IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සජින්ගේ කෝටි පනහේ ඉල්ලීම විසිවේ

ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන අයුතුලෙස පරිහරණය කළැයි රිමාන්ඞ් බාරයට පත් කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීරණය කර ඒ වෙනුවෙන් රුපියල් කෝටි 50ක වන්දියක් ඉල්ලා හිටපු පාර්ලිමේනතු මන්ත්‍රී හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ප‍්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨධිකරණය අද(24) තීන්දු කළේය.

එම චෝදනා සම්බන්ධයෙන් පෙත්සමකරුට එරෙහිව නඩුවක් කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙහි විභාග වන හෙයින් ඔහු අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩවී නොමැති බැවින්  මෙම පෙත්සම විභාගයට ගැනිමට අවසර දීමට තරම් ප‍්‍රමාණවත් කරුණු නොමැති බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම නිෂ්ප‍්‍රභ කළේය.

අගවිනිසුරු කේ.ශ්‍රී  පවන් , චන්ද්‍ර ඒකනායක සහ උපාලි අබේරත්න යන ශ්‍රේෂ්ඨධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳැවිණි.

 



අදහස් (0)

සජින්ගේ කෝටි පනහේ ඉල්ලීම විසිවේ

සිරි Saturday, 25 July 2015 04:24 PM

අපෝ මෙයාගේ ඒ දවස්වල තිබුන උෂ්ණත්වය?දැන් ...? (නි)

:       0       0

මොහමඩ් ෆාරුක් Saturday, 25 July 2015 08:06 AM

මොහු ( සජින් වාස් ) සහ මම කාලයක් ඩුබායි වල සුළු සේවකයෙක් ලෙස රැකියාව කළා. එකළ මොහු ඉතා හොඳ මනුස්සයෙක් ,දැන් නම් වෙනස් වෙලා , මාවත් අඳුරන්නේ නැහැ. (ස)

:       0       0

සත්‍යයා Friday, 24 July 2015 12:47 PM

මේ අයට නඩු කියන්න මුලික අයිතිවාසිකමුත් තියනවානේ. හොරකම් කරන කොට ජනතාවගේ මුලික අයිතිවාසිකම් ගැන නිකමටවත් හිතිලා නැහැ. අධිකරණයට ජය වේවා! (නදී)

:       0       0

සල්ගාදු ප්‍රන්සය Friday, 24 July 2015 01:24 PM

මේ අය සොරකම් කරේ වංචා කලේ මහජන මුදල් , ඒවායින් මුලික අයිතිවාසිවසිකම් කැඩුනේ අහිංසක දුප්පත් මින්සුන්ගේ , දහදිය මහන්සියෙන් හම්බ කරලා බදු ගෙව්වේ රජයට , මේ අය හරිනම් කොටි ගණන් ආපසු ගෙවිය යුතු , රටේ අහිංසක ජනතාවට (අ)

:       0       0

ජනක අලහප්පෙරුම ලන්ඩන් Saturday, 25 July 2015 03:14 AM

උගත්, රටට විශාල වැඩ කොටසක් කල ලන්ඩනයේ හිටපු මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් මහතාට මොහු කටු කන කාලයේ විශාල ලෙස අපහාස කළා.(නදී)

:       0       0

කැනඩා දිසා Saturday, 25 July 2015 03:19 AM

කිසි කෙනෙක් දන්නේ නැහැ මෙයා කව්ද කියලා..?...මෙයා අතේ පරණ ලොක්කගේ සල්ලි තියෙනවා. හැබැයි ලංකාවේ නොවෙයි පරණ ලොක්කගේ පුද්ගලික දේවල් ඔක්කොම මෙයා දන්නවා (නදී)

:       0       0

පරාක්‍රම Friday, 24 July 2015 01:57 PM

විකිපීඩියාව තුලින් සොයා බලන්නෙකුට මෙතුමාගේ පැටිකිරිය හා කැරැට්ටුව ගැන හොඳ අවබෝධයක් ලැබිය හැක. (අ)

:       0       0

පාලිත Saturday, 25 July 2015 06:26 AM

මූ හොරා කාල මදිවට, තව නඩු දාලත් සල්ලි ගන්නද හදන්නේ. පල් හොරා. (ස)

:       0       0

විජිත් Friday, 24 July 2015 07:26 PM

ඩුබායි වල මුට්ට කරගහපු කාලේ දැන් අමතක වෙලා වගේ නේද...?(නදී)

:       0       0

නන්දලාල් ප්‍රංශය Friday, 24 July 2015 11:08 AM

මැතිවරණ වියදම් සඳහාද රුපියල් කෝටි ගණනක් ඉල්ලලා නඩු දැම්මේ ? (නදී)

:       0       0

අතුල Friday, 24 July 2015 08:29 PM

කම්බා හොරු වන්දිත් ඉල්ලති. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site