සෞදි රජය විසින් මාස හතකට ලබා දුන් පොදු සමා කාලය අනුව 2010 වසරට ප්‍රථම සෞදි අරාබියට පැමිණ හෝ කිසියම් ආකාරයකින් ඇඟිලි සලකුණු පරිගණක ගත නොවු ,අවතැන් හෝ නීති විරෝධිව සෞදි අරාබියේ රැදී සිටින පන්සියයකට අධික ශ්‍රී ලාංකිකයින් පිරිසකට මව් බිමට යාමට සුදුසුකම් නොලැබීම පිළිබදව, රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලීය බලධාරින් සෞදි රජයේ බලධාරීන්ගෙන් කරන ලද ඉල්ලීමකට යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ අමාත්‍ය උපදේශක අනුර මුතුමාල මහතා පවසයි.
නොවැම්බර් මස 4 වැනි දිනෙන් පොදු සමා කාලය අවසන් වුවද මව්බිමට යාමට සුදුසුකම් ලැබු එහෙත් ඇගිලි සලකුණු පරිගණක ගත නොවීමේ හේතු මත සෞදි ආගමන විගමන නිලධාරීන් හරවා එවන ලද 500 ක් පමණ ශ්‍රී ලාංකික පිරිස හට නැවත ඇගිලි සලකුණු ලබා දීම මව් බිමට යාමට පිටත්ව යාම සදහා සුදුසුකම් ලබා දීමට සෞදි රජය පියවර ගන්නා බවවද වැඩි දුරටත් පවසයි.
දැනටමත් තම කටයුතු ආරම්භ කැර ඇති බව පවසන මුතුමාල මහතා පැවසුයේ අද (10) නිල වශයෙන් ඇගිලි සලකුණූ ලබාදීම ආරම්භ කරන නමුත් පසුගිය සතියේ සිට ඇගිලි සලකුණු ලබා දුන් ශ්‍රී ලාංකිකයන් සැළැකිය යුතු පිරිසකට අවසන් පිටවීමේ විසා ලබා දීමට සෞදි බලධාරීන් කාරුණික වු බවයි.
කෙසේ වුවද පොදු සමා කාලය ඉක්මවා නව ඇගිලි සලකුණු පරිගණක ගත කර කිසිවකුටත් සෞදි අරාබියට නැවත පැමිණිමේ වරප්‍රසාද අහිමිවන බවද පැවසීය.
2025 දෙසැම්බර් මස 18
628
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
304
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෞදියේ ප්‍රතිචාර හොඳයි
ග්‍රෑන්ඩ් Sunday, 10 November 2013 05:12 PM
කෙසේ හෝ මේ රටට යන්න අවස්ථාව සලසා ගන්න නැති නම් සෞදි රජය තදින්ම නීතිය ක්‍රියාත්මක කරයි.(නදී)
මොහොමඩ් හෆ්සාල් Monday, 11 November 2013 01:03 PM
ලංකාවට විදේශ විනිමය එන්නෙ මැදපෙරදිගින් බව ශාන්ත නොදන්නවා ඇති. තොත්ත බබා. (ස)
සජිත් Sunday, 10 November 2013 06:52 PM
සෞදියේ මිනිසුන් කොහොමත් ලංකාවට ලැදියි කියල මන් අහල තියනවා. දවසක් සෞදි කෙනෙක් ලංකාව හරියට ස්වර්ගය වගෙයි කියල කියපු කතාවක් මට ඇහුනා (නදී)
ශාන්ත Sunday, 10 November 2013 06:53 PM
අවස්ථාව් දුන්න වෙලාවේ කොහොම හරි පැනගනිල්ලා මලේ. සෞදිකාරයා සතයකට විශ්වාස කරන්න එපා. (නි)