IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


සුන්දර ඇල්ල අරදුණු ඇල්ල

2016-08-26-ent-136

2016-08-26-ent-129කවුරැත් බලන්න යන තැන් වලින් එළියට බැහැලා වෙනස්ම සංචාරක ස්ථාන හොයාගෙන යද්දි තමයි වැටහෙන්නේ ශ්‍රී ලංකාව කොච්චර ලස්සනද කියලා. ස්වභාවදහම නිර්මාණය කරලා තියෙන පුදුමාකාර නිර්මාණ එකකට එකක් ඒවායේ සුන්දරත්වයෙන් පරදින්න සූදානම් නැහැ. අද walk 21 එක්ක ඔබ මේ යන්න සූදානම් වෙන්නේ සමහරවිට අහලවත් නැති තැනකට වෙන්න ඇති. මේ තමයි අරදුණු ඇල්ල. බදුල්ලට ගිහින්, බදුල්ලෙන් පස්සරට ගිහින්, පස්සර ඉඳලා මඩොල්සිම පාරේ කිලෝමීටර් 3ක් විතර ගියාම තියෙනවා මඩුගස්තලාව කියලා පාරක්. අන්න ඒ පාරේ තව කිලෝමීටර් 2ක් ගියාම මේ අපූරැ ඇල්ල හමුවෙනවා.

පුරාණ වළගම්බා සමයේ මේ ඇල්ලට යටින්, ඇල්ල ඇතුළෙන් කිලෝමීටර් ගණනක් දිග උමඟක් සෑදුවා කියලා ගමේ උදවිය අදටත් කියනවා. ඒත් උමඟක් තියෙනවාද නැද්ද බලන්නත් අපහසු තරමට ඇල්ලේ යට කොටසේ ජලය වේගයෙන් කඩා වැටෙනවා. ඇල්ලේ යට කොටස කියලා කිව්වේ අරදුණු ඇල්ල කොටස් තුනකට කඩාවැටෙන නිසා. මේ ඇල්ල ඉහළ, මැද හා පහළම කොටස විදියට ආකාර තුනකට තමයි කඩා හැලෙන්නේ. මේ ඡායාරෑප හොඳින් බැලුවොත් ඒක පෙනේවි. හරියට රම්බොඩ ඇල්ල වගේ. අනෙක් දියඇලිවල ඇල්ල වැටෙන තටාකයට වඩා මේ ඇල්ල වැටෙන තටාකය ආරක්ෂිතව දිය ස්නානය කරන්න පුළුවන් තැනක්. සාමාන්‍යයෙන් ඇල්ලක් වැටෙන තැන ගැඹුරැ වලක් හෑරෙනවා. මෙතැනත් ඇල්ල අසලම එහෙම වුණාම එතැනට පොඩ්ඩක් දුරට වෙද්දි පොඩි දරැවෙක්ට වුණත් ආරක්ෂිතව නාන්න පුළුවන් සුන්දර තැනක්.

අරදුණු ඇල්ල මීටර් 36ක් උසින් යුක්ත වුණත් අර මුලින් කිව්වා වගේ මේක කොටස් තුනකට වැටෙන නිසා ලංකාවේ දියඇලි වර්ගීකරණයේ උසින් වැඩි දියඇලි අතරට යන්න බැරිවෙලා. පස්සර වටකරගෙන ඉන්න මහා ශිඛරය තමයි නමුණුකුල කඳුවැටිය. ඉතින් පස්සරට වටිනාකමක් ගෙනෙන අරදුණු ඇල්ලත් නමුණුකුල කඳුවැටියේම තිළිණයක්. නමුණුකුලින් ආරම්භවෙන ලොග්ගල්ඔය තමයි මේ අපූරැ දියඇල්ල නිර්මාණය කරන්නේ.

ඇල්ල අසලම ලංකාවේ බොහෝ දියඇලිවලට වුණා වගේම කුඩා විදුලි බලාගාරයක් හදලා තියෙනවා. බොහෝවිට අනාගතයේ දවසක මේ ඇල්ලත් ජල සේලය ගැලවිලා හිඳිලා යාවි. එහෙම නොවේවා කියන ප්‍රාර්ථනයත් එක්කම ගිහින් බලලා රසවිඳලා එන්න මේ සුන්දර අරදුණු ඇල්ල..

 

ප්‍රසාද් 

 

2016-08-26-ent-139
2016-08-26-ent-135
2016-08-26-ent-134
2016-08-26-ent-133
2016-08-26-ent-132
2016-08-26-ent-131
2016-08-26-ent-130



අදහස් (0)

සුන්දර ඇල්ල අරදුණු ඇල්ල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 50 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 213 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 551 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site