ජාතික රූපවාහිනියේ විකාශය වූ "ස්ටාර්ස් ශ්‍රී ලංකා හිස්තැනක්" ටෙලි නාට්‍යය හරහා රංගනයට පිවිසි සුබුද්ධි ලක්මාලි මේ දිනවල කලා ක්ෂේත්‍රයේ නමක් දිනා ඇති යොවුන් කලා ශිල්පිණියකි. ටෙලි නාට්‍යය, සිනමා හා වේදිකා රංගන ශිල්පිණියක් ලෙස කටයුතු කරන සුබුද්ධි වර්තමානයේ ගායිකාවක් ලෙසද කටයුතු කරයි. එමෙන්ම මේ දිනවල අතිශය ජනප්‍රිය ඉන්දීය "මෙගා" ටෙලි නාට්‍යයක් වන "ස්වප්නා" හි "ස්වප්නා" චරිතයට ඇය හඬ එක්කොට තිබේ. මේ දිනවල කලා කටයුතු කිහිපයකටම සම්බන්ධ වී සිටින සුබුද්ධිගෙන් අපි ඉදිරි කලා කටයුතු පිළිබඳව විමසුවෙමු.
"අලුතෙන් කරන ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙලා වැඩ කරනවා මේ දවස්වල. ප්‍රියන්ත ප්‍රනාන්ඳුගේ "ඉලන්දාරි හැන්දෑව" ටෙලි නාට්‍යය මේ දවස්වල වැඩ කරන අලුත් ටෙලිය. පෙබරවාරි පළමුවැනිදා තමයි මෙහි වැඩකටයුතු ආරම්භ කළේ. මම හිතන්නේ ඉතා ඉක්මණින් මේ හරහා මාව මගේ රසික, රසිකාවියන්ට දැකගන්න පුළුවන්කම ලැබෙයි. "ඉලන්දාරි හැන්දෑව" ටෙලි නාට්‍යයට පෙර මම දිල්ශාන් පතිරණගේ "රුවිත හතර" කියලා තව ටෙලි නාට්‍යයක රඟපෑවා. නමුත්, ඒක තවමත් විකාශය වුණේ නැහැ. ඒ වගේම මම උපාලි ගම්ලත් මහත්මයාගේ "ගුරු ගීතය" හා "කළුහිම" කියලා චිත්‍රපට දෙකකත් රඟපෑවා. "කළුහිම" චිත්‍රපටය මුළුමණින්ම රූපගත කළේ නේපාලයේදී. මම හිතන්නේ ඒ චිත්‍රපට දෙකත් ඉදිරියේදී ප්‍රදර්ශනය වෙන්න නියමිත වෙලා තියෙනවා. මේ වැඩ කටයුතුත් එක්ක සිරස රුපවාහිනි නාලිකාවේ විකාශය වන "ස්වප්නා" ඉන්දීය ටෙලි නාට්‍යයේ "ස්වප්නා" කියන චරිතයටත් මම හඬකැවීමෙන් දායක වෙනවා. ඉතින් ඔය දේවල් තමයි මගේ අලුත්ම කලා තොරතුරු."
2025 දෙසැම්බර් මස 18
679
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සප්නාට හඬකවන 'සුබුද්ධි' අලුත් ටෙලියක වැඩ