IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සතොස සභාපතිගේ සේවය අත්හිටුවයි

(මුදිතා දයානන්ද)

මුල්‍ය අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් පරීක්ෂණ නිමවනතෙක් සතොස සභාපතිවරයා ඇතුලු  නිලධාරීන්ගේ සේවය අත්හිටුවන්නැයි උපදෙස් දුන් බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

සතොස ආයතනයේ සිදු වූ බව කියන හඬ පටයකින් හෙළිවූ කෝටි තුනහමාරක අයථා ගනුදෙනුව ඇතුලු අයථා ගනුදෙනු ගැන  සතොස සභාපතිරයා ඇතුළු පිරිස සම්බන්ධයෙන් ගනු ලබන තීරණය කුමක්දැයි ලංකාදීපය කළ විමසීමකදීය ඇමැතිවරයා මේ බව පැවැසීය.

මෙම හඬ පටයෙන් කියවෙන කාරණා පමණක් නොව 2019 සිට 2021 දක් වූ  වසර තුන තුළදීම සිදුවු මූල්‍ය අක්‍රමිකතා, අයථා ගනුදෙනු සියල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසද, ඒ සඳහා වෙනත් රාජ්‍ය ආයතන නිලධාරින් තිදෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවක් පත්කරන ලෙසද ලේකම්වරියට උපදෙස් දුන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජය ආයතන ප්‍රධානියකුගේ කෝටි තුනහමාරක අයථා ගනුදෙනුවක් සම්බන්ධයෙන් කියවෙන හඬ පටයක් පසුගිය දිනවල එම ආයතනයේ ප්‍රධානීන් අතට පත්ව ඇත.

එම හඬ පටයට අනුව රුපියල් කෝටි තුනහමාරක මුදල් ගනුදෙනුවට මෙම නිලධාරියා සෘජුව හා වක්‍රව සම්බන්ධ ගනුදෙනුවලින් එකක් පමණකි. තවත් අක්‍රමිකතා රැසක් එම හඬපටයෙන් අනාවරණය වන බව ආයතන ආරංචි මාර්ග කියයි.

එම හඬපටයෙන් කියැවෙන පරිදි මෙම රුපියල් කෝටි තුනහමාර ලබාදී තිබෙන්නේ දැනට සීනි මිලදී ගන්නා ව්‍යාපාරිකයා ඉවත් කර එය තමන් වෙත එය ලබාගැනීම වෙනුවෙනි. ඔහු මොරටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු බව ද ආරංචි මාර්ග කියයි.

එයට අමතරව ආයතනය සතු යකඩ විකිණීම, පැරණි වාහන විකිණීම, ආයතනයේ දැනට පවතින විදුලි සෝපානය ඉවත් කිරීම හා අලුතෙන් සෝපානයක් සවි කිරීම, මුං ඇට මිලදි ගැනීම ඇතුලු කාරණා රැසක් වෙනුවෙන් ප්‍රශ්නගත සභාපතිවරයා සිය ගෝලයා වු එම ආයතනයේ ප්‍රවාහන අංශයේ කළමණාකාරු සමග එක්ව අයථා ගනුදෙනු රැසක් සිදුකර ඇති බවද එම හඬ පටයෙන් හෙලිවේ.

ගනු දෙනුවලට අතරමැදියා වූ ප්‍රවාහන අංශයේ කළමණාකරු පසුගිය දෙසැම්බර් මාසයේ සිට සේවයට වාර්තා කර නැත. ඔහු එසේ සේවයට වාර්තා නොකිරීම නිසා කෝටි තුනහමාරක මුදලක් ප්‍රවාහන අංශ කළමණාකරුට ලබාදුන් ව්‍යාපාරිකයාට සැකයක් ඇති වී ගනුදෙනුවට සම්බන්ධ සභාපතිවරයාට ඒ ගැන දැනුවත් කර තිබේ. එහිදි තම ගෝලයා බේරා ගැනීම සඳහා මෙම සභාපතිවරයා පැය දෙකකට ආසන්න කාලයක් පෙර කී ව්‍යාපාරිකයා සමග සාකච්ඡා කර ඇති බවද එම හඬපටය අනුව අනාවරණය වේ.

 



අදහස් (11)

සතොස සභාපතිගේ සේවය අත්හිටුවයි

ජගත් ලියනගේ Friday, 11 February 2022 11:25 PM

ඕවා මොනවාද ඇමැතිලා කරන දේවල් එක්ක බලපුවාම..!

