IMG-LOGO

සාදයට මත් කුඩු ප්‍රවාහනය කළ තිදෙනාට වැඩවරදී

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

බෙන්තර සංචාරක පුරවරයේ පැවැත්වෙන වෙරළ සාදයකදී අලෙවි කිරීමට  දක්ෂිණ අධිවේගී මාර්ගය  හරහා සුඛෝපභෝගී ජීප් රථයකින්  රැගෙන යමින් තිබූ කුෂ් කොකේන් සහ හෑෂ්  ඇතුළු මත්ද්‍රව්‍ය  තොගයක් සමග පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගත් බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ විදේශීය සංචාරකයින් මෙරටට ගෙන්වන පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂවරයකු හා පෞද්ගලික තොරතුරු තාක්ෂණ ආයතනයක විධායක නිලධාරීන් දෙදෙනකු බව පොලීසිය කියයි.

කොළඹ දෙස සිට  සුඛෝපභෝගී ජීප් රථයකින් පැමිණි මෙම පුද්ගලයින්  තිදෙනා   කොට්ටාව පිවිසුමෙන්  අධිවේගී මාර්ගයට ඇතුළු වීමට යාමේදී එහි රාජකාරියේ නිරතව සිටි  පොලිස් සැරයක් (61760) ලංකාජීව නිලධාරියාට එහි  රියදුරගේ හැසිරීම පිළිබඳ සැක සිතී  නවතා පරික්ෂා කිරීමේදී රියැදුරු හැදසිටි කලිසම් සාක්කුවේ සඟවා තිබූ  විදේශ රටකින් මෙරටට ගෙන්වන ලද දුම්වැටි 60 හමු වූ බව පැවසේ.

ඒ අනුව මෝටර් රථයේ සිටි තවත් පුද්ගලයෙකු ද පරික්ෂා කිරීමේ දී ඔහු සන්තකයේ කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03 , කොකේන් ග්‍රෑම් 01 , හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01 , මත් මුද්දර 05 , සහ කුඩා විද්‍යුත් තරාදියක් තිබී හමු වූ බව කියයි .

පසුව ජීප් රථයේ සිටි අනෙක් පුද්ගලයා ද පරීක්ෂා කිරීමේ දී ඔහු සන්තකයේ විදේශ රටකින් මෙරටට ගෙන්වන ලද දුම්වැටි 60  , කුෂ් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 900 , හෑෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 650  තිබී හමු වූ බව පවසයි .

ඒ අනුව සැකකරුවන් තිදෙනා සමඟ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ජීප් රථය පොලිස් භාරයට ගෙන තිබේ.

 

 



අදහස් (1)

සාදයට මත් කුඩු ප්‍රවාහනය කළ තිදෙනාට වැඩවරදී

swiss Sunday, 05 June 2022 06:39 PM

දකුණට සංචාරකයින් යන්න හරිම ආස ඇයි කියලා ඔබලාට දැන් තේරුණාද..? අඩු මිලට මත් කුඩු විතරක් නොවේ, ගැහැණු ළමයිනුත් විකුණන පුරවරයක් බවට පත්වෙලා බව බොහෝ අය දන්නවා..!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 409 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 88 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 275 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site