සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ (සතොස) සිදුවී ඇති මහා පරිමාණ දූෂණ වංචා සිද්ධි හෙළි කර ගැනීමට සඳහා සිදු කරන පරීක්ණ වලට අනිසි අන්දමින් බලපෑම් කරන බව කියන ඉහළම පෙළේ නිලධාරීන් හය දෙනකු වහාම ආයතනයෙන් ඉවත් කරන ලෙස බරපතල වංචා හා දූෂණ විමර්ශන කොමිසම කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශ ලේකම්ට දැනුම් දී ඇත.
කොමිසමේ සභාපති ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ අත්සනින් නිකුත් කළ ලිපියෙන් සතොස අතිරේක ලේකම් (වෙළඳ) ජී.ජීවානන්ද, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) ආසිරි ප්‍රනාන්දු, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මිලදී ගැනීම්) අංජන නිශ්ශංක, ජ්‍යෙෂ්ඨ කළමනාකාරු ජයවීර බණ්ඩාර, ප්‍රධාන ඉංජිනේරු කේ.ආරියවංශ සහ නීති උපදේශක (මිලදී ගැනීම්) වෛජයන්ති මාලා විජේතිලක ඉවත් කරන ලෙස දන්වා ඇත.
සතොස ආයතනයේ සිදුවී ඇති බරපතල වංචා සහ දූෂණ සිද්ධි සම්බන්ධයෙන් කරන පරීක්ෂණ වලදී කටඋත්තර ගත යුත්තේ මෙම නිලධාරීන් යටතේ සේවය කරන සේවකයින්ගේ බවත් විමර්ශනයට අවශ්‍ය වාර්තා ලබා ගැනීමේදී අනිසි ප්‍රමාදයන් හා විනිවිද භාවයකින් තොරව කටයුතු සිදුවන බව කොමිසමට අනාවරණය වීම නිසා කොමිසම විසින් මෙම දැනුම්දීම කර ඇත.
2025 දෙසැම්බර් මස 18
484
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සතොස මහ පුටු හයක් ඉවතට
අැක්ක Friday, 06 November 2015 03:16 AM
කොලඹ තියෙනව සතොස මිලදිම් අංශය කියල එතත් එ්කට මාසික වියදමට දෙන මුදල් ගැන කිසිම විඝණනයක් නැහැ(රේ)
බුද්ධි Friday, 06 November 2015 03:48 AM
වහාම පරීක්ෂණ කරන්න. තවත් ඉන්න පුලුවන්. (නි)
දිලිප් Friday, 06 November 2015 04:02 AM
සතොසේ පමණක් නොව, බොහෝ රජයේ හා අර්ධ රාජ්‍ය ආයතන වල සිදු වී ඇති දුෂණ හා වංචා යට ගැසී ඇත. නව රජය යටතේ එම ආයතන වල ඉහළ තනතුරු වෙනස් නොකර, දින සියයේ යටතේ පත් වූ අයම තවමත් සිටින නිසා නව ප්‍රධානින් පත් කරන තෙක් එම දුෂණ යට ගැසීම පවතිනු ඇත. යහපාලනය යටතේ එම තනතුරු වෙනස් නොවීම අරුමයකි. (ම)
අැක්ක Friday, 06 November 2015 06:17 AM
මෙ කියන කොලඹ කාර්‍ය්‍යාලයේ වියදමට ලැබෙන මුදල එහි සේවක මණ්ඩලය අැති පදමට ණය හැටියටත් ඔවුන්ම අනුමත කර ගන්නවා. (ම)