IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සන්ධාන නව මහලේකම් මහින්ද අමරවීර

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව මහ ලේකම්වරයා ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා පත් කර ඇතැයි පක්ෂ ආරංචි කියයි.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (8) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

අභාවප්‍රාප්ත වූ මහාචාර්ය විශ්වා වර්ණපාල ගෙන් පුරප්පාඩුවූ තනතුර සඳහා අමරවීර මහතා එසේ පත් කරනු ලැබ සිටී.

මේ අතර සන්ධානයේ හිටපු මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා එහි උප සභාපති ධූරයට පත් කර ඇත.



අදහස් (0)

සන්ධාන නව මහලේකම් මහින්ද අමරවීර

උපාලි Wednesday, 09 March 2016 04:55 AM

අපි ඉතින් මොනවා කියන්නද? (නි)

:       0       0

ශාන් Tuesday, 08 March 2016 03:48 PM

මහින්ද ට බැන්නත් හරි පට්ටමකුත් හම්බු වුනා එහෙනම් (බ)

:       0       0

චාමර Wednesday, 09 March 2016 05:29 AM

ඇයි ජස්ටීකා, ඔයාගේ කටට මොකද වුණේ? (නි)

:       0       0

කමල් Tuesday, 08 March 2016 04:07 PM

ජයවේවා ..(බ)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 09 March 2016 05:45 AM

පිටබැද්දර ජයා අමු ශ්‍රී ලංකා කාරයෙක්නේ බැලුවහම. කවදා ඉඳලද අප්පා මේ වෙනස? කොහොම වුණනත් පුළුවන් තරම් කට්ටිය ඔයාලා මුරුංගා අත්තේ තියන එක හොඳයි. මොකද බලය තිබෙනතුරු බෙදාදෙන ඔය තනතුරු එක්ක ඔය අයගේ දේශපාලන ජීවිත වල තීරණයත් එයාලට ලැබෙන නිසා. (නි)

:       0       0

මොහාන් Wednesday, 09 March 2016 05:49 AM

ජස්ටීකාගේ කටේ වශී බෝලයක් හිරවෙලාලු (නි)

:       0       0

මෂූද් Tuesday, 08 March 2016 04:30 PM

හම්බන්තොටටම දුන්නේ මොකද (කෞ)

:       0       0

සුදේශ් Wednesday, 09 March 2016 06:04 AM

මේගොල්ලන්ගේ දේශපාලනයේ අවසානය ළඟයි (නි)

:       0       0

සරත් Wednesday, 09 March 2016 06:00 AM

තව පක්ෂයක් දිනවන්න වෙනත් පක්ෂයක ලේකම් කෙනෙක්?

:       0       0

ජස්ටිකා Tuesday, 08 March 2016 04:55 PM

අනේ මොකටද මගේ කට! (නි)

:       0       0

කෝලිත Tuesday, 08 March 2016 04:54 PM

කොහොම වුණත් කමක් නැහැ, අපල තියෙනවද කියලා හඳහන බලාගන්න එක හොඳයි (නි)

:       0       0

චාමර Tuesday, 08 March 2016 05:30 PM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

පැරකුම් ජයසිංහ Tuesday, 08 March 2016 05:34 PM

බලය හිමි කෙනෙකුගේ බලය ඇතිතෙක් නටන පරපෝෂිත දේශපාලකයන්ට අනාගතයක් නැත (නි)

:       0       0

අසංග Wednesday, 09 March 2016 06:31 AM

අනේ දන්නැති හින්ද අහන්නේ මේ වැඩවලින් අපේ රටට වෙන සේවය මොකක්ද? (කෞ)

:       0       0

අරවින්ද Tuesday, 08 March 2016 06:35 PM

ඔහොම යමුකෝ! (නි)

:       0       0

සුසන්ත Tuesday, 08 March 2016 06:46 PM

බලාගෙන හොඳේ! (නි)

