IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සංචාරකයන්ට ගුවන්තොටේදී කරදර වැඩි වෙලා

(නිමල කොඩිතුවක්කු)

කටුනායක ගුවන්තොටුපලෙන් ගෙඩබසින් සංචාරකයින්ගෙන් විවිධ පැමිණිලි හා මැසිවිලි දිනෙන් දින වැඩිවෙමින් පවතින බවත් ඔවුන්ට හිරිහැර කරන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවත්  වරාය නාවික හා ගුවන්සේවා අමාත්යන නිමල් සිරිපාල ද සිල්වා මහතා කොළමදී අද (28) පැවසීය.

ගමන්මලු ඔසවන්නන්, ටැක්සි රියදුරන් හා තැරව්කරුවන්ගෙන් සංචාරකයින්  විවිධ අක්‍රමිකතාවයන් සහ හිරිහැර වලට ලක්වන බවට පැමිණිලි ලැබී ඇති බවත්  අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ලොව බොහෝ ගුවන්තොටුපලවල තිබෙන අචාරශීලි බව හා සුහද බව කටුනායක ගුවන්තොටුපලේ නැති බවත් ගුවන්තොටුපල බලධාරීන් සමඟ අද (28) පැවති සාකච්චාවකදී ඔහු පැවසීය.

සංචාරක සමය එලඹීමත් සමඟ මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් ප්‍රමාණය විශාල වශයෙන් වැඩි වී ඇති බැවින් මේ සම්බන්ධයෙන් දැඩි පියවරයන් ගැනීමට කටයුතු කරන ලෙසට අමාත්‍යවරයා ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපතිවරයාට සහ නිලධාරීන්ට එහිදී නියෝග කලේය.

මෙවැනි අක්‍රමිකතාවන් වල යෙදී හසුවන අයට දැනට පනවා ඇති රුපියල් 25,000 දඩය රුපියල් 100 000 දක්වා වැඩි කිරීමටත් එහිදී තීරණය කෙරිණ.

එමෙන්ම මෙවැනි ක්‍රියාවන්හි නියැලෙන්නන් හසුකර ගැනීමට සිවිල් ආරාක්ෂරක කණ්ඩායමක් යෙදවීමටත්, සී.සී.ටී.වී. කැමරා පද්ධතිය පුළුල් කිරීමටත් උපදෙස් දුන් අමාත්‍යවරයා  මෙම පැමිණිලි භාරගැනීමට සහ  ක්ෂ්නිකව ක්‍රියාත්මක වීමට විශේෂිත කවුළුවක් ස්ථාපිත කිරීමටද උපදෙස් දුන්නේය.



අදහස් (3)

සංචාරකයන්ට ගුවන්තොටේදී කරදර වැඩි වෙලා

karolis Tuesday, 28 March 2023 03:01 PM

සියල්ල කුණු වී ඇති රටක ගුවන් තොටුපල විතරක් ඉතුරු වෙයිද ඉතින්?

:       4       24

පිටිගල මිලානෝ Tuesday, 28 March 2023 03:34 PM

වෙන්නප්පු, මීගමු, පුත්තලම් බූරුවන්ගේ ලයිසන් ටැක්සි මාෆියාව, හොර ටැක්සි මාෆියාව නැතිකර ප්‍රමිතියක් ඇති වාහන පමනක් යොදවන්න. වායුසමීකරන ස්විච් එක පමනක් ඇති කෑලි හැලෙන වාහන බොහෝ ඇත. මූලිකව ටැක්සි කවුන්ටරයට ගෙවන්නේ සුඛෝපභෝගී වාහනයකට වුනත් ඇත්ත වාහනය දුටුවිට පයින් යන්න හිතෙනවා.

:       0       29

kamal Tuesday, 28 March 2023 04:03 PM

මේ තැරව් කරුවන් නම් මහ වදයක්.

:       0       32

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 440 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1034 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site