දක්ෂිණ හා කටුනායක අධිවේගී මාර්ගවලට පා පැදි ,යතුරුපැදි ,ත්‍රිරෝද රථ ,ට්‍රැක්ටර් , කරත්ත වැනි වාහන ඇතුළු කරන්නවුන්ට එරෙහිව අත්අඩංගුවට ගෙන නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි.
දෙසැම්බර් පළමු වැනිදා අලුයම 12.55 ට පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්නෙන් ඇතුළු යතුරුපැදිකරු අත්ඩංගුවට ගත් බව පොලීසිය කියයි.
වෑන් රියක හැපීමෙන් ඔහු සුළු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
650
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
316
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුපිරි මං දෙකේ යතුරුපැදිත් බෑ
ජගත් Monday, 02 December 2013 03:42 PM
දුප්පතාට කෝ සැප ලෝකේ....? (ස)
තිලක්-ඩුබායි Monday, 02 December 2013 09:56 PM
ලක්ෂ 10 යක් වියදම් කරලා ගත් මගේ පරණ කාර් එකටත් ඔය අධිවීගී මාර්ගයට ඇතුළු කරන්න නොදුන්නා නම් කෝචිචියේ ,බස් වල එල්ලිලා රැකියාවට යන මිනිසුන්ගේ පා පැදි ,යතුරුපැදි ,ත්‍රිරෝද රථ ,ට්‍රැක්ටර් , කරත්ත වැනි වාහන ඇතුළු කරන්න ඉඩදෙයිද? (නි)
ගුණේ Monday, 02 December 2013 04:26 PM
කුමාරි පමණක් නෙවෙයි. මතෙෂත් අධිවේගී මාර්ගයේ ගිහින් නැහැ. (ස)
තිලක්-ඩුබායි Tuesday, 03 December 2013 01:32 PM
ප්‍රංශසයේ මන් තීරු 6 ක අදි තාක්ෂනික තාවයෙන් පාරක කිලෝමීටරයක් හදන්න වැය වෙන්නේ ඩොලර් මිලියන 4 යි. අපේ රටේ මංතීරු 4 පාරට ඩොලර් මිලියන 14 ක් වැය කරලා තියෙනවා. කාටද ආඩම්බර.(නදී)
චමත් Monday, 02 December 2013 04:42 PM
දුප්පතාටමනේ පාර වදින්නේ. (ස)
රජිත් ඉතාලි Monday, 02 December 2013 11:22 PM
මහත්වරුනි, එන්ජින් ධාරිතාව සීසී150 ට වැඩියෙන් තිබෙනවා නම් යතුරු පැදියක් වුණත් අධිවේගී මාර්ගයක ධාවනය කළහැකියි. ඒක ලෝකයටම බලපවත්වන අධිවේගී මාර්ග නීතියක් (නි)
කින් බෙනට් Monday, 02 December 2013 11:30 PM
ඔහොම නීති දාලා කිසිම තේරුමක් නැහැ. ලෝකයේ තියෙන අධිවේගිම පාරවල් වලත් යතුරු පැදි ගමන් කරනවා.ලැම්බොගිනි, රේසින් කාර් පහුකරගෙන මමත් යතුරුපැදි පැදලා තියෙනවා (නි)
දයා අළහකෝන් Monday, 02 December 2013 05:47 PM
සුපිරි යතුරුපැදියකටවත් බැරිද? (නි)
ශාන් Tuesday, 03 December 2013 01:53 AM
යම්කිසි දෙයක් හදා තියෙන්නේ විශේෂ අවශ්‍ය කරුණකට. මෙය නීති විරෝධී විදිහට පාවිච්චි කරනවා නම් නීතිවිරෝධියි. දුප්පතුන් කියෙන්නේ සල්ලි නොමැති කට්ටිය විතරක් නොවේ. කොච්චර සල්ලි තිබුණත් යම්කිසි දෙයක් ලබාගන්න බැරිනම් ඒකත් දුප්පත්කමක් (නි)
කුමාරි Monday, 02 December 2013 01:43 PM
එතකොට කොහොමද හොරෙන් ඇතුල් වෙන්නේ? ප්‍රවේශ දොරටු වලින් හොරෙන් යන්න බෑනේ. (ස)
රන්ස්ඩ් Monday, 02 December 2013 07:33 PM
දන්න කෙනෙක් කියන්න කොහොමද ඕවා ඇතුළු කරන්නේ කියලා (නි)
මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Monday, 02 December 2013 02:48 PM
කුමාරි, ඔයා තවම අධි වේගයේ ගිහින් නැහැ වගේ. (ස)
නිශාර් Monday, 02 December 2013 08:50 PM
කලිනුත් තිබුණා පිවිසුම් මාර්ගයකින් තොරව අධිවේගයට යතුරු පැදියක් කෙසේවත් ඇතුළු කළ නොහැක කියලා. ඇතුළු වී ඇත්තේ පිවිසුමකින් නම් පළමුව දඩුවම් කළ යුත්තේ එහි සේවය කළ නිලධාරින්ටය. දෙවනුව විනයක් නැති මිනිසුන්ටය. (නි)
මතේශ දර්මසිරි Monday, 02 December 2013 03:29 PM
ප්‍රවේශ වන තැන ඕන නැහැ ඇතුල් වන්නට යතුරු පැදි අතරමගදී උනත් හොරෙන් දාන්න පුළුවන්. අධි වේග මාර්ගයේ පොලිස් නිලධාරීන් නිතර ඔවුන්ගේ රාජකාරිය කරනවා නම් මේවා අවම කරන්නට පුළුවන්. (ස)