IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සීනි මිල ඉහළ යාම ගැන ඇමති වාර්තාවක් ඉල්ලයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

වෙළෙඳපොළේ සීනි මිල ඉහළ යාම සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස  වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව වෙත නියෝග කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය  රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඩොලරයේ අගය ද පහළ ගොස් ඇති තත්ත්වයක සීනි මිල ඉහළ යාමට කිසිදු හැකියාවක් නොමැති බව අමාත්‍යවරයා කීය.

තිරිගු පිටි මත අය කළ බද්ද හේතුවෙන් ද පිටි මිලෙහි ඉහළ යාමක් සිදු විය නොහැකි බව ද අමාත්‍යවරයා පැවසීය.

රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය 13%කින් පමණ පහළ ගොස් ඇති බවත් ලෝක වෙළෙඳපොලේ තිරිගු පිටි මිල ගණන් ද 15%කින් පමණ පහළ ගොස් ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

එවැනි තත්ත්වයක් යටතේ  රජය පැනවූ බද්ද හේතුවෙන් තිරිගු පිටි මිලෙහි ඉහළ යාමක් ඇති නොවන බව සියඹලාපිටිය මහතා සඳහන් කළේය. 



අදහස් (4)

සීනි මිල ඉහළ යාම ගැන ඇමති වාර්තාවක් ඉල්ලයි

aravinda Monarawila Tuesday, 09 May 2023 04:10 PM

වාර්තාව ලැබෙන කොට සීනි මිල තවපාරක් ඉහළ ගිහිල්ලා තියේවි. එතකොට ඒකට තව වාර්තාවක් ඉල්ලන්න පුළුවන්... රටේ මිනිස්සුන්ව රවට්ටන්න ගන්න ගොන් පාර්ට් මේවා. දැන් අපි රැවටුණු කාලය ඉවරයි. කොට්ට, පැදුරු අකුළගෙන ගෙදර යන්න කාලය ඇවිල්ලා...

:       0       2

Kazi Shajahan Wednesday, 10 May 2023 08:00 AM

මේ වගේ මීහරක් ඇමතිවරු අපිට ඉන්නේ.ඔය රිපෝට් එක එනකොට කඩ කාරයෝ කොපමණ හම්බකරලා තියනවද ?මුලින්ම කරන්න ඕනේ පාලන මිලක් දාන එක .ඊට පස්සේ හොයන්න මොකද උනේ කියලා

:       0       0

විසිල් Wednesday, 10 May 2023 09:18 AM

වැස්සකටවත් කඩේ යන්නේ නෑ කියලා ඔප්පු උනා. මේ දේශපාලකයෝ බිම් මට්ටමට යන්නේ නෑ. දේශපාලන මූලධර්ම ඔක්කොම violate කරනවා. ඒත් සැප නම් ගන්නවා.

:       0       0

Kumara Wednesday, 10 May 2023 10:18 AM

මුන්ට ගහන්න ඕනේ ඇඳුම් ගලෝලා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site