IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


සීනි ගෙන්වීමේදී කෝටි 1600 ක පාඩුවක්

(*** සුජිත් හේවාජුලිගේ සහ *** අංජුල මහික වීරරත්න)

සීනි ආනයනයේදී රජයට 2020 ඔක්තෝබර් මස 14 වැනිදා සිට මෙම වසරේ පෙබරවාරි 20 වැනිදා දක්වා වූ කාලයේදී රුපියල් කෝටි 1600ක පමණ පාඩුවක් සිදුවී ඇතැයි මුදල් අමාත්‍යාංශය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් කළ විමර්ශන වාර්තාවක දැක්වෙන බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවැසීය.

මේ පාඩුව සිදුවී ඇත්තේ අපේක්ෂිත බදු ආදායම් අහිමිවීම නිසා යැයි ද ඔහු කීය.
සීනි බදු අඩු කිරීම නිසා මෙරට ප්‍රධාන පෙළේ ආනයනකරුවන් හය දෙනකුට වැඩි වාසියක් සැලසී ඇතැයි පෙනී යන බව මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.

මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (9) පෙරවරුවේ රැස්විය. මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මේ වාර්තාව බාරදී ඇත්තේ එම රැස්වීමේදීය.

මේ තත්ත්වය යටතේ මේ බදු ආදායම් අහිමිවීම සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් පැවැත්විය යුතු බවට කමිටුව නිර්දේශ කරන බවද සභාපතිවරයා පැවැසීය.

ලෝක වෙළෙඳපොළේ සීනි මිල ඉහළ යෑම නිසා පාරිභෝගිකයන්ට සහන සැලසීමේ පියවරක් ලෙස රජය සීනි බද්ද ශත විසිපහක් දක්වා අඩු කිරීමේ තීරණය ගත් බවත් මෙම අඩුකිරීම යම් පමණකට සාර්ථක වුවත් යම් පමණකට අසාර්ථක බවත් යාපා මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත් මුල් බද්ද තිබුණා නම් මෙරට වෙළෙඳපොළේ සීනි මිල අසීමිත ලෙස ඉහළ යෑමට ඉඩ තිබූ බව ද ඔහු කීය.

සියලු ආයතන එක්වී තීන්දු ගැනීමේ අඩපාඩුවක් ද මෙහිදී නිරීක්ෂණය වූ බවත් සීනි තොග ආනයනය කරන අවස්ථාවේදී මෙරට ගබඩාවල යම් සීනි තොග ප්‍රමාණයක් තිබී ඇතැයි තොරතුරු අනාවරණය වී ඇති බවත් මුදල් කාරක සභාව පවසයි.

මෙම කාරක සභා රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරුන්වන සුසිල් ප්‍රේමරත්න හා විදුර වික්‍රමනායක, මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, එම්.ඒ. සුමන්තිරන්, නලින් ප්‍රනාන්දු, විජිත හේරත් හා ඩිලාන් පෙරේරා යන මහත්වරුන් ද මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

 



අදහස් (8)

සීනි ගෙන්වීමේදී කෝටි 1600 ක පාඩුවක්

Hafeel Wednesday, 10 March 2021 06:30 AM

මේ වෝහාරික විගණනය කියන්නේ පට්ටපල් බොරුවක්. මේ පාඩුව මදිවට, තවත් මහජන මුදල් නාස්ති කරමින් තවත් පාඩුවක්. මහ බැංකු බැඳුම්කර වංචාවටත් මෙහෙම වෝහාරික විගණනය කළානේ... මොනවද වුණේ? ඉතිහාසයේ කොමිසම් සභාවලින් සහ විගණන කිරීමෙන් පාඩු මිස කිසිම ප්‍රයෝජනත් නැහැ. කාටත් දඬුවම් දීලත් නැහැ. මේකට හොඳම උදාරණයක් තමයි වත්මන් ජනාධිපති ලේකම්... ඔහුට අධිකරණ නියෝගයක් දුන්නා කිසිම රජයේ තනතුරු දරන්න බැහැ කියලා. ඒ ඔහු රටට කළ පාඩුව නිසා. දැන් ඉතින් කෝ?

