IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සතියේ දවස් හතේම දකින 'චන්දික'

20160329-ent-02මේ දිනවල ටෙලිනාට්‍යය කිහිපයකින්ම ප්‍රේක්ෂක ඔබ හමුවන චන්දික නානායක්කාර ජනප්‍රිය ටෙලිනාට්‍යය නළුවෙකි. දැනට වසර කිහිපයක් තිස්සේ ටෙලිනාට්‍යය බොහෝ ප්‍රමාණයක එකිනෙකට වෙනස් විවිධ චරිතවල නියැළෙමින් රසික ආදරය දිනාගත් චන්දික, වෘත්තිය මට්ටමේ රංගන ශිල්පියෙකි. මේ දිනවල නිතර දකින නළුවෙක් නිසාම "සාරවිට" සඳහා මෙලෙස ඔහු සම්බන්ධ කරගත්තෙමු.

"මේ දවස්වල සතියේ දින හත පුරාවටම මම රංගනයෙන් දායක වෙන ටෙලිනාට්‍යය හතරක් විකාශය වෙනවා. හැබැයි මේ ටෙලිනාට්‍යය චරිත එකිනෙකට වෙනස්. සතියේ දින හතේම රාත්‍රි 7.30ට සිරස නාළිකාවේ විකාශය වෙනවා "ආදරය ගින්දරක්" ටෙලි නාට්‍යය. එහි මම පෙනී ඉන්නේ විශ්ව කොඩිකාරගේ තාත්තා විදිහට. මීට කලිනුත් මම විශ්වගේ තාත්තා විදිහට "අමා" ටෙලි නාට්‍යයේ රඟපෑවා. නමුත්, ඒ තාත්තාගේ චරිතයයි "ආදරය ගින්දරක්" එකේ විශ්වගේ දැන් තාත්තා විදිහට කරන චරිතයයි හාත්පසින්ම වෙනස්. "අමා" ටෙලිනාට්‍යයේ මම නිරූපණය කළේ නිතර කේන්ති යන, සැරපරුෂ තාත්තා කෙනෙක්ගේ චරිතයක්. ඒත්, "ආදරය ගින්දරක්" ටෙලි නාට්‍යයේ එකේ මම විශ්වට ගොඩක් ආදරය කරන හොඳ පවුල් ජීවිතයක් ගෙවන හොඳ තාත්තා කෙනෙක් විදිහට රඟපානවා. ඊට අමතරව සෙනසුරාදා සහ ඉරිදා ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වන "කුරුලු පිහාටු" ටෙලි නාට්‍යයේ වෛද්‍යවරයෙකුගේ චරිතයක් රඟපානවා. සතියේ සඳුදා ඉඳලා සිකුරාදා වෙනකම් රාත්‍රි 8.00 ට ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වන "මෝසම් සුළං" ටෙලිනාට්‍යයේ "හෙන්රි" කියන තැරැව්කරුවා විදිහට පෙනි ඉන්නවා. මේ ටෙලිනාට්‍යයෙන් පසුව එම නාළිකාවේ රාත්‍රී 9.00 ට විකාශය වෙන "වර්ණ" ටෙලි නාට්‍යයේ "භානු" කියන චරිතය නිරූපණය කරනවා. මේ ටෙලිනාට්‍යයවලින් කිහිපයක් දැනටත් රූපගත කෙරෙන නිසා මේ දවස්වල මම කාර්යබහුලයි. මේ ටෙලිනාට්‍යයවලට අමතරව, මා රංගනයෙන් දායක වුණ තවත් ටෙලිනාට්‍යය බොහොමයක් තියෙනවා. ඒත්, ඒවා කවදා කෙදනික විකාශය වේවිද කියලා දන්නේ නැහැ."

 

බුද්ධික සේනාධීර


 



අදහස් (0)

සතියේ දවස් හතේම දකින 'චන්දික'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site