IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


සතොසේ සීනි මෙට්‍රික්ටොන් 37ක් හොරා කලා

(යොහාන් භාසුර)

වෙන්නප්පුව කොස්ගස්හන්දිය සතොස ශාඛාවේ සීනි මෙට්‍රික්ටොන් 37 ක සොරකමක් සම්බන්ධයෙන් එම ශාඛාවේ කළමනාකාරිනිය අත්අඩංගුවට ගෙන ඇති බව සතොස උසස් නිලධාරියෙක් පැවැසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් කලාප කළමණාකරු සහ වැලිසර ගබඩා සංකිර්ණයේ භාරකරුගේ වැඩ තහනම් කර එම දෙදෙනා අත්අඩංගුවට ගැනිම සදහා පොලිසි වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මක කරන බව ද එම නිලධාරියා කීය.

වෙන්නප්පුව කොස්ගස් හන්දිය සතොස ශාඛාව සාමාන්‍යයෙන් මසකට සීනි මෙට්‍රික් ටොන් 4ක් අළෙවි කරනු ලබන අතර පසුගිය සඳුදා මෙම ශාඛාවේ කළමනාකාරිනිය සාමාන්‍ය ඇණවුමට වඩා වැඩි සීනි ඇණවුමක් සතොස වැලිසර තොග ගබඩාවට යොමු කර තිබූ බවත් අදාළ ඇණවුම ප්‍රවාහනය කරන ලද ලොරියේ පැවති සමස්ත සීනි තොගය ශාඛා ගබඩාවට ලබා ගැනීමකින් තොරව තුන්වන පාර්ශවයකට අයත් ලොරි රථයකට පටවා වෙනත් අළෙවිසලක් කරා රැගෙන යමින් තිබියදී සතොස විශේෂ විමර්ශන ඒකකය වෙන්නප්පුව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව වැටලීම් සිදු ඇති බවත් එම නිලධාරියා කියයි.

 



අදහස් (13)

සතොසේ සීනි මෙට්‍රික්ටොන් 37ක් හොරා කලා

Raveendra Sunday, 08 August 2021 05:42 PM

ලොකු එවුන්ගේ පුරුද්දට පොඩි අයත් හොරා කන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ..

:       12       247

be.em.piSunday, 08 August 2021 09:09 PM

සමහරවිට ඔබ තුමාට හිතාගන්න බැරුව ඇති මෙට්‍රික් ටොන් 37 ක් කියන්නේ කොයිතරම් විශාල සීනි තොගයක්ද කියලා .මේවා පොඩි අයට කරන්න පුළුවන් දේවල් නෙමෙයි

:       0       35

Shantha Monday, 09 August 2021 11:19 AM

අනේ නෝනට වෙච්චි දේ.... පුදපු ගමන් කාපි යකා කිව්වලු... හොරකන් කරන එකත් හැමෝටම හරියට කරන්න බැහැ නෝනේ... ඉගෙන ගන්න ලොකු අයගෙන්... ආයෙත් මොනවාහරි කරන්න ඉස්සර...

:       0       41

ranjith Sunday, 08 August 2021 08:17 PM

මේ රටේ මහබැංකු හොරු, සීනි හොරු ඔක්කොම හොරු... රට දුප්පත් වෙන එක අහන්නත් දෙයක්ද?

:       0       26

RaveendraMonday, 09 August 2021 12:33 PM

ඒ වුනාට අප රටේ තරම් උගත් බුද්ධිමත් "මෝඩ තකතීරු ගොන් හරකුන්" ලොව වෙන කොහෙවත් නැතිව ඇති..

:       2       82

Ruhunu Sunday, 08 August 2021 09:04 PM

රටේ දේවල් හොරා කන එවුන් සීනි වගේම දියවෙලා යන්න ඕන.

:       0       26

Prabha Sunday, 08 August 2021 09:06 PM

කිලෝ එකකට එක අවුරුද්ද ගානේ හිර දඬුවම් දෙන්න ඕනේ

:       0       23

Prase Sunday, 08 August 2021 09:26 PM

කොහොමද නෝනාගේ ගම

:       0       4

Demuni Uduwara Monday, 09 August 2021 04:25 AM

ඇයගේ උපක්‍රම හොඳින් අනුගමනය කරලා වගේ පේන්නේ...

:       0       5

saman Monday, 09 August 2021 04:52 AM

හොරුන් අල්ලන්නේ නැති රටක් බව දැන් කවුරුත් දන්නවනේ... හොරකමට බය නෑ.. දැන් රට විනාශයට නේද මේ යන්නේ?

:       4       11

damith Monday, 09 August 2021 06:48 AM

කොහොමද දන්නේ නෑ ඔච්චර කෑවේ ?

:       0       22

Perera Monday, 09 August 2021 12:44 PM

මහ එවුන් කෝටි ගණන් කුට්ටි මාටියා ගහනකොට පහල එවුන්ව යහමගට ගන්නේ කොහොමද ?

:       0       16

Frank Costa Monday, 09 August 2021 09:59 PM

යොහාන්, ඔයා දන්නේ නැද්ද, ලොරියකට මෙට්‍රික් ටොන් 37ක් පටවන්න බෑ කියලා... බොරුවක් කියද්දී වුණත් ප්‍රායෝගික වෙන්න..මිනිස්සු නොමග යවන්න එපා...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 347 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site