
(හේමලතා ඩී හේවගේ)
දිවංගත සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නංගර මහතාගේ මධ්‍ය විද්‍යාල සංකල්පය යටතේ ආරම්භ කරන ලද සඳලංකා මධ්‍ය මහා විද්‍යාලයට වසර අසූවක් පිරීම නිමිති කර ගනිමින් එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් ඉදිකළ සිරි සුහුරු පියස සිසු අයිතියට පත් කිරීම ඊයේ (16) සිදුකෙරිණි.
විද්‍යාලගේ ආදි ශිෂ්‍යයකු වන විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හිටපු සාමාජික සහ ලංකාදීප පුවත්පතේ සමාරමිභක ප්‍රධාන කර්තෘ, කර්තෘ මණ්ලඩ උපදේස සිරි රණසිංහ මහතා විද්‍යාලයට සිදුකරනු ලැබූ මාධ්‍ය මෙහෙවර වෙනුවෙන් ඔහුට උපහාර පිණිස ඔහු නමින් මෙය නම් කර ඇත.
ආදි ශිෂ්‍ය සංගමය විසින් විවිධ ව්‍යාපෘති සිදුකරමින් ගොඩනගා ගත් ව්‍යාපෘති අරමුදලින් මෙම සුහුරු පන්ති කාමරය අති නවීන අංගෝපාංගවලින් සමන්විත ස්ථාපිත කරනු ලැබූ අතර ඒ සඳහා ඔමේගා ලයින් ආයතනය විසින් ටැබි පරිගණක 40 පරිත්‍යාග කරනු ලැබීය.
සඳලංකා මැදි විදුහල්පති අසංක චාමින්ද මහතාගේ මග පෙන්වීම යටතේ විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සහ සිසු සිසුවියන්ගේ සහයෝගයද ඇතිව ආදි ශිෂ්‍ය සංගමය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
මෙහිදී ආදි ශිෂ්‍ය සංගමය විසින් ඔමේගා ලයින් පෞද්ගලික සමාගම ලබාදුන් දායකත්වය අගයමින් එම ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ පීලික්ස් ප්‍රනාන්දු මහතා වෙත උපහාර තිළිණයක් පිරිනමනු ලැබූ අතර ආදි ශිෂ්‍ය සංගමය විසින් සිදුකළ මෙහෙවර අගයමින් එම සංගමය වෙතද විද්‍යාලය විසින් උපහාර තිළිණ පිරිනමනු ලැබීය.
මෙම අවස්ථාවට සඳලංකා මධ්‍ය විද්‍යාලයේ ආචාර්ය ගෝනුල්ලේ සුදම්ම වංශ හිමියන් සහ ඔමේගා ලයින් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ පීලික්ස් ප්‍රනාන්දු , වයඹ විශ්ව විද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එච්. ඒ. සී. කේ. ජයතිලක, මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශන සමරවීර, විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ලංකාදීප පුවත්පතේ සමාරම්භක ප්‍රධාන කර්තෘ, කර්තෘ මණ්ඩල සිරි රණසිංහ, සඳලංකා මධ්‍යවිද්‍යාලයේ විදුහල්පති අසංක චාමින්ද, ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හිමාලී, ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති විශ්‍රාමික අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර අර්ථනායක, ලේකම් ග්‍රීන් ස්පේස් ලංකා ආයතනයේ ජ්‍යෙෂ්ඨ කර්මාන්ත කළමනාකරු අතුල පෙරේරා, භාණ්ඩාගාරික ඔමේගා ලයින් ආයතනයේ සහකාර ගණකාධිකාරී දර්ශන සමන් කුමාර, ආදි ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ව්‍යාපෘති මෙහෙයවීම සහ සම්බන්ධීකාරක විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ කේ ඒ අනුර කහදව, හිටපු විදුහල්පතිවරුන් වන නන්දන යාපා, එස්. ඒ. සරණසේන යන මහත්ම මහත්මීන් සහ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලය, ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජික සාමාජිකාවෝ, මවුපියෝ සහ සිසු සිසුවියෝ විශාල පිරිසක් සහභාගී වී සිටියහ.


2025 නොවැම්බර් මස 21
318
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
348
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1282
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
සඳලංකා සිරි සුහුරු පියස සිසු අයිතියට