රාත්‍රී කාලයේ දී දිවයින පුරා උෂ්ණත්වය ඉහළ ගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ එස්.ආර්.ජයසේකර මහතා කියා සිටියේ නුවරඑළියේ රාත්‍රී උෂ්ණත්වය ද වෙනත් වසරවල මේ කාලයට සාපේක්ෂව සෙල්සියස් අංශක හතරකින් පමණ ඉහළ ගොස් ඇති බවයි.
කොළඹ, කටුගස්තොට, කටුනායක, කුරුණෑගල, මහඉලුප්පල්ලම, පුත්තලම, මඩකලපුව හා රත්මලාන ආදී ප්‍රදේශවල ද රාත්‍රී උෂ්ණත්වය වෙනත් වසරවල මෙම කාලයට සාපේක්ෂව සෙල්සියස් අංශක තුනකින් පමණ ඉහළ ගොස් ඇත.
ගාල්ල, අනුරාධපුරය, බදුල්ල, කටුනායක හා මන්නාරම ආදී ප්‍රදේශවල උෂ්ණත්වය ද අංශක දෙකකින් පමණ ඉහළ ගොස් ඇතැයි ද කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සීතල රැය උණුසුම් වෙයි
කෝසල Tuesday, 12 January 2016 06:47 PM
සීත රැය උණුසුම් වෙන්නද යන්නේ? අයියෝ! නිදාගෙනත් ඉවරයි වගේ (නි)
ඉන්දික Wednesday, 13 January 2016 05:27 AM
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්න ඕනේ උෂ්ණත්වය ඉහළ ගියා කියලා නොවේ. එකට හේතුවයි, ඉදිරියට මොකද වෙන්නේ කියන එකයි. උෂ්ණත්වය ඉහළ ගිහින් කියන එක අපි හැමෝටම තේරෙනවනේ!(ම)
අර්ජුන Wednesday, 13 January 2016 05:36 AM
සමන් මහතාණනි, මෙය යහපාලනයේ වරදක් නොවේ. ඔබේ මගේ වරදක්. තව ටික කලකින් එල්නිනෝ ආවම ඉන්න තැනකුත් හොයගන්න (ම)
අරවින්ද Wednesday, 13 January 2016 05:52 AM
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම.... විල්පත්තුව වගේ වනාන්තර පටු දේශපාලන උවමනාවන් මත විනාශකරන්න ඉඩදීලා බලාගෙන ඉන්න පාලකයෝ අපේ දරුවන්ගේ හුස්ම පොදට වගකියනවද?(ම)
ලලිත් Tuesday, 12 January 2016 09:17 PM
වෙනදට හවස් ජාමෙට කීයක්නම් වියදම් කරනවද රාත්‍රියට උණුසුම් වෙන්න? දෙවියන්ටත් තේරිලා වගේ රටේ මිනිස්සු රිම් එකෙන් යන විත්තිය. (නි)
සමන් Wednesday, 13 January 2016 04:05 AM
යහපාලනේ තමයි ඉතින්....(බ)
ලසන්ත Wednesday, 13 January 2016 04:18 AM
අපේ මිනිස්සුන්ට මොකක් වුනත් අැගට දැනෙන්නේ නැ. උෂ්ණත්වය ඉහළ යනවා කියන එක විහිලුවට ගන්න ඕන දෙයක් නොවේ. පරිසරය අපිට අනතුරු අගවනවා අපේම වැඩ වලට. (බ)