සිරදඬුවම් විඳිමින් සිටි සංජේ දත් අද (25දා) දිනයේ නිදහස් වූ බව ඉන්දීය වාර්තා සඳහන් කරයි.
1993 වසරේ මුම්බායිහි සිදුවූ බෝම්බ පිපිරීමකින්පුද්ගලයන් 257 දෙනෙකු මියයාම සහ 713 දෙනෙකුට තුවාල වීමේ සිද්ධියකට අදාළව එල්ල වූ චෝදනා මත සංජේ දත්ට සිර දඬුවම් නියම වී තිබිණි.
එම චෝදනා මත ඔහුට 2013 වසරේ මැයි මාසයේදී වසර 05ක සිර දඩුවමක් නියම කෙරුණු අතර, ඒ අතරතුර ඇතැම් අවස්ථාවල ඔහුට චිත්‍රපට සඳහා දායකවීමට අවස්ථාව ලබා දී තිබිණි.
2013 වර්ෂයේ සිට වසර 05ක කාලයක් සිරදඬුවම නියම වුවද, ඔහුගේ යහපත් කල්ක්‍රියාව හේතුවෙන් එම දඬුවම් කාලසීමාව අඩු කෙරුණු බවදවැඩිදුරටත් සඳහන් වෙයි.
බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණි ඔහු මාධ්‍ය අමතා කියා සිටියේ, "රසිකයන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. නිදහස කරා ඇවිද යාමට පහසු නැහැ" යනුවෙනි.
කෙසේ වුවත් නිදහස් වූ වහාම තම නිවෙස කරා යාමට ඔහු මුම්බායි ගුවන්තොටුපොළටගොස් ඇති බවද ඉන්දීය වෙබ් අඩවි තවදුරටත් වාර්තා කරයි.
2025 දෙසැම්බර් මස 18
625
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සංජේ දත් නිදහස් වෙයි