:       0       8

Perera Saturday, 12 February 2022 01:38 AM

ඉහළම තැන ඉඳලා පහළට යනකන් ඔක්කොම හොරු, වංචාකාරයෝ... මේක හරියට වළඳ මුට්ටියට කලුයි කියනවා වගේ වැඩක්...

:       0       10

Sunil Saturday, 12 February 2022 07:16 AM

තමන් යටතේ ඇති අතිශය වැදගත් ආයතන පවා නිසිපරිදි පාලනය කරගැනීමට පොතේ ගුරා ගෙදර යනු...!

:       1       15

චන්දන Saturday, 12 February 2022 07:28 AM

මෙය හොඳ පියවරක්... රාජ්‍ය ආයතන වල සිදුකළ මූල්‍ය වංචා සියල්ල හෙලිදරව් කරන්න. රාජ්‍ය ආයතන පාඩු ලබන්න හේතුව මෙතැනම තිබෙනවා. මේවාට එදා ඉඳලාම නිසි පිළියම් යෙදුවේ නම් විදුලිය, ඛනිජ තෙල් ආදී ආයතන රජයට ආදායම් උපයන තැන්... ඒවායේ ද දූෂිත නිලධාරීන් ඉන්නවා. ඒවාටත් පිළියම් යොදන්න...

:       0       9

බී එම් ආර් බස්නායක Saturday, 12 February 2022 07:38 AM

මේවා අහන දකිනකොට මේ රට ගැන අසරණ ජනතාව ගැන ඇතිවන්නේ ඉමහත් දුකකි. මෙවැනි කාළකණ්ණින්ට අරාබිකරයේ දඬුවම් පැමිණවිය යුතුයි. එහෙත් මේවා කියන්නේ කාටද? රජය කරවන අයත්, නිලධාරීනුත් වෙළෙඳ මාෆියාවත් සාමූහිකව කරනා මේ දූෂණ නවතින පාටක් නැත. වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද ඒ අමාරුව...?

:       0       15

Sanath . - Arachchikittuwa Saturday, 12 February 2022 08:25 AM

අහස් වෙඩිල්ල පුපුරන්න කළින් ගිනිමල් විසූවලා අන්තිමට පුපුරනවා.. ඊට පස්සේ මොනවා බලන්නද? ලස්සනයි කියලා හිත හදාගන්න වෙනවා. ඔන්න කනෝ පිනුම් කිව්වලු...

:       0       14

Sujeewa Saturday, 12 February 2022 08:34 AM

ඇමැතිතුමෝ, ඔයාට නිකන් බේරෙන්න බෑ... ඔයා මේ ජාවාරමට සම්බන්ධ යැයි අපි කියන්නේ නැත. නමුත් මෙතරම් දෙයක් සිදුවී, වෙබ් අඩවිය, සමාජ මාධ්‍ය ලොවටම කියන තාක්ඔබ මොනවා කළාද? අර ඉංග්‍රීසි භාෂාවෙන් කියන චෙක් ඇන්ඩ් බැලන්ස් කියලා දෙයක් ඔබ ආයතනවල නැතිද?

:       0       15

RMZ Saturday, 12 February 2022 11:38 AM

"ඒ සඳහා වෙනත් රාජ්‍ය ආයතන නිලධාරින් තිදෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවක් පත්කරන ලෙසද ලේකම්වරියට උපදෙස් දුන් බවද".... හොරුන් ලව්වා තව හොරෙක්ව විභාග කරන්නේ අපේ රටේ විතරමයි... ජය ශ්‍රී ලංකා...

:       0       11

Robinsan Maharagama. Sunday, 13 February 2022 09:16 AM

ගරු ඇමැතිතුමෝ, මේ හොරු කණ්ඩායමේ නම්ටික ඔබතුමා දන්නෙම නැද්ද? එහෙම කිව්වොත් ඔබේ නමත් උන් කියයිද?

:       0       8

fairoos Sunday, 13 February 2022 04:33 PM

ලේකම් සහ සභාපති පත්කරන්නේ දේශපාලකයන්ට ඕනෙ විදිහටනේ... ඉතින් පත්කරපු අයට ගතමනාව ලැබුණේ නැතිනම් එයාලව මාරුකරලා වෙන කෙනෙක් දානවා.

:       0       7

Sampath lakmal Monday, 14 February 2022 11:35 AM

සභාපතිලගේ අක්‍රමිකතා හොයන්න ඕනෑ තරම් ඉන්නවා. මැති ඇමැතිලාගේ අක්‍රමිකතා හොයන්න බල්ලෙක් වත් නෑ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 660 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site