IMG-LOGO

සැත්කමකට මෙල්බර්න් යන්න යෝෂිත අවසර ඉල්ලයි

මුදල් විශුද්ධිකරණ පනත යටතේ විදේශ ගමන් තහනමකට ලක්ව සිටින යෝෂිත රාජපක්ෂ ගේ ඕස්ට්‍රේලියාවට යාමට කළ ඉල්ලීම ලබන 28 වැනිදා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර.හෙයියන්තුඩුව මහතා අද (22) තීරණය කළේය.

යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ හිටපු ලුතිනන් වරයෙකි.

ඔහු වෙනුවෙන් පෙනී සිටි ගාමිණී මාරපන නීතිඥවරයා පැවසූයේ යෝෂිත ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට යනුයේ රගර් ක්‍රීඩාවේ දී ඇතිවූ ආබාධයකට සැත්කමක් සඳහා බවයි. ඒ වෙනුවෙන් මාසයක් ඔහුට අවසර දෙන ලෙසද නීතිඥවරයා ඉල්ලා සිටියේය.



අදහස් (0)

සැත්කමකට මෙල්බර්න් යන්න යෝෂිත අවසර ඉල්ලයි

අරුණි Thursday, 22 September 2016 09:49 AM

අනේ රට යන්න එපා, පුලුවන්නම් තාත්තත් එක්ක එකතුවෙලා මේ රට සන්හින්දියව නමැති මර උගුලෙන් බේරලා දෙන්න! (බ)

:       0       0

පීරිස් Thursday, 22 September 2016 09:48 AM

පැහැදිලි නැහැ මොකක්ද සැත්කම කියල (බ)

:       0       0

රුවන් Thursday, 22 September 2016 05:33 AM

මෙය මේ අවස්ථාවේ නොකළ යුතු දෙයක්. මෙය පුරුදු වුවහොත් සියලු චුඋදිතයින් ලංකාවෙන් එළියට ගොස් කෝ හොරු ඇල්ලුවද කියා අසනු නියතය.(ම)

:       0       0

සමන් Thursday, 22 September 2016 05:46 AM

මෙහේ තිබුන දේවල් රාජසන්තක කල නිසා ගියොත් ආපහු එන එකක් නැහැ (ම)

:       0       0

සමන් Thursday, 22 September 2016 05:41 AM

2015 ජනවාරි 8 වැනිදාට පසුව රගර් ගැහුවද ආබාධයක් වෙන්න? (නි)

:       0       0

අකලංක Thursday, 22 September 2016 05:45 AM

ඔවුන් මෙතරම් පොහොසත්ද ආබාධ වලට ඕස්ට්‍රේලියාවේ ගොස් ප්‍රතිකාර ගන්න තරම්. (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 22 September 2016 05:55 AM

රගර් ගැහුවා? මෙයා සහ පවුලේ උදවිය බෝලය රැගෙන යනවිට ඔක්කොම අයින්වෙලා ඉඩදෙන ක්‍රීඩාවකටද රගර් කියන්නේ (නි)

:       0       0

විජිත Thursday, 22 September 2016 06:06 AM

ඇයි මෙහේදී සැත්කම කරගන්න බැරිද? (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Thursday, 22 September 2016 06:16 AM

අවුරුදු කීපයක් ලුතිනන් රැකියාවක් කළ කෙනෙක් කොහොමද ශල්‍යකර්මයකට මෙතරම් මුදලක් වියදම් කරන්නේ? (නි)

:       0       0

වීරවර්ධන Thursday, 22 September 2016 06:27 AM

මේ මිනිසුන්ට වෛද්‍ය ප්‍රතිකාර ගන්න මතක්වෙන්නේ නඩුවක් තියනකොට විතරයි. අනිත් වෙලාවට හොඳ සෞඛ්‍යයෙන් ඉන්නවා. (නි)

:       0       0

විමුක්ති Thursday, 22 September 2016 06:33 AM

මේ ඕනෑතරම් හොරාකන රටේ, රට බේරාදුන් නායකයාගේ පුතාලට ඔය සහනය දෙන්න ඕනෑ. (නි)

:       0       0

බණ්ඩාර Thursday, 22 September 2016 06:55 AM

මේ ගොල්ලන්ට අසනීපයක් වුනාම බෙහෙත් කරන්න යන්නේ රට ..(හේ)

:       0       0

රම්‍යා Thursday, 22 September 2016 01:00 PM

අරුණි වගේ අය ගැන නම් හිතාගන්න පුළුවන් (නි)

:       0       0

සජී Thursday, 22 September 2016 07:45 AM

අපේ රටේ සෞඛ්‍ය ඇමැතිත් පිටරට ගිහින් නම් බෙහෙත් කරන්නේ මෙයාලා ගියාම මොකද ? ඒකෙන්ම තේරෙනවානේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තිබෙන දියුණුව (බ)

:       0       0

අනුරාධ Thursday, 22 September 2016 07:53 AM

මේක මාර මර්සියක් වෙලා තියෙන්නේ දැන්. (බ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Thursday, 22 September 2016 08:09 AM

ඔය ලෙඩේ හොඳ කරන්න පුළුවන් දොස්තරලා අපේ රටෙත් ඉන්නවානේ. නැතිබැරි අයට විතරක් නොවෙයි අපේ රෝහල් තියෙන්නේ. යෝෂිත, නාමල්, බැසිල්, ගෝඨා, ඒවගේම මහින්ද වගේ අයට වුණත් අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා උසස් යැයි සම්මත රෝහල් වුණත් අපේ රටේ තිබෙන බව කවුරුත් දන්නවානේ. (නි)

:       0       0

රංජන් Thursday, 22 September 2016 08:17 AM

මේ අය වියදම් කරන්නේ මැදපෙරදිග දහසක් දුක් විදලා ඒ මිනිස්සු එවන විදේශ විනිමය මිසක් මේ අය හම්බ කළ දේවල් නෙවේ මෙයාට විතරද අසනීප වෙන්නේ සාමාන්‍ය අපිවගේ යට ලංකාවේ සැත්කම කරගන්න පුලුවන්නම් මෙයට බැරි මොකද?(අ)

:       0       0

රොකී Friday, 23 September 2016 01:16 PM

නොම්මර එකේ වෛද්‍ය විශේෂඥ මහත්තුරු මෙහෙ ඉඳිද්දි අැයි රට යන්නේ? (නි)

:       0       0

ෂෙරිෆ් Thursday, 22 September 2016 09:14 AM

එතකොට තව තව අයත් අවසර ඉල්ලාවිද දන්නෙ නැහැ (නි)

:       0       0

රම්‍යා Thursday, 22 September 2016 09:29 AM

විමුක්ති, හොරු වෙන කවුරුත් නොවෙයි. ලංකාවේ වෛද්‍යවරු ඉන්නවනේ. මේ වෙලාවේ යන්න හදන්නේ ඇයි කියලා හිතන්න පුළුවන්. වැරදි කරද්දී ලෙඩ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 127 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 400 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site