IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සෝපානයක් කඩාවැටී කොස්තාපල් ඇතුළු 4ක් රෝහලට

(ගයාන් සූරියආරච්චි)

ග්‍රෑන්ඩ්පාස් මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයෙහි ඩී බ්ලොක් පරිශ්‍රයෙහි විදුලි සෝපානයක් කඩාවැටීමෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු සිවුදෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි.

විදුලි සෝපානය කඩා වැටීමෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයාගේ පාදයට බරපතළ තුවාල සිදුවී ඇති අතර කොළඹ ජාතික රෝහලේ 72 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

මෙම නිවාස සංකීර්ණයේ 5 වන මහළේ පිරිසක් විසින් අවට පදිංචිකරුවන්ට කරදකාරී වන අයුරින් ඊයේ (10) දින උපන්දින සාදයක් පවත්වා ඇති අතර ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ රාත්‍රී මුර සංචාරයේ නිරත වී සිටි පොලිස් සැරයන්වරයකුට ලැබුණු දුරකතන ඇමතුමකට අනුව පොලිස් නිලධාරීන් එම නිවාස සංකීර්ණය සෝදිසි කිරීමට පැමිණ ඇති බව පොලිසිය පවසයි.

එහිදී 5 වැනි මහලේ පැවැති උපන්දින සාදය පවත්වන නිවෙසට ගොස් එය සමථයකට පත් කර නැවත පිටව යාමේදී සිවුවන මහළ පමණ වනවිට ගමන් කරමින් තිබූ සෝපානය කඩා වැටී ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයේ මහල් නිවාසය අවට සිටි ජනතාව චෝදනා කර සිටියේ මීට පෙර ද මෙවන් අනතුරුවලට මහල් නිවාස හිමියන් මුහුණ දුන්නද එම අනතුරු වළක්වාගැනීම සදහා තවමත් අදාල නිළධාරීන්ගෙන් විසදුමක් ලැබී නොමැති බවය.

කොළඹ උතුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.එස්.කේ. රූපසිංහ මහතාගේ උපදෙස් පරිදි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (2)

සෝපානයක් කඩාවැටී කොස්තාපල් ඇතුළු 4ක් රෝහලට

Mohan Monday, 11 November 2024 07:30 PM

යමක් නඩත්තු කිරීමේ වටිනාකම වටහාගත යුතුයි.

:       0       0

Hemantha Monday, 11 November 2024 09:19 PM

බිල්ඩින් එකත් ඒ වගේම ඇති...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 675 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site