IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සජබ ජාතික ලැයිස්තුවට වාරණයක්

(රෝෂන් තුෂාර)

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයකු ඇතුළත් නොකර මන්ත්‍රී ධුර හතර නම් කිරීම වළක්වමින් පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාට වාරණ නියෝගයක් කොළඹ දිසා අධිකරණය අද(12) නිකුත් කළේය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුක් හකිම් මහතා ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණ ය  නිකුත් කළේය .

අතිරේක දිසා විනිසුරු චමරි වීරසූරිය මහත්මිය විත්තිකාර රංජිත් මධ්‍යම බණ්ඩාර මහතාට ලබන 26 වෙනි දින අධිකරණය කරුණු දක්වන ලෙසටද නියෝග කළාය.

සමගි ජනබල වේගයේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිත ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පා  මහතා නම් නොකර  ජාතික ලැයිස්තුව සකස් කිරීම වළක්වමින් මෙම වාරණය නිකුත් කළ අතර විත්තිකරුට අතුරු තහනම් දැන්වීම් හා නොතීසි ද දිසා විනිසුරු වරිය  විසින් නිකුත් කළාය. 



අදහස් (5)

සජබ ජාතික ලැයිස්තුවට වාරණයක්

Mohamed Thursday, 12 December 2024 12:25 PM

සජබය වගේම ඔයගොල්ලන් අකුරින් වරද්ද ගන්නවා. රංජිත් අයියා දැක්කා නම් පව්නේ...

:       0       0

Jayasekara Thursday, 12 December 2024 12:34 PM

හම්බවෙච්චි තුට්ටුවටත් වලි වගේ... හවුලේ කෑවාම ඔහොම තමයි.

:       0       0

ඩුප්ලිකේට් රාලහමි Thursday, 12 December 2024 01:14 PM

සජිත්ට හොද පාඩමක් මේක කල් මර මර හිටියට ! නායකයෙක් වුණාම කොන්දක් තියෙන්න ඕනෑ වේලාවට තීරණ ගන්න

:       1       35

Kazi Shajahan Thursday, 12 December 2024 02:07 PM

සිව් දෙනෙක් පත් කරගන්ඩ බැරි නායකයෙක් කොහොමද අප්පා රටක් පාලනය කරන්නේ

:       0       0

Japanaa Thursday, 12 December 2024 11:57 PM

ඔය ලැයිස්තුව සිංහලෙන් නැතිව ජපන් භාෂාවෙන් ගොනු කළා නම් ඉවරයිනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 612 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site