IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ස්ටාලින් ‘ගුරු පවුරට‘ ගහයි

රාජ්‍ය සේවකයන් වෙනුවෙන් අග්‍රහාර රක්ෂණය ක්‍රියාත්මක වෙද්දී බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කරන ‘ගුරු පවුර‘ රක්ෂණ ක්‍රමයට දායක වන ලෙස ගුරුවරුනට බලපෑම් කිරීම නීතිවිරෝධී  යැයි  ලංකා ගුරු සංගමය කියයි.

ගුරු පවුර රක්ෂණ ක්‍රමයට නොබැඳෙන ගුරුවරුන්ගේ නාම ලේඛනයක්  දෙන්නැයි කැලණිය කලාප කාර්යාලයයේ ප්‍රධානියකු  නියෝග කර ඇති බව  ද, රක්ෂණ මූලධර්ම අනුව රක්ෂණ දෙකක ප්‍රතිලාබ නොගෙන වන බව ද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

මෙම රක්ෂණ ක්‍රමයට දායක වන බස්නාහිර ගුරුවරයකු වෙනත් පළාතකට  මාරු කළ  හොත් රක්ෂණයට කුමක් සිදු වන්නේ ද යන්න සහ මෙම රක්ෂණයට පළාත් අය වැයෙන් ප්‍රතිපාදන වෙන්කළේ ද යන්න  බලධාරීන් පැහැදිලි කළ යුතු බවත් ලේකම් පවසයි.



අදහස් (0)

ස්ටාලින් ‘ගුරු පවුරට‘ ගහයි

ගයා Tuesday, 19 November 2013 06:36 PM

මම I am a Teacher and studied well this Guru Pawura insurance scheme . It is an excellent for Teachers . Don't beleave Mr Stalin . He always mislead us and negative minded man .

:       0       0

දර්ෂා Tuesday, 19 November 2013 09:37 AM

නිර්මලාට ස්තුතියි,ගොවි විශ්‍රාමෙට උන දේ තමා හැමදේටම වෙන්නේ.එක එක්කෙනාට පිස්සු නටන්න දෙන්න පුලුවන්ද? (ස)

:       0       0

ඉන්දික Monday, 18 November 2013 08:55 PM

අපිට මොකද කියුවොත් අනෙක් අය මට බනිද දන්නේ නැහැ (දී)

:       0       0

ලුම්බිණි Monday, 18 November 2013 03:24 PM

එක එක මිනිහට හිතෙන හිතෙන දේවල් කරන්න ගිහින් හැම වැඩක්ම අච්චාරුවක් කරගෙන තියෙන්නේ. (ස)

:       0       0

තබුක් සිල්වා Monday, 18 November 2013 03:30 PM

වහසි පැත්තට ඇදෙනවා ඇරෙන්න කව්ද ස්ටාලින් ම්හත්තයෝ කැමති වෙන්නේ දුර පළාතක සේවය කරන්න යන්න.(නදී)

:       0       0

කැලුම් Monday, 18 November 2013 04:00 PM

මොනවද මේ එක එක රක්ෂණ. අර පාරේ සමහර වෙලාවට දකින්න තියන ඒවා වගේ.දානවා වගේ නොවෙයි.ගන්න බැහැ.අහිංසක මිනිස්සුන්ගේ පඩියට විදලා මාටියා ගහනවා. (ස)

:       0       0

නිර්මලා. Monday, 18 November 2013 04:12 PM

ගුරුවරුන්ට බලපෑම් කරනවා වගේම කොළඹ සමහර පාසල් වල පාසල් ළමුන්ටත් එක එක බලපෑම් තියෙනවා.කරුණාකර මේ ගැනත් සොයා බලන්න. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 639 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site