IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ස‍ඳට යන ගගනගාමීන් මෙන්න

‘ආටිමිස් 2’ චන්ද්‍ර මෙහෙයුම යටතේ, ලබන 2024 වසරේ දී, සඳට යන ගගනගාමීන් සිවුදෙනා ලොවට හඳුන්වා දීමට නාසා ආයතනය කටයුතු කළේය.

‘ආටිමිස් 2’ චන්ද්‍ර මෙහෙයුමට සම්බන්ධ වන ගගනගාමීන් අතර කාන්තා ගගනගාමියෙක්, කළු ජාතික ගගනගාමියෙක් සහ කැනඩා අභ්‍යවකාශ ඒජන්සිය නියෝජනය කරන කැනඩා ජාතික ගගනගාමියෙක් ද සිටිති.

ඔවුන් රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා හැමෝක් කොෂ් සහ ජෙරමි හැන්සන්ය.

ක්‍රිස්ටිනා හැමෝක් කොෂ් මෙහෙයුමට එක්වන කාන්තාවය.

වික්ටර් ග්ලෝවර් මෙහෙයුමේ නියමුවා ලෙස කටයුතු කරයි. චන්ද්‍ර මෙහෙයුමකට එක් වන පළමු කළු ජාතික ගගනගාමියා වන්නේ ද මොහුය.

රීඩ් වයිස්මන් ‘ආටිමිස් 2’ මෙහෙයුමට නායකත්වය දෙයි.

ජෙරමි හැන්සන් කැනඩා අභ්‍යවකාශ ඒජන්සිය නියෝජනය කරයි.

යළි සඳට ගොස් සඳ ගවේෂණය පමණක් නොව, සඳේ ජනාවාස පිහිටුවීමේ ද අරමුණින්, නාසා ආයතනය මෙහෙයුම් මාලාවක් සැලැසුම් කර තිබේ. ‘ආටිමිස්’ යනුවෙන් හැඳින්වෙන්නේ එම චන්ද්‍ර මෙහෙයුම් මාලාවය.

ගගනගාමීන් සඳට ගෙන යෑම සහ ආපසු ගෙන්වා ගැනීම සිදු කරන්නේ ‘ඔරායන්’ නමැති චන්ද්‍ර යානයෙනි.
‘ආටිමිස් 2’ මෙහෙයුම ලබන 2024 දී ක්‍රියාවට නැංවෙන්නේ පසුගිය 2022 වසරේ සාර්ථක වුණු ‘ආටිමිස් 1’ මෙහෙයුමේ සාර්ථකත්වය නිසාය.

‘ආටිමිස් 1’ මෙහෙයුමේ දී ගගනගාමීන් නොමැතිව, නාසා ආයතනය ‘ඔරායන්’ චන්ද්‍ර යානය සඳ වටා යවා ආපසු ගෙන්වා ගත්තේය. එම අවස්ථාවේදී නාසා ආයතනය ‘ඔරායන්’ චන්ද්‍ර යානය සාර්ථකව අත්හදා බැලුවේය.

‘ආටිමිස් 2’ මෙහෙයුමේදී ද ගගනගාමීන් සඳට ගොඩබෑමක් කරන්නේ නැත. ඔවුන් සඳුගේ කක්ෂයට පිවිස, ආපසු පෘථිවියට පැමිණෙනු ඇත.

‘ආටිමිස් 2’ දින 10 ක මෙහෙයුමකි.

‘ආටිමිස් 2’ චන්ද්‍ර මෙහෙයුම යටතේ ගගනගාමීන් සඳුගේ කක්ෂයට යැවීම සිදුවන්නේ 1972 වසරේ සිදු කළ ‘ඇපලෝ 11’ චන්ද්‍ර මෙහෙයුම් අවසන් වී වසර 50 කට වඩා වැඩි කාලයකින් පසුව යැයි නාසා ආයතනය පෙන්වා දෙයි.

