2022 06:35 AM

ආගම් වලට නිගාදෙන පූජ්‍ය පක්ෂය හැම ආගමකම ඉන්නව .

:       12       55

BamunuarachchiThursday, 10 November 2022 10:21 AM

ඇත්ත, ඒකෙනුත් ඉහළින්ම ඉන්නේ හොඳ ප්‍රසිද්ද ගේම්කාරයෝ.

:       4       19

Hira Thursday, 10 November 2022 10:34 AM

ඉන්නෙ සාන්තුවරයො වගෙයි

:       3       137

Rexi Thursday, 10 November 2022 02:39 PM

ඒකනෙ අපි නිවුස් වල දැක්ක තිලිනි ප්‍රියමලි ලඟ සිවුර පොරොගෙන හිටපු අයත්, ආයෝනය කරපු අයත්

:       62       16

දිසා... Thursday, 10 November 2022 02:24 PM

ආශා තන්හාව අතහැර සිටින අයත් අද කරන්නේ මුදල් ඉපයීම වෙනුවෙන් ජාවාරම් කිරීමය. කොයි ලොව යන්නේ මරණින් පස්සේ කියන්නට සිදුව ඇත.

:       0       27

බද්රානි Thursday, 10 November 2022 03:43 PM

පෙරේරා හැර, මෙතන අදහස් පලකල අනිත් පල් මෝඩයෝ රැල මේ ලිපිය හරියට කියෙව්වාද? ලිපියම අණ්ඩර දෙමළයක්. දැන් මෙතන වංචාව කර ඇත්තේ පියතුමාද? අනික, ලක්ෂ අසූවකට ප්‍රාඩෝ රථයක් ගන්න ද මුදල් දීලා තියෙන්නේ? වංචාවට අහු උන පුද්ගලයාව පමණද රක්ෂිත බන්දනාගාර ගත කොට තිබෙන්නේ? ඒ පියතුමා ගෙදරක පදිංචිවෙලා ඉන්න කෙනෙක්ද? එහෙම නැතිනම්, ඒ පියතුමා සිටින දේවස්ථානය මොකක්ද? මේ ලිපිය බල්ලන්ව කුලප්පුකර උසිගැන්වීමට පලකල ලිපියක්ද? කරුණාකර ඊට උත්තර බඳින්න.

:       130       20

SenakaFriday, 11 November 2022 06:50 AM

තමන්ගේ ආගමේ එකා සුද්ද කරන්න තටමන්නේ නැතුව ඇත්ත පිලිගන්නවා. තමුන්ගේ වගේම පහත් ගති තියෙන අය හදපු ආගමේ පූජකවරුත් තමුන් වගේම නැතෑ. රටටත්, ජාතියටත් වෛර කර කර වෙන රට වලට ආවඩාගෙන ඉන්න උන්ගෙන් ඔයිට වඩා දෙයක් කොහොමත් බලාපොරොත්තු වෙන්න බෑ.

:       10       57

janakaFriday, 11 November 2022 12:16 PM

මේ මනුස්සයා නම් රට ඉඳන් උපන් රටට ආගමට ගරහන එකේ සීමාවක් නෑ.පූජකතුමාගේ පිට කසන්න නහින තරම් ලැජ්ජයි ඕයි

:       5       50

සුනිල් Saturday, 12 November 2022 05:48 AM

මෙ අය අසාර්ථකයි අපෙ වෙලාව කනවා.

:       6       1

ධර්මසේන Friday, 11 November 2022 11:48 AM

මිනිසුන් අතර හොඳ සහ නරක අය සිටිති. පූජකවරුන් ද මිනිසුන් වෙති. ඒ අනුව බලන විට ආගම කුමක් වුවත් මිනිස් පුජකයන් අතර වංචා කරුවන් ද ඇත. ඒ නිසා ආගම් අතර වාද විවාද කරගන්න එපා.

:       2       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1103 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site