පානදුර කෙසෙල්වත්තේ පදිංචි අවීෂා ප්‍රනාන්දු (10) හා දුලීෂා ප්‍රනාන්දු (6) සොයුරියෝ වසර 4ක සිට එකතු කළ කාසි තමන් ඉගෙනුම ලබන දෙහිවල ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයේ අලුතින් ඉදිකරන ගොඩනැගිල්ලක් සඳහා ආධාර ලෙස ලබාදීමට කැමැත්ත පළ කළහ.
ඔවුන් කුඩා කල සිට කාසි එකතුකිරීමට හුරුවූ බවත් ඔවුන් අධ්‍යාපනය ලබන පාසල වෙනුවෙන් එම මුදල් පරිත්‍යාග කිරීමට සූදානම් බවත් එම සොයුරියන්ගේ පියා පවසයි.
වීඩියෝ - ශාන්ත සෙනෙවිරත්න
2025 දෙසැම්බර් මස 18
543
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සතෙන් සතේ එකතු කර ලොකු වැඩක් කරති
විජිත Tuesday, 22 December 2015 08:29 PM
අනේ හැබෑට කෙනත් කියන මෝඩ කතා? (නි)
හරිශ්චන්ද්‍ර Wednesday, 23 December 2015 01:29 AM
කෙනත් කියන කතාවෙත් සත්‍යයක් තිබෙනවා. (නි)
සරත් Tuesday, 22 December 2015 12:29 PM
හොඳ වැඩක් ,නමුත් කාසි ටික දැක්කහම හිතෙනවා කාලෙන් කාලෙන්ට කටේ කඩලා සල්ලි ටික බැංකුවකම දැම්ම නම් හොඳයි කියල .මොකද කාසි හිඟයක් තියෙනවනේ (කෞ)
කෙනත් Tuesday, 22 December 2015 12:38 PM
රටේ මාරු කාසි නැත්තේ මේ කැට වල සල්ලි එනකුවන නිසා තමා. (කෞ)
විරාජ් Tuesday, 22 December 2015 12:41 PM
ඉතිරි කිරීම හොඳ පුරුද්දක් නමුත් මෙතරම් කාසි කන්දරාවක් වසර ගණනාවක් සන්සරණයෙන් ඉවත් කර තිබීම රටේ කාසි හිගයට අනිවාර්යයෙන්ම බලපානවා නේද? . පොඩි ළමයින් හැමෝම මේ විදියට කාසි එකතු කෙරුවොත් නම් අනිවාර්යෙන් කාසි හිගය තවත් වැඩි වෙනවා. ..... කාසි සහ නෝට්ටු ඉතිරි කරන ගමන් මාසකයට වරක්වත් බැංකු ගිණුමකට දැම්ම නම් තම වඩා හොඳ. (කෞ)
උපුල් Tuesday, 22 December 2015 12:57 PM
මේ ළමයින් දෙන්නගේත් ඒ සදහා අනුග්‍රහය දක්වන දෙමව්පියනුත් ලෝකයට දෙන්නේ ගොඩක් ලොකු ආදර්ශයක්.ඇත්තටම බැලුවොත් මේ ගොල්ලන්ගේ ගේ උනත් සම්පුර්ණ හදල ඉවර කරගන නැහැ එහෙම තත්වයක් තියාගනත් තමන් ඉගන ගන්න පාසලට මේ කරන උපකාරය ගොඩක් වටිනවා. මොකද ලංකාවේ 99% ක් මිනිස්සු බලන්නේ අපිට ලැබෙන්නේ මොනාද කියන එක මිසක් අපෙන් මොනාද රටට වෙන්නේ කියන එක නවෙයි.එතැනදී පුතේ ඔයාල දෙන්නාත් ඔයාලගේ දෙමාපියනුත් ඉන්නේ ලංකාවේ සියලුම මිනිස්සුන්ට වඩා ඉස්සරහින් .ඔබට ජයෙන් ජය (කෞ)
කුමාර් Tuesday, 22 December 2015 01:26 PM
මේ දරුවන් දෙදෙනාට ජේසු සමිඳුගේ පිහිටයි. (කෞ)
මාගලී ෆොන්සේකා Tuesday, 22 December 2015 01:30 PM
දෙහිවල ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය කියන්නේ සල්ලි තියෙන පාසලක්.එක නිසා මේ දරුවන්ට ඒ සල්ලි වලින් ඉන්න ගේ හදා ගත්තානම් ඉවරයි කියල මම කියන්නේ.බලන්න ඒ දරුවෝ ඉන්න ගෙදර තත්වේ පවු. (කෞ)
ස්ලීත් Wednesday, 23 December 2015 03:33 AM
මේ ළමය දෙන්න රටට ආදර්ශයක් (කෞ)
සුමිත්‍රා බස්නායක Tuesday, 22 December 2015 02:34 PM
මේ දරුවෝ දෙන්න ලොකු සල්ලිකාර පව්ලක නොවන බව පෙනෙනවා. ඇත්තටම ලොකු ආදර්ශයක් හැමදෙනාටම. මේ දරුවන්ට් දළදා සමිදු පිහිටයි. (කෞ)
ටෙනිසන් Tuesday, 22 December 2015 05:54 PM
මට නම් පෙනෙන්නේ වෙනත් පැත්තක්. මෙලෙස මේ ළමයි රටපුරා සංසරණය වූ කාසි අතපතගෑමෙන් විෂබීජ ශරීරගත වියහැකියි නේද? වෛද්‍යවරුන්ටත් සොයන්න බැරි ලෙඩරෝග මතුවිය හැකියි නේද? වැඩිහිටියන් ඒ ගැනත් අවධානය යොමුකළ යුතුයි. (නි)