IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සිංදු කියා ගෙයක් දිනයි

රණවිරු රියල් ස්ටාර් දෙවන මෙහෙයුෙමේ  ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය  කරමින් පස්වන ස්ථානයට හිමිකර ගත්  සැරයන් ඉමාලි පතිරණ වෙත නිවසක් ප්‍රධානය කිරීම  තලකිරියාගම පහලවැව යන ස්ථානයේදී ගුවන් හමුදධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ  සභාපතිනි රොෂාණි ගුණතිලක මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

මෙම නිවස ඉදිකිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ලබා දී  ඇති අතර සම්පූර්ණ ශ්‍රම දායකත්වය ගුවන් හමුදා සීගිරි කඳවුරෙන් දක්වන ලදී.

මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා සුභසාධක අධ්‍යක‍ෂක එයාර් වයිෂ් මාර්ෂල් ලාල් පෙරේරා, ගුවන් හමුදා සීගිරි කඳවුරු අණදෙණ නිළධාරි විංග් කමාන්ඩර් සී පී ගුණතිලක ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකයෝ ඇතුලු ඉමාලි ගේ ඥාතීහු  සහභාගි වුහ.

 



අදහස් (0)

සිංදු කියා ගෙයක් දිනයි

වසන්ත Saturday, 26 April 2014 11:36 AM

නිමාලි ඔයාට මගෙන් සුබ පැතුම් ඔයාගේ දක්ෂ කමට විතරක්ම නෙමේ මෙවැනි තිළිණයක් ලැබුනේ ඔයාගේ වාසනාවත් බලපානවා,ජයෙන් ජයම වේවා,(අ)

:       0       2

පොන්සේකා Saturday, 26 April 2014 11:09 AM

අනේ මන්ද හොද නරක නෙමේ කියන්නේ ගාපු තීන්ත එකේ පාට..සිංහල අයගේ සිරිතක්ද මන්ද .ඇයට ඕනි පාට ඇය ගාන්න කියන්න ඇති ඉතින් ඔයාලට මොකෝ (අ)

:       0       0

දයාන් Saturday, 26 April 2014 12:02 PM

හොඳ ත්‍යාගයක්,එත් ආරක්‍ෂිත සමහර දෑ මෙහි අඩංගු වී නැහැ.බලන්න පඩි පෙලට සම්බන්ධ ආරක්‍ෂිත වැට,ගොඩක් හිස්.මෙය දඟකාර කුඩා දරුවන්ට හිතකර නොවේ. ඉතින් මේ ගැන වැඩ කල්පනා කාරිවන්න. (අ)

:       0       0

චම්පා Sunday, 27 April 2014 03:21 PM

අපි හොදදේට හොදයි කියමූ (දී)

:       0       0

රජින්ද Saturday, 26 April 2014 12:46 PM

මෙහෙමයි පොන්සේකා මහත්තයෝ, අපි අඩු පාඩු දකින්නේ මිනිස්සුන්ගේ නෙමෙයි. වැඩ වල. එතකොට තමයි ඒ ගැන තවත් කෙනෙක් හිතන්නේ. අපි හැමෝම දන්නවා මේ වැඩේ සුපිරි වැඩක් කියල. එත් ඒ වැඩේට අදාලව එකේ ඇති අඩුවක් පෙන්නලා දීමයි කරන්නේ. නැතුව මේ සද්කාර්ය හෙළා දැකීමක් එහෙම නෙමේ. (අ)

:       0       0

පතිරණ Saturday, 26 April 2014 12:51 PM

හැමේටම ස්තුතියි

:       0       0

අසංග Monday, 28 April 2014 08:58 PM

හරිම ලස්සනයි. (ත)

:       0       0

කමනි Saturday, 26 April 2014 12:51 PM

අඩු පාඩු හොයනවා ඇරෙන්න මෙයාලට කියන්න දෙයක් නැද්ද? ලස්සන ගෙයක්. (අ)

:       0       0

ධමිම්කි Saturday, 26 April 2014 01:32 PM

ලස්සන ගෙයක්, ලස්සන වටපිටාවක්, ලස්සන සෙබළියක්. (අ)

:       0       0

සංජය Saturday, 26 April 2014 02:42 PM

රණවිරුවෝ ඉන්නවා නේද ඒ ළමයිට ගෙයක් හදලා දෙන්න තිබුන නේද? (නදී)

:       0       0

ටානියා Sunday, 27 April 2014 11:11 AM

සුභපතනවා ඔඅබට (දී)

:       0       0

විජය බණ්ඩාර Saturday, 26 April 2014 03:24 PM

මෙම ත්‍යාගය ඔබට ලැබුනේ ගී ගයුවට පමණක්ම නොවේ කුරිරු ත්‍රස්තවාදී යුද්ද සමයේ අම්පාරේ බංකර තුල රට වෙනුවෙන් ඔබ කල අනුපමීය සේවාව වෙනුවෙනි. ඉමාලි , ඔබ අපට හැමදා වීර තරුවකි. ඔබට උණුසුම් සුබ පැතුම්! (අ)

