IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සෞදි අමාත්‍ය උපදේශකට උපහාර

හත් වසරක් සෞදි අරාබියේ රියාද්හි  ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ  අමාත්‍ය උපදේශක හා  කම්කරු උපදේශක ලෙස කටයුතු කළ අනුර මුතුමාල මහතා කළ සේවය වෙනුවෙන් සෞදියේ නැගෙනහිර පළාතේ ශ්‍රී ලාංකිකයෝ සම්මානයක් පුද කළහ.

ඔහු නොබෝ දිනකින්  ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය.

ගුරු  වෘත්තියෙන් රාජ්‍ය සේවයට එක් වු  අනුර මුතුමාල මහතා එක්දහස් නවසිය අනු තුන වසරේ සිට අනුඅට වසර දක්වා  දේශීය ආදායම් බදු නිලධාරියකු ලෙස ද කටයුතු කැර ඇති අතර එක්දහස් නවසිය අනු අට වසරේදී  රාජ්‍ය පරිපාලන සේවයට එක් වු  මුතුමාල මහතා  නියෝජ්‍ය කම්කරු කොමසාරිස්  සහකාර කම්කරු කොමසාරිස් හා කම්කරුකරු කොමසාරිස්වරයකු ලෙස උසස් වීම් ලබමින්  ශ්‍රී ලාංකික ජනතාව වෙත  විශාල සේවයක් ඉටු කැර ඇත.

2010 වර්ෂයේ ජුලී 7 වැනිදා  සෞදි අරාබියේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ  පළමු ලේකම් ලෙස  පත්ව ආ අනුර මුතුමාල මහතා  කම්කරු උපදේශක ලෙසත්  ඉන් අනතුරු මේ දක්වා  අමාත්‍ය උපදේශක ලෙසතු කටයුතු කරයි.

අනුර මුතුමාල මහතා සිය සේවා කාලයේදී  ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන්  සිදු කළ මෙහෙයන් අතුරින් විශේෂයෙන් අනවසරික විදේශිකයන් සදහා  සෞදි රජය විසින්

2013- 04 - 06 දින සිට සමගාමීව ශ්‍රී ලංකාවේ අවතැන් වුවන් හා  නීතී විරෝධීව රැදී සිටින්නන් වෙනුවෙන්  සිදු කළ ජංගම සේවාවන් හා අනෙකුත්  සේවයන්වලදී ශ්‍රී ලංකා නානාපති වඩිවේල් ක්‍රිෂ්ණ මුර්තී  උපදේස් මත මුතුමාල මහතා විශාල සේවයක් ඉටු කළේය.

 

 

 

 

  

 

 

 

 



අදහස් (0)

සෞදි අමාත්‍ය උපදේශකට උපහාර

සම්පත් දමාම් සව්දි අරාබිය Monday, 04 November 2013 03:39 PM

සෞදියේ නැගෙනහිර පළාතේ මේ සංගමයේ කට්ටියට තානාපති කාර්යාලයෙන් අවශ්‍ය දේවල් සිදුවුනත් දමාම් කොබාර් වල ඉන්න ශ්‍රී ලාංකික අයට වුනු දෙයක් නැහැ. එක එක මහත්තුරුන්ට පාටි දැම්මට වැඩක් නැහැ. එම්බසියට කෝල් කලාම ෆොන් එක ගන්නේ නැහැ. (ස)

:       0       0

දිල්ශානි Sunday, 03 November 2013 11:42 PM

මෙයාල හරියට වැඩ කෙරුවනම් කටු ගහල,ඇන ගහල පඩි නැතුව අපේ අය එන්නේ කොහොමද? රිසනාව මැරුවෙත් මෙයා ඉන්න කාලෙම නේද? (දී)

:       0       0

බොතේජු-සෞදි අරබිය Monday, 04 November 2013 11:45 AM

කතා බහට හොඳ මනුස්සයා වැඩ ගැන නම් කියලා වැඩක් නැ.මොනවා ඇහුවත් විදේශ සේවා එකට කතා කරන්න කියනවා ??? (ස)

:       0       0

උපාලි ජයසිංහ Sunday, 03 November 2013 04:37 PM

මුතුමාල මහත්මයාණෙනි, තනතුර ඔටුන්නක් කර නොගත් ඔබගේ අවංක සේවාව සෞදී අරාබියේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ට නොඅඩුව දවසේ ඕනෑම වෙලාවක සැපයීම ගැන සෞදියේ සිටින ශ්‍රී ලංකිකයන් වෙනුවෙන් ස්තුතිය පුදකරමි. නැවත ලංකාවට ගියපසු ඔබගේ අනර්ග සේවාව, ශ්‍රී ලංකාවේදී අනෙකුත් ලාංකිකයන්ටද නැවත ලැබෙනු ඇති.(නදී)

:       0       0

සම්මානි Sunday, 03 November 2013 04:48 PM

මෙම පුද්ගලයා කරපු දෙයක් නැහැ. සව්දි තානාපති කාර්යාලයට කථා කරල බලන්න එතකොට කියයි විස්තර(නදී)

:       0       0

අමල් සිල්වා ( ඛෝබර්) Monday, 04 November 2013 01:30 AM

මුතුමාලේ මහතාගේ සේවය අගය කරමි. අවංකව සේවය කරපු රජයේ නිලදාරියෙක්. ඔබට සුබ පතමි!!!!(නදී)