:       0       0

අසංග Wednesday, 09 March 2016 06:50 AM

13වැනි සිහිනය:- කොසොල් රජතුමා: ස්වාමීනි, දහතුන් වන සිහිනය නම් සුවිසල් පර්වත දියෙහි පාවී යාමය. බුදුරජාණන්වහන්සේ: රජතුමනි, අනාගතයේ දී සම්භාවනීය පුද්ගලයෝ තනතුරුවලින් නෙරපා පහත් පුද්ගලයින් සේවයේ යොදවත්. මෙමගින් සමාජ සංස්ථාව මහත් පීඩාවට පත්ව රාජ්‍ය ද පිරිහී යන බව දත යුතුය.(කෞ)

:       0       0

මෙලනි Tuesday, 08 March 2016 07:01 PM

බොහොම හොඳයි (නි)

:       0       0

දනුක Wednesday, 09 March 2016 07:00 AM

ඔබතුමා ඇමති මණ්ඩලය 20 ට සීමා කරගැනීමේ සටන පටන් ගන්න. උද්ඝෝෂනද ,උපවාසද ඕන දේකට සහයට අපි එනවා. සෝබිත හිමියන්ගේ තිබුන ලොකුම හීනයක් තමා ඇමති මණ්ඩලය 20 ට අඩු කර ජනතාව මත පටවා ඇති බර ඉවත් කිරීම. (බ)

:       0       0

ද සිල්වා Tuesday, 08 March 2016 07:33 PM

හම්බන්තොට වුණාට සමහරුන්ට රාජපක්ෂ පවුලෙන් ලැබුනේ කුඩම්මාගේ සැළකිලි. එ්ගොල්ලන්ට රිදෙන්නත් එක්ක හොඳයි (නි)

:       0       0

ශෙහාන් Tuesday, 08 March 2016 08:07 PM

වැරදි කර ඇතොත් කාගෙන් බේරුනත් ජනතා ශාපෙන් ගැළවෙන්න බැහැ (නි)

:       0       0

සරත් සෞදි Wednesday, 09 March 2016 07:17 AM

ඔය නිලය වස් වැදුන එකක් පරිස්සමින් (බ)

:       0       0

සුලෝචන Tuesday, 08 March 2016 11:06 PM

ඊළඟට කාටද අවස්ථාව? (නි)

:       0       0

සමන් පෙරේරා Tuesday, 08 March 2016 11:36 PM

දැන් ඉතින් වැඩ පෙන්වන්න තියෙන්නේ. බඩු මිල එහෙම අඩුකරන්න පුළුවන් මොනවාහරි දෙයක් කරලා. (නි)

:       0       0

කෝසල Wednesday, 09 March 2016 01:45 AM

ඔබතුමා ඉස්සර ඉඳලම ඇමති මණ්ඩලය 20 ට වඩා වැඩි කරනවට තදින් විරුද්ධ වුණ කෙනෙක්. ජනතාවට ජීවත්වෙන්න අමාරුයි. ඔබතුමාට දැන් පුළුවන් විශාල හඬක් නඟන්න ඇමති මණ්ඩලය 20 ට වැඩි කිරීමට විරුද්ධව. (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 09 March 2016 02:22 AM

බොහොම හොඳ පත්කිරීමක්. පක්ෂය වෙනුවෙන් කැපවුණ, කුඩම්මාගේ සැළකිලි වලින් අඩුවක් නැති පහුගිය කාලේ මුල්ලකට කරලා තිබුණ, කෙළින් කතාකරන, පක්ෂයට හිතවත් මනුසයෙක්. ජය වේවා ජනපතිතුමනි! (නි)

:       0       0

සංජීව Wednesday, 09 March 2016 02:27 AM

ඕක නොලැබුණා නම් තමයි පුදුමේ (නි)

:       0       0

කවීන්ද හේරත් Wednesday, 09 March 2016 02:38 AM

හිතවත්කම් තිබිය යුත්තේ පක්ෂයට නොව ජනතාවටය. බලමු බලමු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site