(නිමල කොඩිතුවක්කු)
විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන තෙක් ඉදිරි පාර්ලිමේන්තු සැසිවාර වර්ජනය කිරීමට සමගි ජනබලවේගය තීරණය කර ඇත.
පාර්ලිමේන්තුවේ ප්‍රමුඛතම කාර්යභාරය බවට විශ්වාසභංග යෝජනාව න්‍යාය පුස්තකයට ඇතුලත් කර ඉතා ඉක්මනින් විවාදයට ගන්නා තෙක් පාර්ලිමේන්තු සැසිවාරයන් වර්ජනය කර සිටීමට පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇතැයි සමගි ජන බලවේගය මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
ජනතාව දිගින් දිගටම පවතින අර්බුදයට විසඳුම් ඉල්ලද්දී තව දුරටත් කල් මරමින් සිටීමෙන් පලක් නොවන බැවින් සමගි ජනබලවේගයේ මෙම තීරණය ගත් බවත් ඔහු තවදුරටත් පැවසීය.
COMMENTS
බොරු සෝබන දාන්නේ නැතිව 113 පෙන්නලා බලය ගත්තා නම් ඉවරයිනේ... තනිකරම බොරුව කරන්නේ..
පුදූමාකාර ජනතා කැක්කුමක්නේ... නිකන් පුස් කතා එපා. විස්වාස භංගය ගන්නකම් පාර්ලිමේන්තු වර්ජනය කරනවා කියලා. දැන් ඔය කොයි අප්පුහාමිටත් එළියට බහින්න බැරිවෙලා තියෙන්නේ. අපි දැක්කා පුහු චණ්ඩි කතා කියන්න ගිහින් මිනිස්සුන්ගෙන් අහගෙන ගිය හැටි. විය යුතු දේ සිදුවෙමින් පවතියි.
කොහොමත් දෙයියෝ, සල්ලියි මොළෙයි දෙකම එක පාර දෙන්නේ නෑ. ඒ වගේම බලයයි මොළයයි දෙකත් එක සැරේ දෙන්නේ නෑ. අපොයි දෙයියනේ...! මේ සජබයින්ට දෙයියො මොකුත් දීලා නෑ වගේ. බලෙත් නෑ, මොළෙත් නෑ ...!
විශ්වාස භංගය කියන්නේ එයාලගේ ප්‍රශ්නයට විසඳුම... රටේ ප්‍රශ්නවලට විසඳුම නෙවෙයිනේ...
තීරණය සාර්ථක වේවා. උද්ඝෝෂණයට ජයවේවා...!
ඔව්වා පරණ තැටිනේ? දැන් ඔය බයිලාවලට රැවටෙන්නේ නැහැ. වර්ජනය කරල පින්පඩිත් ගන්නවද?