පසුගිය ජනපතිවරණ සමයේ මෛත්‍රිපාල සිරිසේන මහතා බාලවයස්කරුවකු මැතිවරණ ව්‍යාපාරයට යොදා ගත්තැයි අයිටීඑන් රූපවාහිනියෙන් ප්‍රචාරය කිරීමට මුල්වූ බව කියන සුදර්මන් රදළියගොඩ අද (24) ඇප ලැබීය.
ජනාධිපති ආරක්ෂක අංශයේ සිව් දෙනකුද රදළියගොඩ ඇතුළු තවත් තිදෙනෙක්ද මේ නඩුවෙන් චෝදනා ලබා සිටිති.
රදළියගොඩට හා තවත් දෙදෙනෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප දෙකක් නියම විය.
හැම ඉරිදාවකම ළමා හා කාන්තා කාර්යාංශයේ පෙනී සිටින ලෙසද නියම කළ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඒ තිදෙනාගේම එතෙර ගමන්ද තහනම් කළේය.
රදළියගොඩ අයිටීඑන් රූපවාහිනියෙන් විකාශනය කළ ව්‍යාජ කථාව ජාතික රූපවාහිනියෙන්ද විකාශනය වී ඇතැයිද ඒගැන දස දෙනකුගෙන් පිළිතුරු ලබාගත්තේ යැයිද එහෙත් එහි සීඩී පටය දුන් පුද්ගලයා කවුදැයි සොයාගත නොහැකිවූ බවද පොලිසිය අධිකරණයට දැන්වීය.
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුදර්මන් රදළියගොඩට රට යන්න බෑ
දුමින්ද Tuesday, 24 February 2015 08:22 AM
මේ අයගේ අසීමිත වන්දිබට්ට කම් නිසා ඉන්න තිබුන තැනත් නැති උනා (නදී)
දුසාර Tuesday, 24 February 2015 08:55 AM
ඒක හොදයි.(හේ)
සමන්ති Wednesday, 25 February 2015 01:33 AM
පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා මේ ගැන මොකද කියන්නේ? (නි)
අසංක කොඩිකාර Tuesday, 24 February 2015 01:21 PM
අර ටෙලිකොම් යකඩ හොරකමට මොකද වුනේ ? වරදට සමව දුන්නද ? වරෙන්තුව ගැන අපි විතරද දන්නේ ? පත්තරවල දාපු බොරුවක්ද ඒක ? දන්නේ නැති නිසයි අහන්නේ (අ)