හබරකඩදී ඉකුත් ජූලි 31 වැනිදා නීත්‍යනුකූල මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වල නිරත වෙමින් සිටියදී බාධා කළ බීමත් පොලිස් නිලධාරීයාට එරෙහිව විනය පියවර ගන්නා ලෙස ඉල්ලා අධිකරණ නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට එරෙහිව හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවතින නඩු විභාගය තාවකාලිකව අත්හිටුවමින් අද(16) අතුරු නියෝගයක් නිකුත් කළේය.
නීතිපති සිය තීරණය දැනුම් දෙන තෙක් මෙම අතුරු නියෝගය බලපැවැත්වෙන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
අදාළ සිද්ධිය මඟින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව මඟින් සහතික කර ඇති සමාන ලෙස සැලකීමේ අයිතිවාසිකම උල්ලංඝනය විය හැකි පදනම මත ලබන දෙසැම්බර් 14 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
මෙම සිද්ධියෙන් තමාගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවත්, ඒ වෙනුවෙන් රුපියල් මිලියන පහක වන්දි මුදලක් ලබා දෙන ලෙසද පෙත්සම මඟින් ඉල්ලා තිබේ. අතුරුගිරිය පොලීසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක මහානාම, පොලිස් සැරයන් ගාමිණිවංශ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේන් ගුණසේකර, නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර , පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුජීවගේ පෙත්සම විභාගයට
පුමුදු Thursday, 17 September 2015 04:58 AM
ඇමතිකම වැරදි නේද ? (ම)
චාමර Thursday, 17 September 2015 05:40 AM
මම මෛත්‍රීපාල මහත්තයටයි මේ ආණ්ඩුවටයි ජන්දෙ දීපු එක ගැන අවංකවම පසුතැවෙනවා (ම)
ලංකා Thursday, 17 September 2015 06:51 AM
මහ ලොකුවට කියන්නේනම් රටේ නීතියට ගරු කොරනවා කියලා.බලාගෙන ගියාම හැමෝම කරන්නේ තමාගේ වාසිය ගැන විතරයි.කවුරැවත් රටට ආදරේ කරන කෙනෙක් නැහැ.(ම)
දහම් Wednesday, 16 September 2015 11:51 AM
අනේ මේ රුපියල බහින එක නවත්තන්න කෙනෙක් නැද්ද? (බ)
දහම් Wednesday, 16 September 2015 11:51 AM
අනේ මේ රුපියල බහින එක නවත්තන්න කෙනෙක් නැද්ද? (බ)