IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සැත්කමක් සඳහා ශාරුක් ඇමෙරිකාවට

 

(විමුක්ති එස් රුද්‍රිගු)

මුම්බායි නගරයේ රෝහලකදී බොලිවුඩයේ රජු ලෙස සැලකෙන සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ ඇසෙහි සිදුකළ ශල්‍ය කර්මයක් වැරදී ඇති බවත් ඉන් ඇසට සිදුවූ හානියට ප්‍රතිකාර ගැනීම සඳහා ඔහු ඇමෙරිකාව බලා වහා පිටත්ව ගොස් ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඇමෙරිකාවට යෑමට ගත් තීරණයට පෙර හයිද්‍රබාද් නගරයේදී ඉන්දියාවේ සිටින හොඳම අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් මුණ ගැසී ඇති බවද ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කළේය.
ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ ෂාරුක් ඛාන් පසුගිය 29 වැනිදා ඇසෙහි සුද ඉවත් කිරීමේ ශල්‍ය කර්මයක් සිදු කිරීම සඳහා මුම්බායි නගරයේ රෝහලක් වෙත ඇතුළත් වී ඇති බවත් ශල්‍ය කර්මය බලාපොරොත්තු වූ අයුරින් සිදුව නොමැති බවත්ය. එසේම තවත් මාධ්‍ය වාර්තා කර තිබුණේ පසුගිය 29 වැනිදා ෂාරුක් ඛාන් මුම්බායි නගරයේ රෝහලක ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍ය කර්මයකට බඳුන් වූ බවත් දෙවැනි ඇසෙහි සුද ඉවත් කිරීමේ ශල්‍ය කර්මය සඳහා වහාම ඇමෙරිකාව බලා පිටත්වූ බවත්ය.

ඉන්දීය මාධ්‍ය සියල්ල පොදුවේ ෂාරුක් ඛාන් ශල්‍ය කර්මයකට බඳුන් වූ බවත් එම ශල්‍ය කර්මය බලාපොරොත්තු වූ අයුරින් සිදු නොවූ බවත් වාර්තා කර තිබිණි. නමුත් ඔහු බඳුන් වූ ශල්‍ය කර්මය හෝ එම ශල්‍ය කර්මයේදී සිදුවූ වැරදීම පිළිබඳ ෂාරුක් ඛාන් හෝ ඔහුගේ පවුලේ සාමාජිකයෙකු කිසිදු ප්‍රකාශයක් කර නොතිබිණි.



අදහස් (0)

සැත්කමක් සඳහා ශාරුක් ඇමෙරිකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 598 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 293 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site