:       0       0

දයා අලහාකෝන් Sunday, 03 November 2013 04:55 PM

මුතුමාලේ මහතාගේ සේවය මමත් අගය කරමි. මෙරට සේවය කරන සියළු හ්‍රමිකයන්ගේ ගැටළු නිරාකරණය කර දීමට උත්සහ ගත් කෙනෙක්.(නදී)

:       0       0

දොන් සේතං Sunday, 03 November 2013 05:22 PM

අපොයි මුතුමාල මහත්තයා අපිව දාලා යනවාද බඩ පපුවදාලා යනවා. අප්පා මුතුමාල රංමාල මල්මාල සුකුමාල ඔබට සුභ අනාගතයක්.(නදී)

:       0       0

අසම්මානි Sunday, 03 November 2013 05:54 PM

සම්මානියෝ, මොනවාද අප්පේ මුතුමාල මහත්තයා ඔයාට නොකලේ. ඔයා අසම්මානි වැඩක් කරලා මාට්ටු වෙලා, මුතුමාල මහත්තයගෙන් උදවු ඉල්ලුවද? අනේ ඒ මහත්තයව ඕවට ගාවන්ට එපා. සම්මානි වගේ අය නිසා මුතුමාල මහත්තයාගේ අගය තව වැඩි වෙනවා.(නදී)

:       0       0

ශංක Sunday, 03 November 2013 06:10 PM

ශ්‍රී ලංකා එම්බසියේ අය ගැන කතා කරලා වැඩක් නැහැ. (නදී)

:       0       0

සම්මානි Sunday, 03 November 2013 06:14 PM

රියාද් තානාපති කාර්යාලෙය් 50 වැඩි සේවක පිරිසක් සේවය කරනවා. ඔය අවස්ථාවට කී දෙනෙක් සහභාගී වෙලා ඉන්නවද? ඒකෙන්ම තේරෙනවා මොකද වෙලා තියෙන්නේ කියලා.(නදී)

:       0       0

සම්මානි Monday, 04 November 2013 01:04 PM

මෙතුමා ගැන හොද කියන අයගෙන් එක දෙයයි මම අහන්නේ. මතක ඇති සවුදි තානාපති කාර්යාලය තුළම සිංහල කාන්තාවක් මුස්ලිම් සේවකයෙක් විසින් දූෂණය කරපු සිද්ධිය. එතකොට ඔය එක මහත්තයෙක්වත් ඔහුට විරැද්ධව පියවරක් ගත්තද? ලංකාවේ පත්තරවල මේක පලවෙල අමාත්‍යාංශයෙන් පීඩනය එනකොට වැඩ තහනම් කලා. සති 2 විතර යනකම් පියවරක් ගන්න කොන්ද පණ තිබුණෙ නැහැ. ඔය හොද කියන අය සවුදියේ වැඩ කරන අයද?(නදී)

:       0       0

උදය​ Sunday, 03 November 2013 07:06 PM

ශ්‍රී ලංකා සෞදි තානාපති සේවය බලුම බලු වටී. මම බොරුවක් කියන්නේ නම් නිකමට ඇවිත් බලන්න​. තානාපති කාර්‍යාලයේ අය අපට සලකන්නේ බල්ලන්ට වගේ. එහෙව් අයට සම්මාන දෙන්නේ තානාපති කාර්‍යාලයේ අය පමනයි. බොරු නම් බලන්න එක සෞදි ශ්‍රමිකයෙක් මේ ෆොටොස් වල ඉන්නවද කියලා...(නදී)

:       0       0

චම්ලි Sunday, 03 November 2013 08:16 PM

මුතු තව හොඳට කරන්න (නදී)

:       0       0

විරාජ් කාලිංග Monday, 04 November 2013 08:57 AM

අපේ රටේ මිනිස්සුන්ට කොච්චර කළත් හොදක් අහන්න ලැබෙන්නේ නැහැ.ඒක හැටි. මොහුගේ සේවය ගැන කියන්න මං මෙතුමා ගැන දන්නේ නැහැ.යමක් කළ බවක් පේනවා.මිට පෙර හිටි අයට ඔහොම සැළකුවේ නැහැනේ. මොහු ආ ගමනෙන්,ගුරු වෘත්තියෙන් ගමන ආරම්භ කළා කියන්නේ හොද ආරම්භයක් (නි)

:       0       0

සුජීව Monday, 04 November 2013 02:39 PM

සම්මානි, මමත් ඔයාගේ එක්ක එකගයි. ඒ සිදුවීම ගැන ඔය එක්කෙනෙක් වත් කතා කළේ නැහැ. ඔය හොද කියන කිසිම කෙනෙක් සෞදි වල වැඩ කරන කට්ටිය නෙමෙයි.(නදී)

:       0       0

විරාජ් කාලිංග Monday, 04 November 2013 03:25 PM

සම්මානි අසම්මතේ අයාලේ ගිහින් සම්මාන නොලැබුණාම විනිසුරුතුමට බයිනවා,හොදට හිටිය නම් ඔයාට ඔහොම වෙන්නේ නැනේ, (දී)

:       0       0

උපාලි Monday, 04 November 2013 10:57 AM

උතුම් සේවයක් ඔබ ලාංකිකයන් වෙනුවෙන් දිවා රෑ වෙහෙසවී කළා. ඔබ වැනි ගුණගරුක නිහතමානී රාජ්‍ය සේවකයකුගේ සේවය තවදුරටත් නොලැබී යාම විශාල පාඩුවක් සේ සළකමි. ඔබට සුබ අනාගතයක් පතමි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 621 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site