IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


සචින්ගේ 'හිතුවානම්' ගීතය එළිදකී

 

20160830Sachin-1

​​සචින් චතුරංග ගායන ක්‍ෂේත්‍රයට නවකයෙකු නොවූවද ජූලි මාසයේදී ඔහුගේ කුලුඳුල් ගීතය රසිකයන් වෙත නිකුත් කළේය. 'හිතුවා නම්' නමින් එළිදැක්වූ එම ගීතයට රසික ප්‍රසාදය හොඳින් ලැබී ඇති අතර, එහි පද රචනය හා සංගීතය විරාජ් පෙරේරාගෙනි. නව යොවුන්වියේ පසුවන චතුරංග ඒ පිළිබඳව හා ඔහුගේ කලා තොරතුරු සම්බන්ධයෙන් සාරවිට සමඟ කළ සංවාදයකි මේ.

ඔබගේ ගීතය රසික රසිකාවියන්ට එළිදැක්වූයේ කවදාද?

මම මෙම ගීතය දැනට මාස දෙකකට කලින් ඒ කියන්නේ ජූලි මාසයේ එළිදැක්වුවා.

 

20160830Sachin-2ඔබගේ මෙම ගීතය දැනට ප්‍රචාරය වෙනවාද?

ඔව්. මම මෙම ගීතය හිරු, වයි, ලක්හඬ යන රේඩියෝ නාළිකාවල ප්‍රචාරණය සඳහා ලබා දුන්නා.

 

කොහොමද ගීත කලාවට පිවිසෙන්නේ?

අවු. 5-6 ඉඳන්ම සිංදු කියන්න වගේම සංගීතය ඉගෙන ගත්තා. මුලින්ම මට සිංදු කියන්න ලැබුණේ ගමේ සංගීත ප්‍රසංගයක. එතකොට මට අවු. 7 යි. පවුලේ අයගෙන් වගේම සංගීතය බලන්න ආපු ගොඩක් අයගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. එදා මට ගොඩක් සතුටක් දැනුණ දවසක්. ඊට පසසේ තව තව ගමේ තිබුණු සංගීත ප්‍රසංගවල සිංදු කියන්න හම්බවුණා. ඊට පස්සේ මට ලොකු හීනයක් තිබ්බා, ලංකාවේ කවදා හරි ආර්ටිස්ට් කෙනෙක් වෙනවා කියලා. මම හැමදාම උත්සහ කළා සිංදු කියන්න අවස්ථා ලබාගන්න. කොරතොට සෝමානන්ද විද්‍යාලයේ ප්‍රධාන රැස්වීම අවස්ථාවේදීත් මට මගේ දක්ෂතා පෙන්නන්න අවස්ථාව ලැබුණා. ඒ තුළින් ගුරුවරුන් හා අනෙක් සිසුන්ද මට ගොඩක් සමීප වුණා. කාලයක් මට යාළුවන් අතරේ ‘මියුසික් පිස්සා’ කියලත් නම් හැදිලා තිබුණා. ඊට පස්සේ මට බ්ලූ ස්ටාර් සංගීත කණ්ඩායමට එකතුවීමට අවස්ථාව ලැබුණා. තව තවත් ඉස්සරහට යන්න එය මට හයියක් වුණා. ඊට පසු මගේ පියාම මට සිංදුවක් එළිදක්වමු නේද කියලා ඇහුව්වා. මමත් එයට ගොඩක් සතුටින් කැමති වෙලා තමා විරාජ් අයියාගෙන් ‘හිතුවානම්’ සිංදුව නිර්මාණය කළේ.

 

මෙම ගීතයෙන් කියවෙන්නේ තමන්ගේම අත්දැකීමක්ද?

අනේ නෑ. මේක මගේ අත්දැකීමක් නෙමේ. මෙය මගේ යාළුවෙකුට සිදුවුණ සිද්ධියක් මුල්කරගෙන තමා මෙම ගීතය නිර්මාණය කළේ. මොකද ඒ වගේ අත්දැකීම් මට නම් තාම ලැබිලා නැහැ.

 

සංගීත ක්ෂේත්‍රය ගැන ඔබට මොනවද හිතෙන්නේ?

සංගීත ක්ෂේත්‍රය ගොඩක් හොඳයි. මම කැමති හැමදාමත් සංගීතයත් එක්ක ඉන්න. තව තව අලුත් දේවල් එකතුකරගෙන ඒවා මගේ නිර්මාණවලට එකතු කරන්න.

 

ඔබේ ගීතය රසික රසිකාවියන් අතරේ ජනප්‍රිය වේවි කියා ඔබ හිතනවාද?

මම හිතනවා. මෙම ගීතය ගොඩක් ජනප්‍රිය වේවි කියා. මොකද දැනට එන ප්‍රතිචාරනම් ගොඩක් හොඳයි. ඒ එය මෙම ගීතය ගොඩක රස විඳලා තියෙනවා.

 

ඉදිරි බලාපොරොත්තු මොනවද?

තව තවත් නිර්මාණ රැසක් ඉදිරියට ගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් මම ගොඩාක් කැප වෙනවා.

 

මෙම නිර්මාණය කිරීමට ඔබ පසුපස සිටියේ කවුද?

මගේ අම්මා, තාත්තා තමයි ගොඩක්ම මට සංගීතය අංශයෙන් ඉස්සරයට යන්න උදව් කළේ. ඒ වගේම මා කුඩා කාලෙ ඉඳලම ලොකු අම්මා සහ ලොකු තාත්තා මගෙ ළඟින්ම හිටියා. ඒ වගේම මගේ යාළුවොත්, ගම්වැසියනුත් එහෙමම තමයි. ඒ හැම දෙනාම මෙම ගමනට මට ශක්තියක් වුණා. විශේෂයෙන් විරාජ් අයියවත් මතක් කරන්න  ඕනේ. මම මියුසික්වල ලොකු අත්දැකීමක් විරාජ් අයියාගෙන් ඉගෙන ගත්තා. විරාජ් අයියා ලොකු සහයෝගයක් මගේ නිර්මාණ කටයුතුවලට ලබාදුන්නා.



අදහස් (0)

සචින්ගේ 'හිතුවානම්' ගීතය එළිදකී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site