IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සත්ව බෙහෙත් මිල වැඩිවීම ගැන ඇමති වාර්තාවක් කැඳවයි

 (අංජුල මහික වීරරත්න)

සත්ව පාලන කටයුතු වල දී භාවිත කරන ඖෂධ මිල ඉහළ යාම පාලනය කිරීමට වැඩපිළිවෙළක් හදන බව කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

 සත්ව ඖෂධ මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහලයාම පාලනය සඳහා  වැඩ පිළිවෙළක් යොදන්නැයි පශු වෛද්‍ය පිරිසක් කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමක් සලකා බලමින් අමාත්‍යවරයා මේ බව කීය.

ගවයින්, ඌරන්, බැටළුවන්, එළුවන් හා කූකුළන් වැනි සතුන් පාලනයේ දී එම සතුන්ට බෝවන රෝග සඳහා අනිවාර්යයෙන්ම ඖෂධ වර්ග භාවිත කළ යුතු යැයිද  එම ඖෂධ මිල කිහිප ගුණයකින් ඉහල ගොස් ඇතැයි  පශු වෛද්‍යවරු පැවැසූහ.

අමාත්‍යවරයා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පැවැසූයේ  ඖෂධ මෙරටට ආනයනය කරන මිල හා අලෙවි කරන මිල අතර පවතින පරතරය සොයා බැලීම සදහා තමන්ට මිල ගණන් පිළිබඳ වහාම වාර්තාවක් ලබා දෙන ලෙසයි.

ඖෂධ මිල පාලනය සඳහා පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය විසින් පියවර ගත යුතුව තිබෙන බව කී අමාත්‍යවරයා කෘෂිකර්ම අමාත්‍යාංශයට ඒ සඳහා බලයක් නැති නමුත්  ඖෂධ ආනයන මිල හා අලෙවි මිල අතර පවතින පරතරය හඳුනා ගත යුතුව ඇතැයි කෘෂිකර්ම  අමාත්‍යවරයා කීය.



අදහස් (1)

සත්ව බෙහෙත් මිල වැඩිවීම ගැන ඇමති වාර්තාවක් කැඳවයි

Lalla Tuesday, 12 September 2023 01:28 PM

කෘෂිකර්ම ඇමති නමට විතරයි.වෙලඳ ඇමති නම් වෙළෙන්දන්ට උපරිම ලාභ ගන්න මාර්ග හැදුව. කෘෂි රසායනික ද්‍රව්‍ය පොහොර සත්සත්වාහාර ගැන උදව් නොකර ආහාර මිල පාලනය කොහොම කරන්නද? සාකච්ඡාව සහ රැස්වීම් නොව ක්‍රියාත්මක වීමයි අවශ්‍ය ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site