IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


සීනි බද්ද ඉහළට:සීනි මිල නඟි

(මහින්ද නිශ්ශංක)

සුදු සීනි ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා මෙතෙක් පැවැති සත 25 බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 50 දක්වා වැඩි කර ඇතැයි සීනි ආනයනයකරුවෝ පවසති.

මුදල් අමාත්‍යාංශය විසින් මෙම සීනි බද්ද යලි ඉහළ නංවා තිබේ.

සීනි බද්ද වැඩි කිරීම හේතුවෙන් සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 265 සිට රුපියල් 300,- 325 වශයෙන් වැඩි වන බව ද ආනයනයකරුවන්ගේ ආරංචි මාර්ග වලින් අනාවරණය වේ.

මේ අතර සීනි බද්ද වැඩි කිරීමට දින දෙකකට පමණ පෙර ප්‍රධාන පෙළේ සීනි ආනයනයකරුවෙක් සත විසිපහේ බද්ද යටතේ සීනි මෙට්‍රික් ටොන් 8000ක් ආනයනය කර ඇතැයි පිටකොටුව තොග වෙළෙදපොළෙන් වාර්තා වේ.

මීට පෙර සුදු සීනි ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා රුපියල් 50 ක ආනයනය බද්දක් පැවති අතර එම බද්ද 2020 ඔක්තෝබර් 14 දා සිට ක්‍රියාත්මක වන පරිදි රජය විසින් ශත 25 දක්වා අඩු කරනු ලැබීය.

රුපියල් පනහක සීනි ආනයනය බද්ද ශත විසිපහ දක්වා අඩු කිරීම හේතුවෙන් ගත වූ වසර තුන තුල රජයට රුපියල් කෝටි දසදහසකට වැඩි ආදායමක් අහිමි වී ඇති බවත් රජයේ ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

 



අදහස් (5)

සීනි බද්ද ඉහළට:සීනි මිල නඟි

Bamunuarachchi Thursday, 02 November 2023 05:52 PM

ඔන්න වැඩි පඩි බදු පටන් ගත්තා. රජයේ සේවකයින්ගේ වැඩි කරන්න යන පඩි වලට අපි බදු ගෙවන්නේ මොන බම්බුවකටද? මොවුන්ට පඩි වැඩි කරනවා නම් උපයනවිට ගහන බඩුත් වැඩි කරන්න.

:       0       0

අරවින්ද මොනරවිල Thursday, 02 November 2023 06:06 PM

බද්ද රුපියල් පනහේ සිට සත විසිපහ දක්වා අඩුකල විට සීනි මිල අඩු වුනේ නැහැ, දැන් නැවත රුපියල් පනහ දක්වා වැඩි කළවිට සීනිමිල වැඩි වෙනවාලු! බන්දුලගේ ආර්ථික විද්‍යාවට අනුව වෙන්න ඇති... එහෙම වෙන්නේ... ඒ අතර කියනවා ප්‍රධාන පෙළේ ආනයන කරුවෙක් මෙට්‍රික් ටොන් 8000 ක්ගෙනාවාලු... ඒ ආනයනය කරුවා කවුද... සජාන් මවුසින්ද?

:       0       0

නිශාන්ත Thursday, 02 November 2023 09:09 PM

සීනි හොරා මහ බැංකු හොරාට වඩා හොඳයි වගේ..

:       0       0

Dharmatileke Thursday, 02 November 2023 09:09 PM

කාගේ පාලන සමයේදී සීනි බද්ද සත 25 කෙරුවේද කියන එක වැදගත්...!

:       0       0

සුපුන් Thursday, 02 November 2023 09:54 PM

නිකම් හිතලා බලන්න බද්ද වැඩි වෙන්නේ 50. මිල වැඩි වෙන්නේ 265 සිට 325 දක්වා 60කින්. ඉතිරි 10 පොලීසියටද. අනිත් එක 8000 * 1000 * 50 = කෝටි 40. බද්දෙන් විතරක් අර ව්‍යාපාරිකයා හොයන ගාන කෝටී 40ක් . දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි හොරාකන මේ වගේ ව්‍යාපාරිකයොත් මේවට අනුබල දෙන නිලධාරිනුත් මේවාට අනුමැතිය දේශපාලකයෝත් සහ ඔවුන්ගේ දරු පවුල් ඇතුළුව සාප වෙන්න ඕනෑ. කරුමයෙන් කාටවත් ගැලවීමක් නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 220 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site