ගගනගාමින් සඳට පය තැබීම සිදු කරන්නේ ‘ආටිමිස් 3’ මෙහෙයුම යටතේය. එය සිදුවනු ඇත්තේ 2025 වසරෙන් පසුවය. එහිදී ඉතිහාසයේ පළමු වරට, කාන්තාව ගගනගාමියකු ද සඳට පය තබනු ඇත.

ලුසිත ජයමාන්න
ස්තුතිය - නාසා ආයතනයට



අදහස් (9)

ස‍ඳට යන ගගනගාමීන් මෙන්න

swene Tuesday, 04 April 2023 07:14 AM

මේවයින් වත් ආදර්ශ ගන්න. ජාති භේදයක් නැහැ. අපි ජාති භේදය මගින් රට අවුස්සා නැති කොට ඇත. සියල්ලම ශ්‍රී ලාංකිකයින් ලෙස සලකමු. දක්ෂයාට සහ අවංක කමට තැන දෙමු.

:       1       15

Prabha Tuesday, 04 April 2023 12:18 PM

ලංකාවේ වැඩිම ජාතිවාදීන් කවුද?සින්හලුන්ද ?

:       0       4

Asela Tuesday, 04 April 2023 07:26 AM

අඩෙ අප්පා....... කෝ බොල අපේ ගගනගාමියා. සුදුසුම ගගනයාගේ නම නැහැනේ.

:       1       18

kamalTuesday, 04 April 2023 10:43 AM

මේවා බොරු කතා , චිචී නැතුව මේගොල්ලා කොහොමද හඳට යන්නේ.

:       0       15

Kalu Tuesday, 04 April 2023 09:31 AM

මගේ ගෑනිත් එක්ක ගියානම්, "අනේ මේ ලගටම ආව එකේ, හදට බැහලා, පොඩ්ඩක් ඉදලම් යං " කියයි...... අනිවා.....

:       2       9

Jay Tuesday, 04 April 2023 10:36 AM

කළු මහත්තයා කමෙන්ට්, මම දන්නවා ඔයා එච්චර උගත් කෙනෙක් නෙවෙයි කියලා. ඒ ඔබ ඔබේ ජීවිතය වරදවා වටහාගෙන ඇත. ඔබේ ආදරණීය මව ට අන් අය බැන වැදීමට ඉඩ නොදෙන්න

:       6       0

KaluTuesday, 04 April 2023 09:29 PM

දයාබර Jay නෝනා, මිතුරිය, Comment එකකින් උගත් කමත්, ඇදුමෙන් සංවර කමත්, කතාවෙන් හැදිව්ච කමත් ප්‍රමානත්මකව හෝ ගුනාත්මකව මැනීම නිරවද්‍ය නොවේ. එය ඔබ ලාංකිකයකු ලෙස අද අත්විදිනවා ඇත. මෙය හුදෙක් රසස්වාදය අරමුනින් ලියන ලද්දක් මිස, අපහාසයට හෝ උපහාසයට ලිවීමක් නොවේ. මව ගැන සදහනෙන් ඔබේ සිතනම් අපිරිසිදු වී ඇත. බායි........

:       0       1

pakeer Tuesday, 04 April 2023 11:38 AM

මෙම මෙහෙයුම සමග ඔයාලගේ නම හඳට යවන්න පුළුවන් මයික්‍රෝ චිප් එකක .නාසා වෙබ් එකට ගියාම ඒකේ ඔයාලට රේගිස්ටර් වෙන්න පුළුවන් .ඒකේ කියන්නේ බෝඩින් පාස් එකක් කියලා .දැනට අවුරුදු 2-3 ක ඉඳන් එයාලා නම් එකතු කරා .තාම පුළුවන් ඇති උත්සාහ කරලා බලන්න

:       0       1

නිහාල් Tuesday, 04 April 2023 02:04 PM

ඔයාලට කලින් චිචීගෙ රොකට් එක හඳට බැහැලා ලොකු වනාන්තරයක හෝටලයක් හදල ජනාවාස බිහි කලේ. ඕවා අපිට සුළු දේවල්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 282 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2119 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1611 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site