IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සෞදි සංචාරක වීසා දික් නොකරයි

සංචාරක විසා මගින් සෞදි අරාබියට පැමිණෙන විදේශිකයින්ගේ විසා කාලය ජුලි 1 දායින් පසු තවදුරටත් දීර්ඝ නොකරන බව සෞදි ආගමන විගමන අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය පවසයි.

කෙසේ වුවද යුද වාතාවරණයක් පවතින සිරියා ජාතීන්ට මෙම නීතිය බලනොපාන බවද පවසයි මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කර්නල් අල්ලිහාය්දන් පුවත් පත් සමඟ පැවසුවේ නව තීරණය මගින් සෞදි අරාබියේ සංචාරය කිරීමට නියමිත උම්රා බැතිමතුන්ට මෙන්ම අනිකුත් විදේශිකයින්ට අවස්ථාව ලබාදීම  මෙහි අරමුණ බවයි,මේ අනුව ජුලි 1 වැනිදායින් පසුව තම  විසා කාලය ඉක්මවූ සියලුම සංචාරක විසා හිමියන් රටෙන් පිටවිය යුතු බවයි.එසේ නොමැතිනම් දඩුවම් ලබාදෙන බවයි.

 

 



අදහස් (0)

සෞදි සංචාරක වීසා දික් නොකරයි

සරත් r Saturday, 17 May 2014 04:08 PM

හුසේන්, ඔබ තරහ ගන්න එපා. රවී පිටස්තර ලෝකය ගැන දන්නේ නැති නිසා තමයි රටවල් දියුණු කරන්න අමාරු. මේවා නැතිවී ජාතික සහජීවනය අපි පතමු. (අ)

:       0       0

ආර් ලියනගේ Saturday, 17 May 2014 04:11 PM

අරාබියේ සුර සැප විඳිනවා (අ)

:       0       0

මංජුල පෙරේරා රියාද් Saturday, 17 May 2014 04:38 PM

හුසේන් ඔයාගේ කතාව ඇත්ත . (අ)

:       0       0

ශාන් Saturday, 17 May 2014 12:38 AM

අපි මොනවද කරන්නේ ජාතියක් විදියට ලුතිනන් කර්නල් ලා අපිට නැද්ද ? (ස)

:       0       0

බහනුක Saturday, 17 May 2014 06:50 PM

රවී අනිත් රටවල් පහත් කරන්න නෙවෙයි අපේ රටේ උසස් බව නැතිවන ප්‍රකාශ වලින් වලකින්න. සෑම රටකම මොකක් හරි වැදගත් කමක් තියනවා. (අ)

:       0       0

සමන්ත ප්‍රදීප් Saturday, 17 May 2014 08:07 AM

අපේ රටේ ඉන්දිඅයන් කාරයෝ , පකිස්තාන් කාරයෝ හොරෙන් හැංගිලා ඉන්නවා කල්ප කාලාන්තරයක්. රෙදි බිස්නස්, කුඩු බිස්නස්, රත්තරන් බිස්නස් එයාලා කරනවා. (ස)

:       0       0

රවී Saturday, 17 May 2014 09:56 AM

කවුද එහේ යන්නේ ජරාම රටක් (ස)

:       0       0

පිටිගල Saturday, 17 May 2014 10:24 AM

අපේ රටේ නීතිය කොහොම වෙතත් ආශීර්වාද ලත් සමහරුන්ට ඕනෑම දෙයක් කිරීමටත් ඔනාමකාලයක් සිටීමටත් ඉඩ තිබේ. අවශ්‍ය ආශීර්වාදය පමණි. (අ)

:       0       0

නුවන් Friday, 16 May 2014 07:41 PM

තමුන්ගේ ජාතිය,ආගම රැකගන්න මේ මිනිස්සු නීතියට වැඩ.ඒකට අපේ දේශපාලඥයෝ? (නි)

:       0       0

ඛලීල් Friday, 16 May 2014 08:31 PM

සමහර දේවල් දැක්කම අපේ නීතිය කෝ කියලා හිතෙනවා. (ස)

:       0       0

ද සිල්වා Sunday, 18 May 2014 03:35 AM

හුසේන් සවුදියෙන් මේ විදේශ විනිමය නොමිලයේ නොලැබේ අපේ මිනිස්සු දහදුක් විදිමින් තමයි මේ විදේශ විනිමය ලංකාවට ලබාදෙන්නේ , සවුදිය කියන්නේ විදේශික ශ්‍රමිකයන්ට (තුන්වන ලෝකයේ රටවලින් පැමිණෙන ) වහලුන්ට වගේ සලකන , වර්ගවාදය ඉහලින් රජයන මෙලේච්ඡ නීතියක් ඇති රටක් බවට ලෝකයේ බුද්ධිමත් බහුතරයකගේ අදහස බව පැහැදිලියි.(නදී)

:       0       0

හුසේන් Saturday, 17 May 2014 02:03 PM

රවී, ඔබ කියන ඔය ජරා යැයි කියන රටේ ලක්ෂ පහකට ආසන්න ලාංකිකයන් රස්සා කිරීමෙන් ලංකාවට එන විදේශ විනිමය කීයද කියල දන්නවද ? එය ලංකා ආර්ථිකයට කොයි තරම් රුකුලක් දෙනවද කියල ඔයා දන්නවද ? අපේ සිංහල පවුල් කීදාහක් සෞදිවල යාන වාහන තියාගෙන සුර සැප විඳිනවද කියල ඔයා දන්නවද ? ඔය ජාතිවාදී කන්නාඩිය දාගෙන, ඔය කියන රටවල්වලින් ලැබුණු ආධාරවලින් හදපු පාරවල්වල යන්නෙපා. අපි තාම වනචාරී යුගයකටද යන්නේ ජාතිවාදය ඇදගෙන ? මනුෂත්වයේ නාමයෙන් මනුස්සයෙක් වගේ කරුණාකරලා හිතලා උපන් රට දියුණු කරන්න උත්සාහ කරමු.(නදී)

:       0       0

ලලිත් Saturday, 17 May 2014 02:52 PM

රවිටයි මේ කියන්නේ. රවිල කීදෙනෙක් සෞදියේ ඉන්නවද? ලක්ෂ 5 කට වැඩි පිරිසකගේ පවුල් දශ ලක්ෂ ගානක් සෞදි සල්ලි වලින් ජීවත් වෙන බව ඔබ දන්නවද? සමහර අය ඒ රටටල් වලට බනිනවා එ්ත් දන්නවද අපේ රටට මේ රටවලින් වසරකට කොයි තරම් මුදලක් ආදාර කරනවද කියල පාලම් බෝක්කු මහා මාර්ග වලට රුපියල් කෝටි ගණන් දෙනව කියල දන්නවද ?අපේ රට වගේ නෙවේ මේ රටවල් නීතිය නීතියමයි. ගසාකෑම හොරකම වංචාව,දුෂණය නැතිනිසා දිනෙන් දින දියුණුවට පත්වෙනවා. ජාතිවාදය ඔලුවේ තියාගන්නවා නම් මේ රටවල්වල මුස්ලිම් නොවන එක මිනිහෙක් වැඩට ගන්නේ නැහැ. එහෙම නැති නිසා තමයි මේ රටවල ලෝකේ ඕනෑම කෙනෙකුට ඇවිත් කීයක් හරි හොයා ගන්න ඉඩ දීල තියෙන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site