හෙරොයින් මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් පකිස්තානයේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කළ මොහොමඩ් සිද්ධික් හා ඔහුගේ බිරියගේ ආදායම් බදු වාර්තා පිරික්සීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (5) අවසර දුන්නේය.
මොහොමඩ් සිද්ධික් අත්අඩංගුවට ගැනුණේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාගේ පාපොච්චාරණයක් අනුවය. වෙලේ සුදා හෙරොයින් මත්කුඩු නඩුවකට වැරදිකරුවී මරණ දඬුවම නියම වී සිටී.
අන්තර්ජාතික මත්කුඩු ජාවාරමේ යෙදුණු බව කියන සිද්ධික් අපරාධවලින් සොයාගත් මුදල් පිරිසිදු මුදල් සේ පෙන්වීම සඳහා වෙනත් ව්‍යාපාරයන්හි ආයෝජනය කර ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
ඔවුන්ගේ ආදායම් බදු වාර්තා ලබාගැනීමට රහස් පොලිසිය මීට කලින් අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතාගෙන් ඉල්ලා සිටියත් ඊට අවසර නොලැබිණි.
ලබන අප්‍රේල් 19 තෙක් ඔවුන් දෙදෙනා රිමාන්ඩ් කිරීම සඳහා බන්ධනාගාර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් බන්ධනාගාරයට නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
561
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිද්ධික් ජෝඩුවේ ආදායම් වාර්තා උසාවියට