අස්මි තාසිම් මහතා සෞදි අරාබියේ නව තානාපතිවරයා ලෙස පිටත්වීමට පෙර විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය අද (05) දින විදේශ රැකියා අමාත්‍යංශයේදී හමුවිය. සෞදි අරාබියේ දමාම්හි නව කොන්සල් ජනරාල් කාර්යාලයක් විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස අමාත්‍යවරිය ඔහුට උපදෙස් දුන්නේය.
ඇමැතිනිය සඳහන් කළේ, සෞදි අරාබියේ රියාද් හා ජෙඩා යන ප‍්‍රදේශවල කොන්සල් ජනරාල් කාර්යාල පැවතුණත්, දමාම් ප‍්‍රදේශයේත් විශාල ශ‍්‍රී ලාංකික පිරිසක් රැකියා කරන නිසා එම ප‍්‍රදේශයටත් කොන්සල් ජනරාල් කාර්යාලයක අවශ්‍යතාව පවතින බවයි. සෞදි රජය සමඟ සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා ලෙස ඇය ඔහුට උපදෙස් දුන්නාය. තානාපති කාර්යාලවල සේවය කරන විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිළධාරීන් හා විදේශ රැකියා අමාත්‍යංශයට අදාළ නිලධාරීන්ගේ සහයෝගයෙන් හා උපරිම කැපවීමෙන් වැඩ කටයුතු කළ යුතු බවත්, මෙහිදී ඇය සඳහන් කළාය. සුරක්‍ෂා නිවාසවල සිටින ශ‍්‍රී ලාංකිකයින් පිළිබඳව තානාපති කාර්යාලවල සිටින නිළධාරීන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ඇය උපදෙස් දුන්නාය.
නව තානාපති සඳහන් කළේ, ශ‍්‍රමිකයින් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් හා එහි ආරක්‍ෂාව පිළිබඳව කටයුතු කිරීමට නව වැඩසටහන් ගණනාවක් කි‍්‍රයාත්මක කිරීමට බලාපොරොත්තුවන බවයි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති රාජ්පාල් ඔබේසේකර, අතිරේක සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. එන්. වන්සේකර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (විදේශ සබඳතා) ජගත් බටුගෙදර යන මහත්වරුන්ද එක් වූහ.
ජායාරූපය ළහිරු හර්ෂණ
2025 දෙසැම්බර් මස 18
484
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘සෞදි අරාබියේ දමාම් කොන්සල් කාර්යාලයක් ’
සුජීව ද අල්විස් Thursday, 05 November 2015 01:30 PM
අස්මි තාසිම් මහතා ඉතාමත් උනන්දුවෙන් කාර්යෂමතාවයෙන් අවංකව කටයුතු කරන වැදගත් පුද්ගලයෙකි. ඒ බව එතුමා ඉතිහාසයේද පෙන්නුම් කර ඇත. තාසිම් මහතාට ලැබුණු මේ අලුත් වගකීම ලංකාවට වටිනා සම්පතකි. එතුමා, සෞදියේ ජීවත්වන ලාංකිකයන් ආරක්ෂා කරනවාට අමතරව, ලංකාවට වැදගත් ආර්ථික ප්‍රතිඵල ලබාදෙන බවට අපට බලාපොරොත්තු තැබිය හැක. (නි)
සුරංග Thursday, 05 November 2015 02:07 PM
ඔහොම යමු. ජයවේවා! (නි)
ජගත් Thursday, 05 November 2015 02:13 PM
සුජීව සමඟ 100% ක් එකඟවෙමි. (නි)
නෙල් Friday, 06 November 2015 04:10 AM
හම්බන්තොට අපිට ඔබ ආඩම්බරයක් (ම)