IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සංජීව මහානාම ගැන පුළුල් විමර්ශනයක්

(රෝෂන් තුෂාර)

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ රථයට වෙඩිතැබීමේ සිද්ධියට සැකකරුවකු සිටින සංජීව මහානාම නමැති හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා  මත්ද්‍රව්‍ය ජාවාරමට සහාය දක්වමින් අයථා අන්දමින්,මහා පරිමාණයෙන් දේපළ හා මුදල් උපයීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අනුරාධපුරය ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා ඉදිරියේ කරුණු දක්වමින් සඳහන් කළේය .

මහානාම මහතා මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් අයතා අන්දමින් මුදල් ඉපැයීමට සම්බන්ධ වූ බවත්,එම ඉපැයීම් වලින් ලබාගත් දේපල වෙනත් පුද්ගලීන්ගේ නමින් රැස්කර ඇති බවත්  සදහන් කරමින්  මත්ද්‍රව්‍ය ජවාරම්කාරයින් දෙදෙනෙකු අනුරාධපුරය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට කළ පැමිණිල්ලක් අනුව  ව්මර්ශන   ආරම්භ කළ බව  රහස් පොලිසිය කරුණු දක්වමින්  පැවසීය.

මහානාම සැකකරු ට එරෙහිව  මුදල් විශුද්ධිකර්ණය වැලැක්වීමේ පනත යටතේ විමර්ශන ආරම්භ කළ බව ත් , මහානාම සැකකරුගේ සහායෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කලේ යැයි කියන  අනුරාධපුරයේ  හෙරොයින් සහ අයිස් ජාවාරමට ප්‍රසිද්ධ ධර්ම ශ්‍රී පුෂ්ප කුමාර,ලංකා  උමා පතිරණ නොහොත් කුඩු මැණිකේ නැමැති පුද්ගලයින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කළ බවත්,සඳහන් කළ රහස් පොලිසිය පැමිණිලිකාර  සැකකරුවන්ගේ හා මහානාම සැකකරුගේ පෙර වැරදි සම්බන්ධයෙන් රහස් පොලිසිය,  අල්ලස් කොමිසම, වංචාව විමර්ශන ඒකකය,සුරා බදු ඒකකය,රේගුව ,මත්ද්‍රව්‍ය විමර්ශන කාර්යාංශයේ ,අපරාධ කොට්ඨාසය ඇතුළු රජයේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන එකොළහකින් වාර්තා කැඳවා ඇති බවද කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

සැකකරු දීර්ඝ  කාලයක් තිස්සේ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට ඉඩ සලසා ඇති බවත්,එමගින් උපයන මුදල් දින පතා "ඊසි කෑෂ්" ක්‍රමයට ලබාගෙන වෙනත් පුද්ගලයන්ගේ නමින් රැස් කර ඇති බවත් පැමිණිල්කාර  ජාවාරම්කරුවන් සඳහන් කර ඇති බවද කරුණු ඉදිරිපත් කළේය.

කරුණු සලසා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.



අදහස් (1)

සංජීව මහානාම ගැන පුළුල් විමර්ශනයක්

පැරකුම් Saturday, 07 September 2024 05:47 AM

අපි නම් අහලා තියෙන්නේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය කෙරෙන්නේ පොලිසියේ පූර්ණ දායකත්වය ඇතුව කියලයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 651 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 317 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1106 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site