:       0       24

Raveendra Wednesday, 10 March 2021 06:59 AM

සර්ලාට උපදෙස් දෙන්න ඉන්න හැට හුටාහමාරක් ආචාරියන්ට තවත් පිං පඩි දෙන එක ගැන හිතන්න කාලය ඇවිත්. එහෙම නැත්නම් දූෂිත දේශපාලුවන් එළවා දමන්නට එයට එරෙහි වෙන්නට කාලයයි...

:       0       22

sharm warn Wednesday, 10 March 2021 09:05 AM

මේ සීනි වංචාවේ මුල ඉඳන් අගට යනකල් සහ සුද්දෙන් කිව්ව අනුර කුමාර... නමුත් එක රටේ ඉන්න මොලේ අධික 68 ලක්ෂෙට තියා අනෙක් 59 ලක්ෂෙටවත් තේරුණේ නැහැ. විගණකාධිපතිලත් පව්. එයාලත් බාරෙ ඔප්පු කරන්න වගේ වාර්තා දෙනවා. නමුත් වෙච්චි දෙයක් නැහැ. රටේ ඉන්න මැටි මෝල්ලුන්ට අමාරුවක් නැතිනම් ඉතින් වෙන මොන එකක්ද?

:       1       16

siri Wednesday, 10 March 2021 09:16 AM

ග්‍රීසියේ බැඳුම්කර ගනුදෙනුවයි මහබැංකු මංකොල්ලයයි මීට වැඩිද? අඩුද? රට කාට ගියත් අපේ තර්කය ඒකයි...

:       0       8

Raveendra Wednesday, 10 March 2021 11:19 AM

අඩු වුණත්, වැඩි වුණත් ඔක්කොම වැරදීමයි. අඩු, වැඩි බලලා හිත් සනසාගන්න හදනවා නම්... ඒක තමයි වහල්කම...

:       3       2

Rata Perata Wednesday, 10 March 2021 04:24 PM

දේශපාලකයෝ ඔක්කොම කතා කරන්නේ නම් ඔස්තාර්ලා වගේ. ඒත් මහා මෝඩ රැළක්. මේ හොර රැළට එරෙහිව, පාට, පක්ෂ බලන්නේ නැතිව එළියට බහින්න කියලනේ. නැතිනම් චීනෙට අයිති, වනාන්තර නැති කාන්තාරෙක තමයි අපිට මැරෙන්න වෙන්නේ. මේවට වගකියන්න ඕනෑ අය ඇමෙරිකාවට පැනලා යයි.

:       0       0

Perera Wednesday, 10 March 2021 05:39 PM

රටට පාඩුවක් වුණාට කවුරු හරි දේශපාලකයෙකුට හොඳ ලාබයක්, වාසියක් වෙන්න ඇති නිසැකවම...

:       0       0

pradeepa Thursday, 11 March 2021 05:15 AM

එදා වියතුන් නැති මග මහ බැංකු මංකොල්ලයේ පාඩුව 11 බිලියනයයි. අද වියතුන් ඇති මග සීනි මංකොල්ලයේ පාඩුව 16 බිලියනයයි. තෙරුවන් සරණයි අපේ මව්බිමට..!!!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පොඩි ලැසීගේ නැන්දනියගේ සේප්පුවෙන් රන් කිලෝ එකක්
2025 මැයි මස 01 1686 2

ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය


උපදේශන සමාගමක එම්.ජී. ගිනි අවි සමග මාට්ටු
2025 මැයි මස 01 336 0

උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට


පොහොට්ටු මන්ත්‍රි කසිප්පු සමග මාට්ටු
2025 මැයි මස 01 636 2

ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි


ගිය මැයි රැළියේදී අනුර කියූ අනාවැකිය හරි යයි
2025 මැයි මස 01 881 0

2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 497 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා


සරසවි සිසුවාගේ මරණය ගැන සොයන්න කමිටුවක්
2025 මැයි මස 01 320 0

සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 365 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 96 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1122 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site