මිහින් ලංකා සමාගමේ ගනුදෙනුවලදී රුපියල් මිලියන 833ක් පාඩු කළැයි අල්ලස් හෝ දූෂණ කොමිසම පවරා ඇති නඩුවට අද (20) අධිකරණය හමුවේ පෙනී සිටි හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන රුපියල් ලක්ෂ දෙක හමාරක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
සජින් වාස්ට ඇප
ඇසළ Wednesday, 21 September 2016 12:29 AM
අැවන්ගාර්ඩ් සේනාධිපතිගේ ලක්ෂ 355 ට ඇප නැහැ නේද? මෙයාගේ මිලියන 833 ට ඇප ලැබුනේ කොහොමද? මම මේ නොදන්නා නිසයි අහන්නේ
හෆීල් Tuesday, 20 September 2016 10:03 AM
මේ දවස්වල මාධ්‍යවල වැඩ්යෙන්ම පළවෙන්නේ හිටපු පාලකයන්ගේ දුෂණ වංචාවල්. (ර)
චානක ලොස් ඇන්ජලිස් Wednesday, 21 September 2016 01:43 AM
නීතියේ තිබෙන දුර්වලතාවය නිසාවෙනුයි පුද්ගලයන් බය නැතුව දුෂණ, මිනීමැරුම්, මුදල් අවභාවිතයන් වල යෙදෙන්නේ (නි)
සුමුදු Wednesday, 21 September 2016 03:28 AM
උස තැන් දැක හැකිළෙන්නේ, මිටි තැන් දැක පුප්පන්නේ, සිහලුන් බව සිතමින්නේ, අපේ පුතා රට යන්නේ. (නි)
සජී Wednesday, 21 September 2016 03:48 AM
අසේලගේ ප්‍රශ්නයම තමයි මටත් තියෙන්නේ (නි)
පාලිත Tuesday, 20 September 2016 05:17 AM
මිලියන 833ක් පාඩු කරලා, ඇපේට තිබ්බේ ලක්ෂ 2.5ක් ද. ඒ ගාන වැඩි නැද්ද. පව් ඔය අසරණයා දැන් දහ අතේ නයවෙයි ඔය ලක්ෂ 2.5 හොයාගන්න. (ම)
සුසන්ත Tuesday, 20 September 2016 06:36 AM
හරියටම හරි පාලිත. (ර)
විජේ Tuesday, 20 September 2016 07:15 AM
රත්වත්තේ මිලියන 10700 සජින් මිලියන 833 මේවා තව කොපමණ තියනවද ? දේපල රාජසන්තක කරලා අය කරගෙන අපට බදු වැඩිකරන එක නවත්වන්න (අ)
විද්‍යා Tuesday, 20 September 2016 03:12 PM
පාද යාත්‍රාවට තව පාද දෙකක්. (අ)
අනිල් Tuesday, 20 September 2016 04:46 PM
විද්‍යා, මෙයා නිදහස්වීම අපිට නම් පුදුමයක් නොවෙයි (නි)
පද්මිණී Wednesday, 21 September 2016 05:33 AM
මෙයාව නිදොස් කොට නිදහස් කරලා නැද්ද රදලියගොඩ වගේ. (බ)