:       0       0

ඉමාලි පතිරණ Saturday, 26 April 2014 05:04 PM

ස්තුති (දී)

:       0       0

කල්පනී Monday, 28 April 2014 05:21 PM

හැම දේටම වඩා ඔබේ නිහතමානී කම අක්කේ මේ (ස)

:       0       0

අජිත් රුවන්පුර Saturday, 26 April 2014 06:30 PM

සුබ පැතුම් ඉමාලි ...................... (දී)

:       0       0

නුවන් Saturday, 26 April 2014 08:31 PM

ඉමාලි නෙවෙයි සුදුස්සා ගෙයක් දොරක් නොමැති යුද්දයේ මරු කටේ දි අබාදිත උන සෙබලු කී දෙනෙක් නම් ඇත්ද ඉමාලි යුද්දය ඇස් දෙකින් දැක්කාදවත් දන්නෙ නැහැ.(නදී)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 27 April 2014 09:04 PM

පස් වෙනියාට මෙහෙමනම් පලවෙනියාට කොහොම ඇත්ද? ලස්සන ගෙයක් (දී)

:       0       0

දොඩන්ගොඩ ආනන්ද Saturday, 26 April 2014 09:52 PM

මෙම හමුදා නිලදාරීන් සුදු පැහැති බුදු රුවක් උස්සා සිටීමත් බුදහු දහමට නිගාවක් කියා රටින් පිටුවහල් කරාවිද දන්නේ නෑ (ස)

:       0       0

කමනී Saturday, 26 April 2014 09:06 AM

සුබ පැතුම්! දක්ෂ කමට ලැබුණු දෙයක්. සුබ අනාගතයක් සොයුරිය. (නදී)

:       0       0

සංජය Saturday, 26 April 2014 08:46 AM

මෙයිට වැඩිය හොඳ නැද්ද රට වෙනුවෙන් දිවි පිදු දරුවෙකුට මේ ගෙවල් දුන්නා නම්.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Saturday, 26 April 2014 11:12 PM

කෙනෙක්ගේ දක්ෂතාවයට, උත්සාහයට, ලැබුණු දෙයක් දිහා වැරදි කෝනෙන් බලන්න එපා. කෙනෙකුට ලැබීමක් තිබේනම් ඒක වලක් වන්න තවක් කෙනෙකුට බෑ. ඉමාලි සොයුරිය ඔබට සුබ පතනවා.(නදී)

:       0       0

සෙන්ජී Saturday, 26 April 2014 10:05 AM

මේක අවශ්‍ය වැඩක් ද? (අ)

:       0       0

චමින්ද Saturday, 26 April 2014 09:25 AM

මගෙන් සුබ පැතුම් ! හැබැයි, ඇස් නිලංකාර වෙන තැබිලි පාටක් නේ, ගේ ඇතුලට ගාලා තියෙන්නේ.කාගේද දන්නේ නැහැ පාට තේරීම ? (අ)

:       0       0

ට්‍රයිකෝ රන්ජිත් Sunday, 27 April 2014 01:20 AM

මේවා හොඳ වැඩ. ඔවුන් දිරි ගැන්වීමත් රටට ආස්වාදයක් ඔවුන්ගෙන් ලබා දීමත් මේවයින් සිදුවෙනවා.(නදී)

:       0       0

ඉන්දික Saturday, 26 April 2014 09:53 AM

කීප දෙනෙකුට මේ වගේ දෙනවට වඩා වැඩි දෙනෙකුට බෙදිලා යනවනම් වඩා හොඳයි. (අ)

:       0       0

රජින්ද Saturday, 26 April 2014 10:47 AM

චමින්ද, ඒක තමයි මේ මාත් බැලුවේ මොකද මෙච්චර තද පාටක් ගේ ඇතුලට ගාල තියෙන්නේ කියල. ඉර එලිය වැටුනම කොහොම ඉන්නද? වාස්තු ශිල්පිය කොහෙන් ආව කෙනෙක්ද දන්නෑ. (අ)

:       0       0

මහවැලි Saturday, 26 April 2014 11:09 AM

ආශීර්වාද මුසු සුභපැතුම්. ඇස, කණ හා මනස විසින් ග්‍රහණය කරගන්නා වූ යහපත් ක්‍රියාවක් ඇසීමෙන්, දැකීමෙන් සහ සිතීමෙන් සිතෙහි හටගන්නාවූ ප්‍රභාස්වරය තුළින් නොමනා සිතුවිලි යටපත් වෙයි.(අ)

:       0       0

ශාන්ත Saturday, 26 April 2014 10:44 AM

නාවික සෙබළුන්ගේ ශ්‍රමය නොමිලේ ගත්ත එක වැරදිය. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site