IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සෞදි ජංගම සේවාවක් අගෝස්තු 03 වැනිදා

සෞදි අරාබියේ  රියාද් ශ්‍රී ලංකා තනාපති කාර්යාලයය මගින් පවත්වනු ලබන නැගෙනහිර කළාපයේ  තානාපති ජංගම සේවාව  අගොස්තු මස  03 වැනි සෙනසුරාදා  අල් කොබාර් දමාම්  අධිවේගී මාර්ගයේ  ඇස්ටුන් රෝහල  අසල පිහිටි යෝජිත  ශ්‍රී ලංකා  ජාත්‍යන්තර පාසැල් පරිශ්‍රයේදී  පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි  රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයය කියයි.

 අගොස්තු 03 වැනිදා උදෑසන 8 සිට පස්වරු 3 දක්වා  පැවැත්වීමට නියමිත  මෙම ජංගම සේවයට  රියාද් තානාපති කාර්යාලයයේ  නිලධාරීන් කණ්ඩායමක් සහභාගී වන බැවින්   ගමන් බලපත්‍ර අයදුම් කිරීම , දිර්ඝ කිරීම  , උප්පැන්න ලියාපදිංචි කිරීම, ඇතුළු ලිපි ලේඛන කටයුතු සදහා  ශ්‍රී ලාංකිකයින් උදෑසනින් පැමිණ  නිලධාරීන්ට සහයෝගය දක්වන ලෙස  තානාපති කාර්යාල නිලධාරීහු ඉල්ලා සිටිති.

 කෙසේ වුවද මෙදින ජංගම සේවාව සෙනසුරාදා පැවැත්වුවද මහජන ප්‍රතිචාරය මත ඉදිරි ජංගම සේවාවන් පැවැත්වීමේ දිනය පිළිබඳව තීරණයක් ගන්නා බව  සෞදි ශ්‍රී ලංකා තානාපති  වඩිවෙල් ක්‍රිෂ්ණ මුර්ති  මහතා පැවසීය.

 මෙදින පොදු සමා  කාලයට සමගාමීව අවතැන් වුවන් සදහා තාවකාලික ගමන් බලපත්‍ර  ලබා දීමටද සැළකා බලන බව  තානාපතිවරයා පවැසි.



අදහස් (0)

සෞදි ජංගම සේවාවක් අගෝස්තු 03 වැනිදා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site